♨️අයිරින් ඩිලානි♨️ නොසැලෙන දියණි (35 වන කොටස)
- Prisila Godahewa

- Jul 13, 2021
- 4 min read
මම දැන් නවාතැන්ගෙන සිටින නුවරඑළියේ, කන්‍යාරාම භූමියට මම බොහෝ ආදරය කරන්නෙමි..... සැමදා උදයේ කන්‍යාරාම භූමියේ, සිතල මීදුම අතරින්....., වටපිටාවේ සුන්දරත්වය විඳමින් කඳු මුදුන් ,මිටියාවත් හා තේ වතු අතරින් ඔහේ ඈතට ඈතට ඇවිද යන්නෙමි ......ඇවිද යන පාරේ තැන තැන වැවි ඇති ලස්සන පාට කැලෑ මල් කඩා එකතු කර ගෙන ගොස්, දේවස්ථානයේ අල්තාරය දෙපස, මල් බඳුනට දමා, හැඩ බලමින් සතුටක් ලබන්නෙමි.... උදේ හවස පුංචි පැරණි දේවස්ථානයට ගොස් බොහෝ වේලාවක් පල්ලියේ බංකුවක වාඩි වී දෙවියන් නැමැඳ යාච්ඥා කරන්නෙමි....මටත් , මගේ සහෝදරයන් ඇතුළු දන්න කියන හැමෝටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා....මගේ අනාගතය ශක්තිමත් කර ගැනිමට, මට ඔබගේ පිහිට ආරක්ශාව නිබඳව ලැබේවා... ජේසු පිහිටයි ! ....ආමේන්....!
සිස්ටර් ෆර්නි කිව් ලෙස ලඟදීම මට මගේ සහෝදරයන් සොයා කොළඹ යෑමට ලැබෙන එක ගැන, මට ඇත්තේ නොවිසිල්ලි ගතියකී...... මගේ හිතේ ඇති බලාපොරොත්තුව දැනගෙන ,..... සිස්ටර් ෆර්නි මට උදව් කරන්න කැමති බව දැනගත්දා සිට මම ඇයටත්, මටත් සහෝදරයන්ටත් නොනවත්වා යාච්ඥා කරමින් ඉන්නෙමි ...... පල්ලියට ගොස් පැය ගනන් මම දෙවියන් නැමැඳ, යාච්ඥා කරමින් මගේ සහෝදරයන් මට පුලුවන් ඉක්මනට සොයා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමින් ඔරසම් කියන්නෙමි .....
පල්ලියේ බංකුවක ඉදගෙන බොහෝ වේලාවක් දෙවියන්ට යාච්ඥා කරමින් ඉද....තවත් බොහෝ වේලාවක් නිදහසේ දේවස්ථානය තුල වාඩිවි සිටින මට....... කවුරුන් හෝ දෙතුන් දෙනකු, මා දෙස එක එල්ලේ බලා ඉන්නා බවක්, මට චායාවක් මෙන් පෙනින....මම ඔවුන් දෙස හැරි බලනවාත් සමගම, ඔවුන් කඩිසර ගමනින් මට පිටුපා දේවස්ථාන බිමෙන් පිටවි ඇවිදගෙන කනත්ත පැත්තට යනවාද දුටිමි..... මම ඒ වහා දේවස්ථානයෙන් පිටවී ඔවුන් පිටුපස ටික දුරක් ඇවිද යමින් .....ඔවුන් යන දෙස බලා උන්නෙමි..... දේවස්ථාන බිමේ සිට පාළු සොහොන පැත්තට කඩිනමින් ඇවිද යන පිරිමි තුන් දෙනා ගැන මට ඇති උනේ සැකයකී....ඔවුන් තොප්පි පැළද, කළු, අළු දිග කබායවල් ඇද හිදී.....මට පිටුපා යන ඔවුන්ගේ මුහුණවල් මට හරියට නොපෙනේ....ඔවුන් මට පිටුපා කළබලයෙන් කනත්තේ සොහොන් අතරට ඇවිද යන හැටි මම බලා සිටියෙ සැකයකිනි..... ඉරිදා දවසේ පල්ලියට එන මේ පළාතේ කතෝලිකයන්, සෑම කෙනෙක්ම වාගේ මම දැන් හොදින් හඳුනන නමුත්..... දේවස්ථානය තුල මා දෙස බලා සිටි ඔවුන් කවුද කියා මට කුතුහලයක් ඇති වි ඇත. ගුරු පාර දිගේ සොහොන පැත්තට ඇවිද ගිය ඔවුන් ඈත සොහොනක් ඉදිරියේ නැවති, මොනවද කරනු මට පෙනේ.....ඔවුන් දෙස විපරමින් බලා සිටියදී....අවට භූමිය මීදුම් වලාවකින් වැසී යන්නට විය..... මීදුමෙන් අවට පරිසරය වැසි යන මොහොතේ මම කඩිනමින් බංගලාව තුලට ඇවිද ගියෙමි.
"අයිරින් කොහේද ගියේ..."
"මම පල්ලියට ගිහින් කනත්ත පැත්තටත් ගියා.... කවුද පිරිමි තුන් දෙනෙක් පල්ලියට ඇවිත් මගේ දිහා බලන් ඉදලා කන්ත පැත්තට ගියා.... කවුද දන්නෙ නෑ.... සොහොනක් ලග ඒ අය නැවතුනා.
"කවුරු හරි මළගිය කෙනෙක් බලන්න එන්න ඇති...."
"මට නම් ඒ අය දැකලා බයත් හිතුනා ..."
" මේ පළාතේ අපි නොදන්න අයත් මේ පල්ලියට එනවා අයිරින්.....ඒ කවුරු හරි වෙන්නැති .....ඔයා මොනවට බය වෙනවද...? ඒක නෙමේ අයිරින් මම ඔයාව හෙව්වෙ ...අලුත් ආරංචියක් කියන්න .....මම ලොකු මදර් ගෙන් අවසර ගත්තා ඔයත් එක්ක මීගමු කොන්වන්ට් එකට යන්න..... අපි එහෙනම් අනිද්දට මීගමු ගිහින්....අයිරින් හිටිය කොන්වන්ට් එකේ, ඔෆිස් එකෙන්, ඔයාගෙ දෙමව්පියන් ,ඔයාගෙ ලොකු මමීගෙ විස්තර එහෙම හොයලා බලමු..... ඔයාගෙ ලොකු මමිගෙ පරන ගෙදර ඇඩ්ඩ්‍රස් එකත් හොයාගන්න බලමු......ඊට පස්සෙ අපි ඒ ගෙවල් හොයාගෙන යමු අයිරින්.....ලොකු මමීලා ආපහු ලංකාවට ඇවිත් ඉන්නත් බැරි නෑනේ...."
" අනේ මට හරි සතුටුයි සිස්ටර් .....ලොකු උදව්වක්, පිනක් සිස්ටර් මට උදව් කරන්න හිතපු එක...."
"මදර් තෙරේසා තමයි මට කිව්වේ ඔයාට උදව් කරන්න ඕනේ කියලා......මේ කන්‍යාරාමයේ ඔයාව අපට දිගටම තියාගන්නත් බෑනේ...පහුගිය අවුරුද්ද තුලම මදර් තෙරේසා ඔයා ගැන බලන් ඉදලා තියෙනවා......ඒත් ඔයාට දැන්ම කන්‍යාතුමියක් වෙන්න පුලුවන් කමක් නෑ කියලා , මදර් හිතනවා....ඒ නිසා ඔයාට රස්සාවක් හොයලා දීලා, ඔයාට අලුත් නවාතැනක් හොයලා දෙන්න ඕනෙ කියලත් , මදර් කියනවා.....ඒ එක්කම මදර් තීරණය කරලා, ඔයාගෙ නෑදෑයො හොයලා දීලා ඔයාව මෙහෙන් පිටත් කරන්න ඕනේ කියලා.....මොකද මේ කන්‍යාරාමයේ ඉන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන් කැපවුන සහොදරියන්...ඔයා වගේ කෙනෙක් අපට දිගටම මෙහෙ තියා ගන්න බෑ කියලා මදර් කියනවා..... ඔයාට අපි ඉන්න තැනට දැන්ම එන්න අමාරුයිලු....මොකද ඔයාගෙ හිතේ තව ඉශ්ට කරගන්න ලොකු වැඩ කොටසක් තියෙනවානේ....ඔයා අපට වඩා වෙනස්...."
"මම දන්නවා සිසිටර් මමත් කැමතියි ඔබ වගේ කන්‍යාතුමියක් වෙන්න..... ඊට පෙර මට මගේ සහොදරයන් හොයාගෙන ඒගොල්ලන්ට හොද කලක් යවන්න ඕනේ .....ඊට පස්සේ තමයි මගේ කැමැත්ත වෙනුවෙන් කැපවෙන්න පුලුවන් ...."
"ඔව් ඉස්සෙල්ලා ඔයාගෙ ප්‍රශ්න විසදගෙන ඉන්න...නැතිව වෙන දේවල් ඔලුවේ තියාගෙන කන්‍යාතුමියන් ලෙස කටයුතු කරන්න අමාරුයි ..... අපි අනිද්දට මීගමු ගිහින් බලමු....."
"අයිරින් ඔයාට මදර් තෙරේසා කතා කරනවා..... ගිහින් බලන්න ඔෆ්ස් එකේ ඉන්නේ..."
සිස්ටර් කැමලා පැමින මට කිවාය.
"හොදයි සිස්ටර් ..."
මම කඩිනමින් ලොකු මදර් නොහොත් මදර් තෙරේසාගේ කාමරයට ගියේ .....ඇය හදිසියේ මට කතා කරන්න හේතුව දැන ගැනිමටයි ...."
පරණ බංගලාවේ ඉස්සරහ කාමරේ ඇති මදර් තෙරේසාගෙ කාමරයට මම ඇතුල් උනේ හිතේ පොඩි චකිතයකුත් එක්කයි...
"එන්න අයිරින් ...ඔයාට සුභ ආරංචියක් කියන්න තියෙනවා...
"මොක්ක්ද මැඩම්...?
"ඔයාට මම ජොබ් එකක් හොයා ගත්තා...."
"අනේ මට අහන්නත් සතුටුයි ....ඒ කොහේද මදර්....."
" ලොකු දුරක නෙමේ.....මේ කන්‍යාරාමයට එන පාරේ තියෙන ලොකු තේ වත්තේ ,තියෙන කර්මාන්ත ශාලාවේ ....ඔෆිස් එකේ...."
"මට මොනවද මදර් ඒ ඔෆිස් එකේ කරන්න තියෙන වැඩ....?
"ඔෆිස් එකේ ක්ලාක් ජොබ් එකක් තමයි .. ....සදුදාට ඉන්ටර්විව් එකට ගිහින් බලන්නකෝ.... ඒ තේ වත්තේ අයිතිකාර මහත්තයා, ඉදහිට මේ පල්ලියට එනවා....ඒ ආපු වෙලාවක මම එයාගෙන් අහපු ඔයාගෙ ජොබ් එකට, එයා උත්තරයක් අද කෙනෙක් අතේ එවලා තිබුනා....ඔයාගෙ ඉංග්‍රීසි දැනුම හොදයි කියපු නිසයි, ඔෆිස් එකේ වැඩට ගැලපෙනවද බලන්න එන්න කියලා තියෙන්නේ.......ඔයා සදුදාට ගිහින් බලන්නකෝ....."
"මට හරිම සන්තෝෂයි මදර්....බොහෝම ස්තුතියි ...."
"ඔයාට මේ බංගලාවේ ඉදලා ඇවිදගෙන යන දුරින් ඒගොල්ලන්ගෙ ෆැක්ටෙරි එක තියෙන්නේ...ඔයා සිස්ටර් ෆුර්නි එක්ක සදුදාට එතනට ගිහින් බලන්න ..."
"හොදයි මදර්...බොහෝම ස්තුතියි මම ගැන කතා,කරලා ජොබ් එකක් හොයලා දෙන්න බලනවට....
මට මේ සෙනසුරාදාට මීගමුවේ මගේ පරන කොන්වන්ට් එකට, සිස්ටර් ෆර්නි එක්ක ගිහින් එන්න කියලත් ඔබ තුමිය කියලා තිබුනා........"
"ඔව් මම සිස්ටර් ෆර්නිට කිව්වා...... මම මීගමුවේ කොන්වන්ට් එකට කතා කරලා ඔයා සෙනසුරාදා එහේ එන බව කියලා තියන්නම් එතකොට ඒගොල්ලන්ට, ඔයාගෙ පරණ ෆයිල් හොයලා තියා ගන්නත් පුලුවන් නේ....අවුරුදු එකලොහකට උඩදි නේ ඔයා එහෙ හිටියේ...ඔයා එහෙනම් සෙනසුරාදා සිස්ටර් එක්ක ගිහින් ඒ වැඩෙත් බලලා එන්න....ඒ වගේම එන සදුදාට ඔයා මිස්ට රණදේවගේ ෆැක්ටෙරි එකේ ඉන්ටර්විව් එකටත් යන්න....".
"හොදයි මදර්..."
මම බදුල්ලේ බාලිකා නිවාසයෙන් පැන නුවරඑළියේ පදිංචියට විත් දැන් අවුරුද්දක කාලයක් නික්ම ගොස් ඇත.... කන්‍යාරාමයේ පරිසරයට මම දැන් හොදටම පුරුදු පුහුණු වී ඇත. කන්‍යාරාමයේ සියලු සිස්ටරස්ලා මදර්ස්ලා හැමෝම ආදරෙන් මට සැලකීම මගේ හිත සතුටින් පුරවන්න සමත් වි ඇත.
අම්මා තාත්තා සහොදර සහෝදරියන් කිසිත් නැති අනාත දැරියක් වු මම, මගේ ජීවිතය මගේ ආගමට අනුව ගෙන ගිය කෙනක් වෙමි.....ආදර ජේසුනි ඔබගේ ආශිර්වාදයෙන් මගේ ඉදිරි අනාගතය සැපවත් කර දෙනු මැනවි.....! අවුරුදු ගනනාවක්
ගෙවුන හැම නිමේෂයකම මා විඳි කටුක වේදනාවන් වලදි, මට මගේ සිතට එඩිතර තීරණ ගන්න සලස්වා මා ආරක්ශා කර දුන් ඔබ වහන්සේට මා දහස් වාරයක් ස්තුති වන්ත වෙමි.....! ඔබ වහන්සේගෙන් මට, ලැබුනාවු සැඟවුනු ආශිර්වාදයන්ට, ලැබුනු ශක්තියට, මම බොහෝ ස්තූති වන්ත වෙමි......
පෙරදින මම අනාත දැරියක් සේ පාළිකාවන්ගෙ දරදඩු පාලනය ඉවසා ගනු නොහැකිව දෑත් අහසට දිගු කරමින් හඬා වැලපුනු හැටි.... .බයෙන් තැවුන හැටි ......කණගාටු උන හැටි......
අද දින මට සතුටින් අහස දෙස බලමින්, මා අද ඉන්නා සුරක්ෂිත ස්තානය වෙනුවෙන් දෙවියන් වහන්සේට ස්තුති වන්ත විය හැක.....ඔබ වහන්සේගේ අශීර්වාදය වෙනුවෙන් මම ඔබට බොහෝ ස්තුති වන්ත වෙමි..........
මම මීගමුවේ කොන්වන්ට් එකෙන්, බදුල්ලේ බාලිකා නිවාසෙටත්, එයින් කුසුමෙ නැන්දාගේ දුවගෙ ගෙදරටත්, එතනින් පැරණි බංගලාවේ කන්‍යාරාමයටත්, වැටි දැන් ගෙවනා නිදහස් ජීවිතය ගැන සෑහීමකට පත් වෙමින් ඉන්නෙමි.
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *




Comments