top of page

♨️අයිරීන් ඩිලානි ♨️ නොසැලෙන දියණි (31වෙනි කොටස)

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jul 13, 2021
  • 5 min read

මැඩම්ගෙ යහළුවන් තිදෙනා අතර සිටි තරුණ පෙනුමැති උස, කාරුණික පුද්ගලයාගේ කීමට,......මම මැඩම්ගෙ නිවසේ කුස්සිය දොරෙන්, වටපිට නොබලා එළියට පැනගත්තෙ මගේ අධ්‍යාපනය සහතික සහිත ෆයිල් කවරයද රැගෙනයි ......මම කළුවරේම, විදුලි වේගයෙන්, ගල්, මුල් උඩින් පැනගෙන බාලිකා නිවාසය පැත්තට දිව ගියෙමි ..... අවට මහා ඝන මීදුමෙන් වැසුනු කලුවරේ ......ගිනි සීතලේ පසුපස නොබලා මම එක දිගටම ,එක හුස්මට දිව්වෙමි......විශාල ගස්කොළන් සහිත බාලිකා නිවාස වත්තේ මල් ගස්, ගල්වැටි අස්සෙන්, උඩින් පැන පැන.... යන්නේ කොහේ දැයි නොදැන එක හුස්මට නිනව්වක් නැතුව දිව්වේ නොදන්නා පුදුම ශක්තියක් හිතට ගතට ලැබි තිබියදීය .....මගේ පපුව ඇඟ නොනවත්වා ගැහෙයි ....


මැඩම්ගෙ ගෙදර, වත්තේ මැද සිට බැලීමේදි පුංච් කඳු වැටිය උඩ පිහිටා තිබු බාලිකා නිවාසය, මේ වන විට සුදු මීදුමෙන් වැසි ඇති හැටි පෙනේ......දැන් වෙලාව රාත්‍රී දොළහටද කිට්ටු කර ඇතැයි මට සිතේ......බාලිකා නිවාසය ඉදිරිපස පෝටිකෝවේ යට, මලානික විදුලි බුබුළු දෙකක් මීදුම අතරින්, බොඳවි දැල්වි ඇති හැටිද පෙනේ.......එයින් පහල ඇති පාලිකාවගෙ නිවස වටේට තවමත් ලයිට් එලි දැල්වේ.......දැන් දැන් නිවාසෙ පලිකාව, මාව සොයාගෙන ගෙයින් එලියට එනු ඇතැයි බයෙන් ගැහෙමින් මම මල් ගහකට මුවාවී මොහොතක් නැවති බලා සිටියෙමි ......


මම දැන් නැවත බාලිකා නිවාසයට යනවද,....නැත්නම් නැවත මැඩම්ගෙ ගෙදරට යනවද..... මේ මහ රෑ තනියම , පාරට බැස පොලීසියක් හොයා ගෙන යනවද, මට කිසි දෙයක් තනි මට හිතා ගැනීමට බැරි වී ඇත....මේ ඝන මීදුම මැද සීතලේත්, මගෙ ඇඟ දහඩියෙන් තෙත් වී ඇත්තේ මගේ හිතේ ඇති බයටයි, දුකටයි......කේන්තියටයි......එහෙනම් මැඩම් මට රැකියාවක් සොයා දෙන මුවාවෙන් මාව මේ ගෙදරට කැදවා තිබුනේ, අර බේබදු බඩ තඩි මිනිසුන්ට විකිනීමට බව මේ වන විට මට හොදටම තේරුම් ගොස් තිබුනි....එය මගේ කණටම ඇසුනි....ඇය මට ලංසු තබා, ගනන්ද කතා කර හමාර බව මට තේරුම් ගොස් තිබුනි...... එනිසා පොලීසියට ගියත් මට, ඇය ගැන කියන්න බොහෝ දේ ඇත....බඩ තඩි මිනිසුන් දෙදෙනා සමග වාහනේ ආ උස තරුණ පෙනුමැති මිනිසා මට පැන දුවන්නට කිව්වේ,.... ඔවුන්ගේ සියලු රහස් ඔහු දන්නා නිසා වන්නට ඇත....ඔහු මට එතනින් පැන දුවන්නට නොකිව්වා නම් මට අද රාත්‍රීයේ මොනවා වෙන්නට බැරි නැද්ද ...? අන්තිම මොහොතේ , ඔහුගෙ අනුකම්පාව ලද මම, දැන් ඔහු කී ලෙස, වැඩ කල යුතු බව මගේ හිත කියයි... ...ඔහු මගේ අතේ මිට මෙලෙවු මුදල් නෝට්ටුව තවමත් මගේ අතේ තදින් මිරිකි ඇත....මැඩම්ගෙ කුස්සියෙන් එළියට බහින්නට පෙර මම , කුස්සියේ මේසය උඩ තිබි අතට ගත් මගේ රැකියා ඉල්ලුම් පත හා අනෙක් ලියලියවිලි සහිත ෆයිල් කවරය, තවමත් මගේ පපුවට හිරවි ඇත....... මම මගේ දකුණු අත, මගේ ගවුම් කර අස්සෙන් ඇතුලට ඔබා බැලුවේ, මගේ බෙල්ලේ එල්ලෙන ග්‍රැනීගේ මාලය තවමත් එහි තිබේද යන්නයි ....,ඔව් වාසනාවට එම මාලය, තවමත් මගේ කරේ එල්ලෙයි ......ග්‍රැනීගේ පරම්පරාවට අයිති, මමී පැළද සිටි රත්තරං සුරුවම සහිත මාලය....තවමත් මගේ පපුවේ මැද, එල්ලි ඇති බව, දැනී මට ඇතිවුනේ සතුටකී....... මම මගේ දකුණු අත, පපුවේ උඩට පහලට හරහට කුරිසය ඇද දෙවියන්ට යාච්ඥා කරන්න පටන් ගත්තේ ගහකට මුවාවී ඉදගෙනය..... ජේසුනී...මාව මේ නරක මිනිස්සුන්ගෙන් ආරක්ශා කර දෙත්වා....ජේසුනී....ආමේන් ....!

අනේ ග්‍රැනී ....අනේ මමී....මම මේ වැටි සිටින කරදරයෙන් මාව බේරා දෙන්න....මට මගේ අනාගතය සැපවත් කරගන්නට ,මට හරි මාර්ගය පෙන්වා දෙන්න....!


නැවත පියවි සිහියට ආ මට,..... මැඩම් දැන් මාව සොයාගෙන බාලිකා නිවාසයට එන්නට බැරි නැති බව වැටහුනී.... ඈ ආවොත්, නැවත මා ඇගේ ගෙට කැදවාගෙන ගොස්... අර බීමත් මිනිසුන්ගෙ කාමරයට මාව යවනු නියතය..... මම මොනවද දැන් කරන්නේ ....නිවාසයට ගියත්, පාලිකාවගෙ ගෙදරට ගියත් මට ඇයගෙන් නම් කිසිදා බේරුමක් නැති බව වැටහි තිබුනි..... ඇයට හොරා මෙලෙස පැන ආ මට නම් නැවත කවදාවත්, ඇගෙන් සමාවක් නම් අනිවාර්යයෙන්ම නොලැබෙනු ඇත.....මට නැවත බාලිකා නිවාසෙ රැදෙනුද බැරිය...... මම දැන් මොනවද කරන්නේ....මේ මහ රෑ මේ සීතලේ මම මොනවද කරන්න ඕනේ කියා මට සිතා ගැනිමට බැරිය....මගේ දුක කියන්න , අවවාදයක් ගන්නට අද ලතා අක්කත් නිවාසයේ නැත.....මට කිසි දෙයක් තේරුම් ගත නොහැකිව හෙමිහිට පිට පාරකින් කුස්සියේ ඩිංගි අම්මාගේ කාමරය ලඟට කළුවරේම හොරෙන් වටපිට බලමින් ඇවිදගෙන ගියෙමි .


"ඩිංගි අම්මේ.....ඩිංගි අම්මේ.... මම ඇයගේ කාමරේ දොරට හෙමිහිට ගැසුවෙමි .


සැනෙකින් දොර ඇරුනි..... ඩිංගි අම්මා නොන්ඩි ගසමින් එයින් එලියට ආවේය.


"අනේ ළමයෝ....කළුවරේම ඔය ළමයා ආවද....? ඒක හොදයි .....අර ගෑනී මේකේ ඉන්න කෙල්ලො ටික විකුනලා විනාස කරනවා....නාකි මට කරන්න පුලුවන් දෙයක් නෑ.....මට ඔය ළමයි ගැන තියෙන්නේ කියන්න බැරි දුකක්......"


"අනේ ඔව් ඩිංගි අම්මේ.... බීපු මිනිසුන් දෙන්නා ඉන්න කාමරේට මාව මැඩම් අරින්න හැදුවේ....මට මොනවද බොන්න දුන්නා....මම ඒවා බිව්වෙ නෑ....අර මිනිස්සු එක්ක ආව හොද මනුස්සයෙක් මට මේ සල්ලි කොළය අත මිට මොලවලා කිව්වා පොලිසියට ගිහින් මෙහේ වෙන දේවල් කියන්න කියලා ....."


"ඇත්තටම ඒ ආව මනුස්සයෙක් එහෙම කිව්වද...? හරි පුදුමයි ඒ මනුස්සයා නම් අම්මෙක් සහෝදරියන් ඉන්න කෙනෙක් වෙන්න ඇති...., ඒ අයගේ අගේ දන්න කෙනෙක් නිසයි බේබිට එහෙම කියන්න ඇත්තේ....... කොහොම උනත් ඩිලානි බේබී, ඔයා මැඩම්ට නොකියා ආව නිසා, ඔයාට ආයෙත් නම් මෙහෙ හොදින් ඉන්න ලැබෙන එකක් නෑ.....මැඩම් ඔයා මරාගෙන කයි....ඒ හින්දා ඒ මහත්තයා කිව්ව විදිහට මේ රෑම පොලීසියට ගියා නම් තමයි හොද. ..."


"අනේ ඩිංගි අම්මේ දැන් මැඩම් ඇවිත් මාව මෙහෙ හොයයි නේද...?


"අපොයි ඔව්...ඔයාට විසුමක් වෙන්නෙ නෑ....එයාට නොකියා ආවට.....හොදටම කේන්ති ගිහින් ඇති දැන් ....

ඒ ගෑනි දැන් මෙහෙ ඇවිත් .... ආවේස වෙලා ඔයාව බලෙන්ම ඇදගෙන යයි .....මම කියන්නම් ළමයො..... ඔයා දන්නවා නේද...? ඔය ,මාකට් එකට යන පාරේ තියෙන කුසුම්ලගෙ ගෙදර ...? ඔය ළමයා දැන් ඒ ගෙදරට කළුවරේම යන්න බලන්න ....බලන් ඉන්න එපා මේ වෙලාවට නිවාසේ "වොචර් " බාගෙට නිදී....ඔය ළමයා දුවලා යන්න .... ගිහින් නිවාසේ ගෙට්ටුවට උඩින් පැනලා ඉස්සරහටම දුවගෙන යන්න......මේ වෙලාවට ඔය පැත්තෙ කවුරුත් නෑ.....ඔයාට මතකයි නේද අර වංගුවේ පොඩි ඇල්ල ලග තියෙන පරන ගෙදර ...... මාකට් යනකොට ඔය ළමයා කතා බහ කරන කුසුමා නැන්දා ඉන්න ගෙදර.....ඔයා ඒ ගෙදරට ගිහින් මම ඔයාව එව්වෙ කියලා කියන්න .....එයා මේ නිවාසෙ ලමයින්ට වෙන අසාධාරණ දේවල් හොදට දන්නවා...... ඔයාට එයා උදව් කරයි..... මැඩම් ඔයාව හොයාගෙන නිවාසෙට එන්න ඉස්සර ඒ ගෙදරට දුවලා යන්න දරුවෝ.....මෙතන ඉන්න එපා....."


"අනේ ඩිංගි අම්මේ මට මේ කළුවරේ යන්න බයයි......"


"ළමයො ඔයා මෙතන හිටියොත් අර ගෑනි ඔයාව ඇදගෙන ආයි අර මිනිස්සුන්ට දෙන්න එක්ක යයි.....ඔයා මෙතනින් නිදහස් වෙලා යන්න.......ටික දුරයිනේ කුසුමගෙ ගෙදරට ......මට තේරුනා මැඩම් හවස ඉදන් නටන්න හදන නාඩගම ගැන....ඒකයි මම ඔය ළමයි දෙන්නගෙ තනියට ඉන්න හැදුවේ ...දැක්කනෙ ඒ ගෑනි මාව එළවපු හැටි......"


" හා...මම එහෙනම් යන්නම්...ඩිංගි අම්මේ ....ටික දුරයිනේ....

දෙවියන් වහසේ මට පිහිට වෙයි.... මගේ ග්‍රැනී ,මමී මගෙ දිහා බලාගෙන ඉදලා මට පිහිට වෙයි..... ජේසු පිහිටයි....! ආමේන් ...!


"ඔව් ඔය ළමයට තුනුරුවන් සරණයි ...ඉක්මනට යන්න දරුවො....".


මම බාලිකා නිවාසෙ, ඩිංගි අම්මගෙ කාමරේ ඉදන් ....මහ සීතල කළුවරේ, ගස් වැල් අතරින් ඇති කැලෑ පාරකින් බාලිකා නිවාසයේ ගේට්ටුව පැත්තට දිව ගියෙමි ......ඉන්පසු බාලිකා නිවාසයේ ගුරු පාර දිගේ අඩියට දෙකට කළබලේ පල්ලමට දිව්වේ ලිස්සා රූටාගෙන මෙන්‍ය..... ඝන සීතල මීදුම අස්සේ මහ රෑ කළුවරේ අවට කිසි දෙයක් නොපෙනේ......අවුරුදු හතරක් උදේ හවස පාසැල් ගිය පාරේ පුරුද්දට මෙන් මම දිව ගියේ අවට අදුර දෙස නොබලාමයි......මෙපමණ සීතලක් ,අදුරක් ,මීදුමක් අවට තිබුනත් මට යාන්තමට වත් ඇගට සීතලක් නොදැනේ...මගේ ඇග රත් වි බයෙන් කේන්තියෙන් වෙව්ලමින් දාඩිය බිදු බේරෙන්නෙ පටන් ගෙන ඇත. මම පිටුපස නොබලමින් වේගයෙන් කදු පල්ලමේ දිව ගියෙමි .....මට හොදටම හති වැටි ඇත.... බාලිකා නිවාසයේ විශාල ඉඩම ඉවරවෙන තැන එයට ඇතුල් වෙන්න ඇති ගේට්ටුව ලඟට ආපසු මම දුටුවේ එම ගේට්ටුව වසා ඇති බවයි....දැන් මොකද කරන්නේ....මම වැඩිය කල්පනා නොකර, ගේට්ටු කනුවේ ඇති යකඩ කූරූ වල්ට කකුල් තියා, ගේට්ටුවෙන් එලියට පැන ගත්තේ වැඩි අපහසුවක් නැතුවමය.....


ගේට්ටුව පැන ගත් මම නොනවත්වාම.... , වෙනදා පාසැල් යන, මාකට් යන වංගු පාරේ දිව ගියේ හුස්ම නොගෙනමය...අවට මුළු පරිසරයම අන්දකාරයේ වටවි ඇත... .පාරේ පේන තෙක් මානෙකට මීදුම වැට් ඉදිරිපස පාර නොපෙනේ.....මම පාර දිගේ ඉදිරියට නොනවත්වා දුවගෙන ගියෙමි....


ලතා අක්කා හා මම මාකට් යන විට නිතර යන කුසුමෙ නැන්දලාගෙ ගේදර පේන දුරකට මම මහ කළුවරේ දුවගෙනම ඇවිත් ඇත.... මම ඇගේ ගෙදර දොරකඩට ගොස් නොනවත්වා දොරට ගැසුවෙමි.....බලාසිටියෙමි .....නමුත් කවුරුත් දොර අරින පාටක් නැත ....ගෙදර කවුරුත් නැද්ද....??


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා*

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page