top of page

♨️අයිරින් ඩිලානි ♨️ නොසැලෙන දියණි (32 වෙනි කොටස)

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jul 13, 2021
  • 8 min read

"කවුද මේ රෑ දොර කඩන්න හදන්නේ ....මොන කරදරයක්ද මන්දා ....පොඩ්ඩක් ඉන්නවා ,මම ජනේලය අරිනකම්.... "


"කුසුමෙ නැන්දේ ....කුසුමෙ නැන්දේ මේ මම බාලිකා නිවාසේ ඩිලානි ...මට කරදරයක් නැන්දේ ....ඉක්මනට දොර අරින්න....අනේ නැන්දේ ...."


"කවුරු කිව්වා...??


"මම මේ අර කන්ද උඩ නිවාසේ ඩිලානි ...."


"ඈ...මේ.... ළමයනේ...ඇයි දරුවෝ....?.මේ රෑ.... මොකද මේ කරන්නේ...? ...මේ අර නිවාසෙ සුදු ළමයා නේද...? අර ලතා එක්ක, නිතර මාකට් යන සුදු ලමයා නේද?


"ඔව් නැන්දේ ....අද ලතා අක්කා ගමේ ගිහින්....මට මෙහෙට එන්න කිව්වේ ඩිංගිරි අම්මා.......මට කරදරයක් වෙන්නයි ගියේ...මම නිවාසෙන් පැනලා ආවා...මට ආයෙත් නිවාසෙට යන්න බෑ නැන්දේ .......ඩිංගිරි අම්මා කිව්වා කුසුමෙ නැන්දා මට උදව් කරයි කියලා ......."


"එළිය හොදටම සීතලයි නේද..?....එන්න එන්න ගෙට....කවුරුවත් දකින්න ඉස්සර...."

"බොහොම,ස්තුතියි නැන්දේ...."


" දැන් කියන්න බලන්න මම උදව් කරයි කියලා කවුද කිව්වේ.....? ඇත්තටම මොකද උනේ ඔය ළමයට....?අනේ මන්දා මම ඔය නිවාසෙ දේවල් වලට අත දාන්න කැමති නෑ....."


"අනේ නැන්දේ මම ලොකු අමාරුවක වැටිලා ඉන්නේ....මට උදව් කරන්න ....පිං සිද්ද වෙයි...."


"මම දන්නවා ඔය නිවාසෙ වෙන දේවල් .....දැන් අද මොකද උනේ ඔය ළමයට....? ඩිංගිරි අක්කද කිව්වෙ මෙහෙ එන්න කියලා ...?


"අනේ ඔව් නැන්දේ ...."


"ඔය නිවාසෙ ඇහැට කනට පේන ළමයින්ට ,ලොකු ගෑනි ඉන්න දෙන්නෙ නෑ......නිවාසෙ කිට්ටුව තියෙන එකම ගෙදර මේ ගෙදර නිසා, මම ඉතිං ඕවා දන්නවා.......ඔය නිවාසෙ මග ගෑනිට නම් හොදක් වෙන්නෙ නෑ ඔය කරන වැඩ වලට....ගෑනු ලමයි ඔය ගෑනි විකුනනන්වා කොළඹ හෝටල් වලට..... ලොකු මුදල් වලට කියලා ආරංචියි ....පොලීසියට කිව්වට වැඩක් නෑ. .....කවුරුත් නෑනේ ඔය ගෑනිව හිරේ අරින්න..... ..මේ පළාතේ පොලිසියේ උනුත් ඒ ගෑනිගෙ පැත්තෙනේ...නිවාසෙන් පැනලා පොලිස් ගියත්, .....පොලිසියෙන් කරන්නේ අවවාද කරලා ඒ ගෑනු ලමයි ආපහු , ඒ ගෑනිටම භාර දෙන එක...පොලිසියේ අයත් රෑට රෑට ඔය මඩමට රිංගනවා...මම ඉතිං නොදන්න දේවල් නෙමේ ..."


"අනේ නැන්දේ මම දැන් මොකද කරන්නේ...?


"එලිවෙන ජමේ වෙනකම් ඔය ළමයට මේ ගෙදර ඉන්න පුලුවන්..... හැබැයි අනිවාර්යයෙන්ම හෙට උදේට පාළිකාව පොලිසියෙන් එක්ක ඇවිත් ඔය ළමයව මේ ගෙදරත් හොයයි...."


"අනේ අපි දැන් මොකද කරන්නේ නැන්දේ.... මට නම් ආයෙත් නිවාසෙට යන්න බෑ....මට බයයි.....මැඩම් මාව අද රෑටම මෙහෙ හොයාගෙන එයිද...?


"දැන් වෙලාව එකට විතර ඇති නේද?.....මට හිතෙනවා, ඔය ළමයා, මේ පළාතේ නොඉද, ටිකක් කොහේ හරි ඈතකට ගියා නම් හොදයි කියලා .....ඔය ළමයව කොහාටද මම අරින්නේ.....??? ඔය ළමයා තනියම පාරවල් හොයාගෙන යන්න දන්නෙත් නෑනේ....එහෙනම් අපි මෙහෙම කරමු.....මම එන්නම් ඔයා ළමයත් එක්ක තනියට .....අපි යමු අපේ දුවගෙ නුවරඑළි ගෙදර......ඔව්.....ඒක හොදයි , මේ පළාතේ නොඉද ඔය ළමයා ටිකක් ඈතකට ගියොත් හොදයි ....නැත්නම් බාලිකා නිවාසේ මැඩම් ඔය ළමයව ආයෙත් හොයා ගෙන එයි........"


"අනේ ඔව් නැන්දේ ටිකක් කොහේ හරි ඈතකට ගියොත් මට බය නැතුව ඉන්න පුලුවන් ...."


"අපි එහෙනම් මෙහෙම කරමු....ඔය ළමයා ටිකක් ඔතනම පුටුවේ නිදා ගන්න.....අපි පැයක් දෙකක් විතර ඉදලා...... තුනහමාරට විතර බදුල්ලෙන් බන්ඩාරවෙළ පාරට ගිහින්, බස් එකක් අල්ලගෙන නුවරඑලියට යමු......මගේ දුව නුවර එලියේ ඉන්නේ....අපි එහෙ ගිහින් එහේ පොලීසියක ඇන්ට්‍රියක් දාමු....මේ පළාතේ පොලිසි වලට ඔය මැඩම්ට විරුද්ධව මුකුත් කියලා වැඩක් නෑ.....මුළු පොලිසියම ඒ ගෑනිගෙ පැත්තෙ ...."


"අනේ නැන්දේ අපි එහෙමවත් කරමු...අර මැඩම්ගෙ ගෙදර හිටිය මහත්තයා කිව්වෙත් මට පොලිසි යන්න කියලා තමයි ...."


"ඔව් මුළින් පොලීසියකට ගිහින්, ඊට පස්සේ අපි අපේ දුවගෙ ගෙදර යමු....

ඒ පැත්තෙ තේ ෆැක්ටෙරි වල ඕන තරම් රස්සා තියෙනවා...ඔය ලමයට බැරියැ නුවර එලියෙ නැවතිලා රස්සාවක් කරන්න.... දැන් ඔය ළමයත් ලොකු

ළමෙක්නේ.....එන්න අපි කෝපි එකක් බීලා ඉමු.. ..ඔය ලමයා හොදටම බය වෙලා නේද ඉන්නේ.....?."


"මගේ පපුව තවම ගැහෙනවා නැන්දේ ...මට බයයි මැඩම් අද රෑම, මාව හොයාගෙන මෙහෙටත් එයි කියලා ...."


"මීට ඉස්සරත් මම ඔය වගේ ළමයෙක්ට උදව් කලා...අර ලතායි, ඩිංගිරි අම්මයි කියපු නිසා.. .....පව් මේ අම්මා තාත්තා නැති අසරණ ළමයි .... මේ පව්කාර ගෑනි අම්මා තාත්තා නැති දරුවන් විකුනගෙන කනවා......උඩින් හොද මූණ පෙන්නගෙන ලෝකෙට පේන්න ළමා නිවාසය පාලනය කරගෙන, රට රටවලින් ආධාර අර ගන්නවා....ඒ මදිවට ලමයින්ට දෙන වද.......පව් කාර ගෑනි .....මේ පලාතේ පොලිසියට කියලා වැඩක් නෑ......ළමා අපචාර ...,

ළමා ආරක්ශන, පරිවාර දෙපාර්තමේන්තුවට වත් දෙනුම් දීලා මේ දුශ්ට පාලිකවට හොද දඩුවමක් දෙන්න ඕනේ....


"අනේ පිං සිද්ද වෙනවා නැන්දේ ...නිවාසේ ඉන්න අනෙක් ළමයිවත් මට බේර ගන්න උදව් කරන්න ......."


"එහෙනම් ඔය ලමයා මේ පුටුව උඩම පොඩ්ඩක් ඇහැ පියව ගන්නකෝ......අපි උදේ තුනහමාරට විතර නුවර එලිය බස්සෙක අල්ලගෙන, අපේ දුවලගෙ ගෙදර යමු ....."


කුසුමා නැන්දා දුන් කෝපි කෝප්ය තොලගෑ මම.... සාලේ තිබුන දිග පුටුව උඩ ගුලි ගැසි ටිකක් නිදාගත්තේ හිතේ තිබුන බය සැක ටිකක් අඩු කරගෙනය..... දැන් ටිකකට ඉස්සර සීතලේ කට්ට කරුවලේ, බාලිකා නිවාසයේ සිට තනියම පාර දිගේ ආ හැටි මට සිහිපත් වී මාව ආයෙත් බයෙන් ගැහෙන්න පටන් ගත්තාය .... අනේ දෙවියනේ ....ඔබ වහන්සේගේ කරුණාවෙන්, මම වැටෙන්න ගිය කරදරයෙන්....අසරණ මාව බේරා දුන්නාට ඔබ,වහන්සේට බොහෝම ස්තුතියි.......! මම පපුවේ කුරිසය ඇද දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔරසම් කියන්න පටන් ගත්තේ ග්‍රැනී ,මමී සිහිකරගෙනය....මගේ ඇස් යාන්තමට පියවීගෙන ආවේ, දැන් මම වැඩිහිටි කෙනෙකුගේ ආරක්ශාව යටතේ ඉන්නවා කියන හැඟීමෙන්...


පැය දෙකක පමණ කාලයක් කුසුමෙ නැන්දලාගෙ සාලේ පුටුවක් උඩ බාගෙට නින්ද ගිහින් හිටි මට ඇහැරුනේ, ඇයගේ කටහඬෙ සද්දෙට....


"ළමයො, ළමයො ඉක්මනට නැගිටින්න.....මටත් නින්ද ගියානේ.....ඔය මූණ හෝදගෙන ඉක්මනට ලෑස්ති වෙලා අපි බස් හෝල්ට් එකට යමු.....එළිවෙන්න ඉස්සර මෙතනින් ගියේ නැත්නම් මාවත් මේ නඩු වලට අහුවෙනවා .....මාව නිවාසෙ මැඩම් පොලිස් ගෙනියයි නිවාසෙ ළමෙක් මගෙ ගෙදර හොරෙන් තියා ගත්තා කියලා.....


"දැන් වෙලාව කීයද නැන්දේ .. ..?


" දැන් හතරට ලඟයි.......හතරාහමාර බස් එක වත් අපි අල්ල ගමු.... නුවරඑළි යන බස් එකක්, හතරහමාරට පාරට එනවා......අපි ඉක්මනට යමු.....මේ තේ කෝප්පය බීලා ඉක්මනට එන්න..."


"අද හරි සීතලයි නැන්දේ .....හොද වෙලාවට ඊයෙ හවස මම මේ හොද ගවුම ඇදලා ජර්සි එකක් උඩින් දාගෙන මැඩම්ලගෙ ගෙදර වැඩට ගියේ..."


මම ඊයෙ රෑ මැඩම්ලගෙ ගෙදරුන් පැනලා ආව විදිහටම, කුසුමා නැන්දලාගෙ ගෙදර, පුටුව උඩ නිදා ගෙන තිබුනි..... නැන්දා දුන් තේ කෝප්පය එක හුස්මට බිව්වේ තද නිදිමත මැදය.....නැන්දා එය මගෙ අතට දෙනකොටත් බාගෙට නිවි ගොස් තුබුනි. ...මේ පලාතේ ඇති අධික සීතල නිසා, කන බොන දේ හරි ඉක්මනට සීතල වෙන බව මම මේ පළාතේ නවතින්න ආපසු දැනගෙන උන්නෙමි...... ඒ නිසා ඕන කෑමක් බීමක් සීතලෙන් කන්නට හැකියාව මට දැන් ඇත.


" අපි යමු ලමයෝ ඉක්මනට ........මටත් බයයි මේ නඩු වලට අහුවෙයි කියලා ...

සීතලටත් එක්ක මේ අපේ ලොකු දුවගේ ජර්සි එකත් ඔය ළමයා ඇදගන්නකෝ....ඕකේ තියෙන තොප්පියත් ඔලුවට දා ගන්න.....කවුරු හරි දැක්කත් එතකොට ඔය ළමයව අදුනන්නෙ නැති වෙයි....


කුසුමෙ නැන්දා දිග ගවුමකින් සැරසි ජර්සි එකක් ඇද ගෙන ඉදි.... ඇය ගෙදර දොර වසා දමා මා සමග කලබලේම මහ පාරට ආවේ මට හදවතින්ම උදව් කරන අදහසින් බව මට වැටහි ගොස් තිබුනි....


තවමත් අවට පෙදෙස් පුරා ඝන මීදුම වැටි ඇත.....ඒ වගේම තවමත් දසත පුරා, අදුර පැතිර ඇත.... නැන්දා දුන් ඝනකම් ජර්සිය නිසා මගෙ ඇඟට දැන් සීතල අඩුවෙන් දැනේ..... මා මෙන්ම නැන්දාද ඝනකම් ජර්සියක් ඇදුමට උඩින් ඇද ඇත.


"ළමයා..... අර ඈත කදු අතරින් හතරහමාරේ බස් එක, එනවා ඇහෙනවා නේද....?.ඉක්මනට බස් හෝල්ට් එක පැත්තට අඩිය ඉස්සර කරගෙන යමු..."


බන්ඩාරවෙළ නුවර පාරේ, අදුර මකාගෙන ලංගම බසයක් පලාතම සද්ද කරගෙන, එළි විහිදුවමින් වංගු පාරේ කන්ද නැග එයි.....බසය තුල ඒ හැටි සෙනගක් නැති බව එය අපට ලං වෙන විට පෙනින ..


"ඉක්මනට නැග ගන්න ළමයො...."


අප දෙදෙනා බසයේ සීට් එකකින් එක ලඟින් වාඩි විය..... කුසුමා නැන්දා අවුරුදු පනස්පහක පමණ කෙනෙක් බව පෙනෙයි ..... ඇයගෙ දුවලා කසාද බැද එක්කෙනෙක් නුවරඑළියේ පදිංචි වි හිදින බව මීට පෙර මම දැනන් උන්නෙමි . මම මගේ රැකියා ඉල්ලුම් පත්‍රයක් ඇරියේ ඇයට බවද මට මතකයි. ඇගේ අනෙක් දුව කොළඹ කිට්ටුව පදිංචි බව ඇය නිතර කියයි. ඇය දැන් මාව කෙලින්ම එක්ක යන්න හදන්නේ ඇගේ නුවරඑළියේ සිටින දුවගේ ගෙදරටයි....


"නැන්දගෙ දුව දැන් මං ගැන අහයි නේද...? අපි පොලිසියට යන්නේ ඒ ගෙදර ගිහින් ඊට පස්සෙද...?"


"ඔව්...තාම එළිවෙලා නෑනේ ....අපි අපේ බෑනවත් අඬගහගෙන පොලීසියට යමු....නැත්නම් මට ඕවා තේරෙන්නේ නෑ....මේ බදුල්ලේ බාලිකා නිවාසේ පැත්තෙ, පොලීසියට ගිහින් වැඩක් නෑ ....ඒ පොලීසියේ ඉන්නේ ඔක්කොම මැඩම්ගෙ කට්ටිය...."


" ඔව් නැන්දේ ඒක ඇත්ත....පොලීසි ගිහින් ඉවර උනාට පස්සේ, මට නැන්දගෙ දුවට කියලා රස්සාවක් හොයාගන්න බැරි වෙයිද ඒ පැත්තෙන්...."


"ලගපාත තේකොළ ෆැක්ටෙරි එකක රස්සාවක් නම් හොයා ගන්න පුලුවන් වෙයි....එතකොට ඔය ළමයට බොඩිමක් හොයාගෙන නවතින්න වෙනවා..... අපි මේ කරන්නේ දෙමව්පියන් නැති ළමයෙක්ට උදව්වක් විතරයි .... ඔය ළමයාව අර භයානක තැනින් නිදහස් කරගෙන මම මේ තකහනියක් එක්ක යන්නේ මටත් ගෑනු ළමයි දෙන්නෙක් ඉන්න නිසයි...., ඒ දුකටයි....."


"බොහොම ස්තුතියි නැන්දේ ...මම ගැන හිතපු එකට."


බදුල්ල බන්ඩාරවෙල පාරේ කදු පල්ලම් වංගු පසුකරමින් මහ සද්දෙන් අප යන බස් රතය හැල්මේ දුවයි....බසයේ සෙනඟ අඩු නිසා මහ හයියෙන් වාහනය ඇතුලත ඉන්න අය එහෙට මෙහෙට සෙලවේ....මාත් නැන්දත් සීට් එකේ පොල්ල තදින් අලලාගෙන, එහෙට මෙහෙට පැද්දි පැද්දි..... ඉන්නෙ අමාරුවෙනි ....ඈත අහස දැන් ටික ටික එළිය වැටිගෙන එන හැටි පෙනේ.... ටිකෙන් ටික කදු අතරින් හිරු උදාවීගෙන එන හැටි නම් බලන්න ලස්සනය. ... එන්න එන්නම, බස් රතය තුලට ජනෙල් වලින් හමා එන සුළඟේ සීතල ගතිය, වැඩි වැඩියෙන් දැනේ......අපි දැන් නුවර එළියට කිට්ටු කර ඇති බව ඒ සීතලත් සමග මට වැටහේ..... ඒ සමගම මට සතුටක් ඇතිවේ.......ඒ බදුල්ලේ බාලිකා නිවාසයෙන් බොහෝ ඈතට අපි දැන් ඇවිත් ඇති නිසයි .....


"ළමයො තව ටිකකින් අපි බස් එකෙන් බහිනවා...දැන් හොදටම එළියත් වැටිලා....අපේ දුව බයවෙයිද දන්නෑ,... මම මේ උදේ පාන්දර එනවා දැකලා....ඊටත් වඩා එළිවෙන කොටම ඔය ළමයත් එක්ක එනවා දැකලා . ... ..."


"ඒ ගෙදර තව කවුද නැන්දේ ඉන්නේ.....?"


"මගේ පොඩි දුවයි, බෑනයි, ඒ දුවගෙ පොඩි දරුවයි විතරයි ......"


නුවර එලියේ ටවුමට km අටක් විතර ඈතින් බසයෙන් බැස,ගත් අපි දෙදෙනා දැඩි සීතලේ අත් බැදගෙන මහ පාරෙන් අතුරු පාරක් දිගේ ඇවිදගෙන ගියෙමු ... . මේ වන විට බාලිකා නිවාසෙන් හැතැප්ම ගානක් දුරකට මම ඇවිත් සිටිය නිසා මගෙ හිතේ තිබුන බය, ඊයේ රෑ සිදුවන දේ නිසා ඇතිවි තිබුන තිගැස්ම, නතරවි හිතට සැහැල්ලුවක් දැනෙමින් තිබුනි.... නුවර එළියේ පිරිසිදු , ශීත වාතාශ්‍රය , කදුහෙල් වලින් වටවුන පාරවල්.....අවට කදු මුදුන් උඩින් එහෙ මෙහෙ යන මීදුම් පොකුරු....බලන්න ලස්සන පරිසරය හා ඇගට දැනෙන සනීප දේශගුනය.... බාලිකා නිවාසයෙන්, පිටවී තනියම මට මේ නැන්දා සමග එන්න ලැබුනු මේ ගමන..... මගේ හිතට ඇතිවි තිබුනේ පුදුමාකාර සැහැල්ලුවකි....


නිවාසෙ පාලිකාව දැන් මාව හොයනවා ඇති ...ඇය කුසුමෙ නැන්දලාගෙ ගෙදරත් ගියාද දන්නෑ..... මාව හොයන්න..... බාලිකා නිවාසය කිට්ටුවෙන්ම තියෙන ගෙදර කුසුමේ නැන්දලාගෙ ගෙදර නිසා ඔවුන් ඒ ගෙදරට අනිවාර්යයෙන්ම ගොස් උදේ මාව සොයනවා ඇති...


"මාව දැන් මැඩම් හොයනවා ඇති නේද...නැන්දේ ....?.


"ඔව්....අපේ ගෙදරට තමයි ඉස්සෙල්ලම යන්න ඇත්තේ.....මේ විදිහට දිගටම එයාට ළමයි විකුනන වැඩේ කරගෙන යන්න දෙන්න බෑ..... අපේ බෑනට කියලා අපි අදම මෙහෙ පොලීසියට යමු.... මේ පාලිකාවගෙ වැඩ ගැන අපි ඔක්කොම පොලිසියට කියමු........නැතිනම් දෙමව්පියන් නැති අහිංසක ලමයි මේ ගෑනි මිනිස්සුන්ට විකුනනවා..... පාලිකාව අනිවාර්යයෙන්ම පොලීසියට කියලා හිරගෙට දාන්න ඕනේ.... නැත්නම් දෙවියොත් සාප කරයි අපි මේ වැඩ ඕක්කොම දැනගෙන නොදරුවෝ අමාරුවේ වැටෙන කම් බලන් ඉන්නවට ......


"අනේ ඔව් නැන්දේ ...කොහොම හරි අර නිවාසෙ ඉන්න අනෙක් ළමයින්ට සාදාරණයක් කරලා දෙන්න ඕනේ....


"ඔන්න ළමයෝ...

අපේ දුවගෙ ගෙදර ලගටම ආවා.....ඔන්න ඔය වංගුවෙ ඇති ගල් බැම්ම උඩින් තියෙන් පඩිපෙළ නැගගෙන උඩහට යමු...."

දිය සෙවෙල් බැදුනු කළු ගල්, වැලි ගල් වලින් නිමවුන, පඩි පෙලකින් උඩට නැගගෙන ගිය අපට නැන්දාගේ දුවගෙ පුංච් ගෙදර පෙනින.... තවම අවට පරිසරය මිදුමෙන් වැසි ඇත ....ගස් වැල් කදු අතරින් රන්වන් හිරු පායාගෙන එන හැටි බලන්න ලස්සනය.... කන්ද උඩක පිහිටා තිබුන නැන්දාගේ දුවගෙ ගෙදර පිහිටා තිබුනේ හරි නිදහස් ලස්සන තැනකය .....නමුත් බොහොම ඉඩ කඩ අඩු තැනක පොඩි ගෙය, පිහිටා ඇත..... ගෙට පහළින් අවට කදු පල්ලමේ, හෙල්මළු ක්‍රමයට විවිද එළවළු පාත්ති සාදා එළවළු වගා කර ඇත. ගෙදර අවට පුංචි බිමේ, මල් වගා කර ඇත.... බලන්න ලස්සන නිදහස් පරිසරයේ ඇති ගෙදර ඉස්සරහ දොර තවමත් වසා ඇත.....


නැන්දා එම ගෙදර , ඉදිරිපස දොරට තට්ටු නොකර, ගෙයි පිළිකන්න පැත්තෙන්, ගේ පිටුපසට ගියේ මට ගෙයි ඉදිරිපසට වෙලා ඉන්ට කියායි.....


"ඔය ළමයා ඔහොම ඉන්න.....මම ගේ පිටිපස්සෙන් ගිහින් බලන්නම්... මේ ගොල්ලෝ දැන් නැගිටින්න ඕන වෙලාව...... කුස්සියේ පැත්තෙ දුව සමහර විට දවල්ට ගන්න උයනවා ඇති......බෑනට වැඩට ගෙනියන්න බත් උයන නිසා කුස්සියේ පැත්තෙ ඇති..."


සීතල මිදුම මැද, අවට ගස්කොළන් උඩට වැටි ඇති පින්න... හිරු එළියට වැට් දිලිසෙන හැටි.....ගෙදර වත්තේ කොනේ බැම්මෙන් පහල ඇති එළවළු පාත්ති වල ඇති කැරට් ගෝවා, බීට් පැල හොද සනීපෙට හැදී වැඩි ඇති හැටි.... , කොපමණ බලා හිටියත් ඇති නොවන ගානයි.....කුසුමේ නැන්දා කුස්සිය පැත්තට ගිය පසු ගෙදර මිදුලේ මම එහාට මෙහාට ඇවිදමින් සිටියේ අවට සුන්දරත්වය හදවතින්ම විදිමින් හිතේ නැග ඇති සැහැල්ලුව, සතුට වෙනුවෙන් දෙවියන්ට පිං දෙමින්ය.


"එන්න ළමයා ගෙට.....කුසුමෙ නැන්දා ගෙදර ඉස්සරහ දොර ඇරගෙන ආවේ වැඩි වයසක් නැති ගෑනු කෙනෙකු සමගය..... බැලු බැල්මට ඇය ඇගේ දුව බව පෙනේ.. ..ඇගේ මුහුනේ ඇත්තේ විමැත්තියකි.


"අපි මේ හතරාහමාර බස් එකේ ආවේ .....අපි කෝපි එකක් බොමුද දුවේ...? මම මේ ළමයා ගැන කිව්ව දේවල්, දුව බෑනටත් කියන්න ...."


"ආ..හොදයි ..එන්න නංගි ගෙට....මට අම්මා කිව්වා ඔයාට කරදරයක් උනා කියලා... ...අපි දවල් වෙලා පොලීසියට ගිහින් මේ උන කරදරය කියලා කට උත්තරයක් පොලීසියට දීලා එමු......එතකොට අපි ඔක්කොමලා නිදහස් වෙනවනේ ....බාලිකා නිවාසෙක ළමෙක් අපේ ගෙදර තියා ගත්තා කියලා නැත්නම් අපටත් ප්‍රශ්න ඇති වෙන්න පුලුවන් ...."


"අනේ අක්කේ ,මට පොලීසි යන්න නම් බයයි ...ඒ උනාට නොගිහින් බෑනේ .......අමාරුවේ වැටුන මට

මේ නැන්දා කලේ

ලොකු උදව්වක් ......"


"අපි ඔයාට උන දේ පොලිසියට කියමු.....නිවාසෙ ඉන්න අනෙක් ළමයි ටිකවත් ඔය පාලිකාවගෙන් බේර ගන්න බලමු......"


"අනේ අක්කේ ඒක නම් ඇත්ත....මට දුකයි මඩමෙ ඉන්න අනෙක් ළමයි ගැන ....පාලිකාවගෙන් ඒගොල්ලෝ බේර ගන්න මට උදව් කරන්න..... ඒක ලොකු පිනක්.... . මාත් එක්ක අවුරුදු ගානක් එකට හිටිය අනෙක් අහිංසක ළමයි ටික මට බේර ගන්න ඕනේ..."


"මම අද නිවාඩුවක් දාලා ඔය නංගි එක්ක පොලීසියට යන්න එන්නම්.....ඔය නංගි නිවාසෙන් ආව නිසා, අපේ අම්මටයි, අපටත් කරදරයක් වෙන්න පුලුවන් නැත්නම්.. ..."


නැන්දාගෙ බෑනා, මගේ සියලු විස්තර දැනගෙන කතා කරන ගානයි..... මාව පොලිසියට එක්ක යන්න ඔහු ලෑස්ති උනේ,පොලීසියෙන් ඔවුන්ට එන ප්‍රශ්න වලින් බේරෙන්න අවශ්‍ය නිසා බවත් මට පැහැදිලිය..... කෙසේ හෝ ඔවුන්ගෙ උදව්වෙන් වත් අපේ නිවාසෙ පාලිකාවට දඩුවමක් දී අහිංසක දරුවන් නිදහස් කර ගන්න ලැබුනොත් ලොකු දෙයක් .....


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page