♨️අයිරීන්(ඩිලානි )♨️ නොසැලෙන දියණි (25 වන කොටස )
- Prisila Godahewa

- Jul 13, 2021
- 6 min read
"එන්න ඩිලානි මම ඔයාට කුස්සියේ වැඩ කරන විමලා අක්කයි, ලතා අක්කයි, සීලවතී නැන්දවයි අදුන්නලා දෙන්න......ඒගොල්ලෝ තමයි මේ නිවාසේ කුස්සියේ වැඩ කරන්නේ, තව පොඩි ළමයි බලාගන්නෙත් ඒගොල්ලෝ ..... බාලිකා නිවාසෙ ඉන්න ලොකු අක්කලත් අනෙක් ළමයි බලාගන්න ඒගොල්ලන්ට උදව් කරනවා.....ලොකු ළමයි ,පොඩි ළමයි ටික බලාගන්න උදව් කරනව වගේම, ඉස්කෝලේ එක්ක යනවා, ගොඩක් පොඩ් ළමයින්ව නාවලා හෝදලා කෑමත් කවනවා....මීට පස්සෙ ඔයාටත් ඒවා කරන්න වෙයි...."
"ලොකු අක්කලා හරි හොදයි වගේ...."
"ඔව් ඒගොල්ලෝ හරි හොදයි ...මැඩම් ඒගොල්ලන්ට හරි ආදරෙයි...ඒගොල්ලන්ට මැඩම් ලස්සන ඇදුම් එහෙමත් ගෙනත් දෙනවා....අපට නම් ඉතිං අනාථ නිවාසෙට සමාජ් සේවා ආයතන වලින් හම්බ වෙන, පරණ ඇදුම් තමයි අදින්න හම්බ වෙන්නේ...."
"එහෙමද...? එතකොට මැඩම් නැවතිලා ඉන්නේ කොහේද....?
"මැඩම් එයාගෙ අක්කත් එක්ක අර වත්ත පල්ලෙහා තියෙන පොඩි ගෙදරනේ ඉන්නේ....ඒක පොඩිමත් නෑ....කාමර හතරක ගෙයක්.....ගේ ඇතුල මැඩම් ලස්සනට තියාගෙන ඉන්නවා.....මැඩම්ගෙ නෑදෑයෝ යාළුවෝ නිතරම නිවාඩුවට ඒ ගෙදර ඇවිත් නැවතිලා ඉදලා යන්න එනවා....ඒ අය ආපු දවසට නිවාසේ ලොකු අක්කලා තමයි ගිහින් කෑම බීම උයලා ගෙවල් අස්කරලා දෙන වැඩ එහෙම කරන්නේ....ඒකයි මැඩම් ඒගොල්ලන්ට ආදරේ..."
හවස් වරුවට නිවාසේ ළමුන් තැන තැන එක එක වැඩ කරති..... සෙල්ලම් කරති , තව අය පාඩම් කටයුතු කරමින්, කතා කරමින් ඉදී...
අනෙක් ළමයින් සමග මෙතරම් ඉක්මනට එකතු වෙන්න කැමැත්තක් නොතිබුන මම, මගෙ ඇද උඩ වාඩි වි මගේ පාසැල් පොතක් බලන්න පටන් ගත්තාය.
"ඩිලානි එන්න අපිත් එක්ක සෙල්වම් කරන්න ..."
"අද මට හරි මහන්සියි ....උදේ පාන්දර නැගිටලා මෙහෙ එන්න ලෑස්ති උන නිසා..., පැය ගානක් එක දිගට වෑන් එකෙත් ආවනේ....."
"ආ එහෙනම් ඔයා අද ටිකක් විවේකයෙන් ඉන්න...." තුශාරි මාත් සමග හොදින් කතා කිරීම මට සතුටක් විය...
මේ බාලිකා නිවාසයේ ලමයින් හැමොම බෞද්ධයන් බව පෙනේ....ඔවුන් සිංහලෙන් පමනක් කතා කරයි...කොන්වන්ට් එකෙන්දි ඉංග්‍රීසියෙන් පමනක් කතා කරන්න අවවාද කර තිබු නිසා, මට එහි විශේෂත්වයක් තියේ.....
හොද පරම්පරාවක හැදි වැඩි දෙමව්පියන් ගෙ උවමනාවට කොන්වන්ට් එකක ඉගෙනීම සදහා නතර කල මා ගැන බලන්න, කාටවත් උවමනාවක් නොතිබුන නිසා.... මමි ග්‍රැනීගෙ අභාවයත් සමග මම අනාත දරුවෙක් වි ඇත.....මගේ සහෝදර සහොදරියන් දැන් කොහේ ඉන්නවාදැයි මම නොදනිමි. ලොකු මමීලාගේ මුළු පවුලම ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බවත්,.... ඉන් පසු ඒ ගෙදර නැවති සිටි තෝමස්, සෑම් අංකල්ගෙ මල්ලිගෙ ගෙදර නවත්වපු බවක් පමනක් මට දැනගන්නට ලැබුනි..... රෝසි හා ජූඩ් කොහේ කොතන ළමා මඩමක ඉන්නවාදැයි මම නොදනමි. ඔවුන්ද මම දැන් ඉන්නවා වැනි ළමා නිවාස දෙකක හැදෙන බව පමනක් දනිමි.....මට ඔවුන් දෙදෙනා මතක් වන හැම මොහොතකම පපුව පැලෙන්න තරම් දුකක් වේදනාවක් දැනේ...කොයිතරම් නම් සැපට හැදුන දරුවොද අපි....දරුවන්ට මව නැති උනකලට සිද්ද වෙන දේ....අපේ ඩැඩිට, මමී ආන්ත්‍ර උන පසු, ඔහුගෙ දරුවන් රැක ගැනිමට නොහැකි උන හැටි..... ඒ ඔහුගේ ලෙයින් හැදුනු දරුවන් අමතක කරදමා, නපුරු ගැහැනියකගෙ පහස සොයා යෑම නිසයි ....එම ගැහැනියගේ උවමනාවට, මගේ පියා, මෝඩයකු ලෙස, අපේ මුළු පවුලම විනාශ කර දමා අහිංසක දරුවන්ට උන්හිටි තැන් අහිමි කල හැටි ....සහෝදර සහෝදරියන් හතර දෙනා .... දැන් මෙරටේ සි සී කඩ ගොස් ඇත....,
කන්‍යාරාමයේන් සිට බාලිකා නිවාසයට එන්නට ප්‍රතම....., මදර් සුපීරියර්ගෙන් මට ඩැඩි ගැන අහන්න ලැබුනු ආරංචිය,.....ගැන මම දැන් දුක් නොවෙමි. ඒ ගැන නොසිතා මම, මගේ අනාගතය හොදින් සදාගෙන.....කවදා හෝ මගේ සහෝදරයන් නැවත මුණ ගැසෙන බලාපොරොත්තුවෙන් දැන් කාලය ගත කරමි. මට මමී ග්‍රැනී ඇතුළු සියලු දෙනා මතක්වී දැසට කවුළු උනයි...
"ළමායි....හවස සෙල්ලම් කරලා ඉවරවෙලා ඇඟපත හෝදගෙන එන්න බුදුන් වදින්න...."
"මැඩම් අපි බුදුන් වදින්න මල් කඩලා ඉවරයි ...."
"එහෙනම් කට්ටියම බුදු මැදුර ළගට ගිහින් බුදුන් වදින්න ලෑස්ති වෙන්න...."
හවස හය වෙනකොට බාලිකා නිවාසයේ ළමයින් බුදු මැඳුර ලඟට එක් රොක් වී ගාථා කියමින් බුදුන් වදින්න පටන් ගත්හ. මමත් අනෙක් ළමයින් විදිහට අත් දෙක එකට එකතු කරගෙන බුදුන් වදින ආකාරයට සිටියෙමි. රෝමයට ගිය විට ,රෝම වැසියෙක් ලෙස සිටිය යුතු බව මට වැටහි තිබුනි.
"ඩිලානි ඔයා ගාථා කියන්නෙ නැද්ද ...?
"මම දන්නෙ නෑ..."
"ඒ ඇයි...ඔයා හිටිය තැන අය බුදුන් වැන්දෙ නැද්ද ..?
"නෑ...මම පල්ලි ගිහින් ජේසුට වැන්දේ...."
"ටික දවසක් යනකොට ඔයාටත් බුදුන් වදින ගාථා පුරුදු වෙයි...."
මමී ඩැඩි ඇතුළු ගෙදර හැමෝම නැතුව අවුරුදු හතරක් මීගමු කන්‍යාරාමයේ... ,නේවාසිකාගාරයේ තනියම නැවති සිට් මට බාලිකා නිවාසය අලුත් අමුතු තැනක් නොවීය.....මෙහි සිටින ළමයි, අඩු ඉඩ පහසුකම් ඇති තැනක සෙල්ලම් කිරීම, පාඩම් වැඩ කිරිම, ඇඟපත හෝදා ගැනීමට ඇති නානකාමර පරණ අපිරිසිදු ගතියක් පෙන්නුම් කිරීම....නිදාගන්න ඇති ඇදන්, ඇද රෙදි බාල ඒවා වීම.... හොස්ටල් එකේ තිබුන හොද පහසුකම් මුකුත් නැති මෙහි කාමර, ගෘහභාණ්ඩ , බඩු මුට්ටු සියල්ල අඩු පහසුකම් යටතේ නිමවි තිබුනි....නමුත් හොස්ටල් එකේ හා මේ බාලිකා නිවාසයේ දිනචරියාව නම් බොහො දුරට එක හා සමාන වීම නිසා මට මෙහි නවාතැන් ගැනීම ගැන අමුත්තක් නොවීය...... මෙම බාලිකා නිවාසයේ සිටින දරුවන්, කොන්වන්ට් එකේ හිටිය පෝසත් දරුවන්ට වඩා ,..... දුප්පත් අහිංසක වගේම මොවුන්ගෙ ගතිගුණ ,හැසීරිම් වල ටිකක් වෙනස් අයුරක් පෙන්නුම් කෙරේ....අලුතින් ළමා මඩමට ආ මට හැමෝගෙම පිළිගැනීම නම් ඉහලින් තිබුනි. එයට හේතුව මගේ පෙනුම වගේම මගේ ඉංග්‍රීසි කතා කිරිමේ හැකියාව නිසා වන්නට ඇත.
කන්‍යාරාමයට බොහො සමානකම් මේ බාලිකා නිවාසයේ මම දුටුවත්, මම මෙහි අකමැතිම කටයුත්ත වූයේ .... ළමා මඩමට දානය ගේන මිනිසුන්ට මුහුණ දී කතා කිරීමත්, ඒ දානය කෑමට යෑමත්‍ය.... දානය ගෙනෙන මිනිසුන් මගේ වතගොත ඇසීම තරම් අකමැති දෙයක් මට තවත් නොවිය...
මට දැන් නිතර ග්‍රැනී ,මමී හා සහෝදරයන් සමග සතුටින් වෙන්නප්පුවේ මහගෙදර හිටි කාලය සිහිපත් වේ..... ඒ වගේම කොන්වන්ට් එකේ හිටිය කාලයද මතක් වෙයි.... එවිට මට සීතාම්මා නිතැතින්ම සිහිපත් වේ......ඇය මා වෙනුවෙන් කල කී දේවල්.....
මම ගෙදර සිට නේවාසිකාගාරයේ නැවතෙන්න ආදා සිට, අවුරුදු හතරක කාලයක් මා ගැන ඇය සොයා බලපු හැටි ......මම වැඩිවියට පත් උන පසු,.... සීතම්මා හා සිස්ටර් මේරි, මට සළකපු ආකාරය .....ඒ වගේම නපුරු මේට්ට්‍රන්....., මට අනෙක් ළමයින්ට වඩා අකාරුණික ලෙස සලකපු ආකාරය , කන්‍යාරාමයේ පෝසත් ළමයි මාව කොන්කරපු හැටි .....අම්මා තාත්තා කාත් කවුරුත් නැති මගේ, ඇදුම් පැලදුම් පරණ වීම නිසා, කොන්වන්ට් එකේ හොස්ටල් එකේ දරුවන් අතර මම කොන්වි සිටිය හැටි .....ඒ සියලු දේ මතක් වන විට, අසරණ මට තාමත් දුක හිතෙයි.....
මම මුළින් ගෙදර ඉදන් කොන්වන්ට් එකේ නවතින්න යන්න හදනකොට, මට මමී ලෑස්ති කර දුන් අලුත් ඇදුම් පැළඳුම ඔක්කොම පරණ වී කොට වි අදින්න බැරි තත්වයකට පැමිණ කාලේ..... පරන ඇදුම් ,ඉරුණු ඇදුම් අදින මාව, යාලුවෝ සෙල්ලමට නොගත් හැටි....මම ඒ නිසා ඔවුන්ගෙන් ඈත්වි කාමරයට වී හිටි හැටි.....ඔවුන් මාව කොන් කරන බව සීතම්මා දැනගත් පසු......මගේ හිත සැනසෙන්න සීතාම්මා හා සිස්ටර් මේරි කතා කරපු හැටි මට තාමත් මතක් වෙයි..... මම ගෙදරින් එනවිට මමී මසාදි ගෙනා, අලුත් ඇදුම් බොහෝ පරණ වි අදින්න බැරි තත්වයේ උනත් මම ඒවා සෝදා මැද පුලුවන් පිලිවෙලට අදින්න උත්සහ ගත්තෙමි. ගෙදරින් එන විට හිටිය පෙනුමට වඩා පොඩි වෙනසක් පමනක් මගේ සිදුවි තිබුන නිසා පරණ ඇදුම් මම දිගටම ඇන්දෙමි. නමුත් ඒවා දිනපතා අදින නිසා බොහෝ පරණ වී ඉරී ඇති බව දැනගෙන සීතම්මා මට කිව් දෙයක් මට තාමත් මතක් වෙයි....
"අයිරින් බේබිට අලුත් ඇදුම් මොනවත් ගෙදරින් එවන්නෙ නැති නිසා..... මම අපේ ලොකු මැඩම්ට කියලා, පල්ලියෙන් ළමා මඩම් වලට අරින්න ගෙනත් තියාගෙන ඉන්න ඇදුම් මොනව හරි ඉල්ලලා දෙන්න බලන්නම්..."
"අනේ එපා සීතම්මේ.....කොන්වන්ට් එකේ ළමයි දැනගත්තොත් මට හිනා වෙයි...."
"මම අනෙක් ළමයින්ට හොරෙන් ගෙනත් දෙන්නම්කෝ බේබී....."
ඉන් පසු ඇය සිස්ටර් මේරි හරහා....., ළමා මඩම් වලට අරින්න, පාසැලේ දරුවන්ගෙ දෙමව්පියන්, ගෙනත් දී තිබුන පරණ ඇදුම් මට අදින්න ගෙනත් දුන් හැටි....අදටත් මම අදින්නේ ඒ ඇදුම් බවත් මට දැන් මතක් වේ.....මම වැඩිවියට පැමිනියාට පසු මට අදින්න ඇදුම් පැළඳුම් ගෙනත් දුන්නේ සීතාම්මා හා සිසිටර් මේරි බව සිහිපත් වී මට දුක සිතේ.....ඔවුන් ගැන ලොකු ආදරයක් ඇතිවේ.....සමාජ සේවා ආයතන වලට කොන්වන්ට් එකෙ දරුවන්ගෙ පරණ ඇදුම් එකතු කර,.....මම දැන් මේ ඉන්නවා වගේ ළමා මඩම් වලට, ඇදුම් පැළඳුම් පොත් පත් අවුරුද්දකට දෙතුන් වතාවක් අරින බව මම දැනන් උන්නෙමි....
බදුල්ලේ බාළිකා නිවාසයට ඇවිත් සුමානයක් ගෙවි ගිය කල.... මම එහි එදිනෙදා කටයුතු වලට නැතහොත් දින චරියාවට බොහෝ ඉක්මනට පුරුදු පුහුණු විය.
කොන්වන්ට් එකක හැදි වැඩුන මගේ ඉංග්‍රීසි දැනුම හොද නිසා බාලිකා නිවාසයේ පාලිකාවගෙ වැඩි සැලකුම් මට ලැබුනි. කොන්වන්ට් එකේ මේට්ට්‍රන් ගෙ රළු ගොරොසු ගතිගුණ වලින් හෙම්බත් වි සිටි මට, බාලිකා නිවාසයේ පාලිකාවගේ ආදර සැලකුම් සතුටට හේතුවක් විය.
"ඩිලානි ඔයාට එන සුමානෙ ඉදන් බදුල්ලේ මද්‍ය මහා විදලයට අනෙක් ළමයින් වගේම ඉස්කෝලේ යන්න පුලුවන්.....ඔයාව ඒ ඉස්කෝල හත වසරට ඇතුලත් කරලා තියෙන්නේ ..."
"තැන්ක්ස් මැඩම් ..."
"හැමදාම උදේ හත වෙනකොට ඔයා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා... මේ නිවාසේ ඉන්න අනෙක් පොඩි ළමයින්ටත් ඉස්කෝලේ යන්න ඇදුම් ඇදගන්න, ඔළු පීරගන්න උදව් කරන්න ඕනේ....
"හොදයි මැඩම්...."
"ඒ වගේම අනිත් ලොකු ළමයි එක්ක, පොඩි ළමයි ටික ඉස්කෝලේ එක්ක යන්නත් ඕනේ....ඒ වගේම ඉස්කෝලේ ඇතුලතදි පොඩි ළමයි ටික බලා ගන්න ලොකු ළමයින්ට උදව් කරන්නත් ඕනේ..."
"හොදයි මැඩම්...
"ඒ වගේම ඔයාගෙ ඉංග්‍රීසි දැනුම හොද නිසා, මේ මඩමේ අනෙක් ළමයින්ටත් ඉංග්‍රීසි භාශාව ඉගෙන ගන්න උදව් කරන්න ඔනේ..."
"හොදයි මැඩම් .."
බාළිකා නිවාසේ පාලිකාව යටතේ සිටින දැරියන් 36 දෙනාත් අවුරුදු පහට අඩු පිරිමි දරුවන් අට දෙනාත් එකම පවුලක දරුවන් ලෙස මෙහි හැදේ....
"උදේ පහ මාර වෙනකොට නැගිටලා කුස්සියේ ලතා අක්කට, මාලා නැන්දට උයන පිහන ,නිවාසෙ අතුපතුගා වැඩ වලට උදව් කරලා තමයි ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න ඔනේ....ඒ වගේම අනෙක ලමයි වගේ වත්ත පිටිය අතුපතුගාන වැඩ එළවළු වගා කටයුතු වලට හැමදේටම උදව් කරන්න ඕනේ ඩිලානි ....අපේ කුස්සියේ දෙන්නෙක් වැඩ කරනවා....ඒ උනාට ඊට අමතරව මෙහි නැවති ඉන්න ලොකු දරුවන් තමයි අනෙක් පිරිසිදු කිරීම් වැඩ කරන්නේ.....එක එක්කෙනාට වෙන වෙන වැඩ නියම කරලා තියෙනවා......උදේ ඉස්කෝලේ යන්න ඉස්සර පන්සිල් සමාදම්වෙලා හැමෝම උදේ කෑම කාලා, දවල් දහයට කන්න මොනව හරි කෑමක් අරගෙන තමයි ඉස්කෝලේ යන්නේ.....
".......
"අපට හැමදාම පිංවතුන්ගෙන් දාන කෑම හම්බවෙන්නෙ නෑ .....ඒ නිසා දානෙ හම්බවෙන්නෙ නැති දවසට උදේට මෙහෙ ඉන්න ළමයින් ට දෙන්නෙ පාන් පරිප්පු , එහෙම නැත්නම්, බත් පොල්සම්බෝල වගේ දේවල් තමයි ..අන්න ඒ වගේ දවසට කෑම හදන්න ඩිලානිත් කුස්සියේ අයට උදව් කරන්න ඕනේ..."
"හොදයි මැඩම් ..."
"සෙනසුරාදා ඉරිදාට තමයි, නිවාසෙ ළමයින් ට පිට ගෙවල් වලින් වැඩියම කෑම හම්බ වෙන්නේ...සමහර දවසට තුන් වේලටම දානේ හම්බවෙනවා..එතකොට ඉතිං රසට කන්න හම්බ වෙනවා....රස කැවිලි, අතුරුපස එහෙම කන්න මේ ළමයි හරි කැමතියි .......සමහර දානපතියන් ළමයින්ට ඉස්කෝලේ ගෙනියන්න පොත්, පෑන් පැන්සල්, අලුත් ඇදුම් , සපත්තු පාර්සල් හදලා ලමයින්ට ගෙනත් දෙනවා...ඒගොල්ලන්ගෙන් ලැබෙන ඇදුම් පැලදුම් වගේම විවිද සමාජ සේවා ආයතන වලින් පරණ ඇදුම් සපත්තු එහෙම ගෙනත් දෙනවා මේ ළමයින්ට අදින්න... . ඉස්කෝලේ ගෙනියන්න අවශ්‍ය පොත් පත් බෑග් එහෙමත් ගෙනත් දෙනවා ඒවා තමයි මේ නිවාසෙ ළමයි පාවිච්චි කරන්නේ..."
"මම දන්නවා මැඩම් ..."
"ඩිලානි කොන්වන්ට් එකක හැදුනු වැඩුනු ළමෙක් නිසා ඔයාග් පෙනුම ගතිගුන එහෙම දැකලා මෙහෙට කෑම ගේන දෙතුන් දෙනෙක්ම ඔයා ගැන විස්තර මගෙන් ඇහුව්වා...ඒත් මම මුකුත් ඔයාගෙ විස්තර කිව්වෙ නෑ.....
"ඒක හොදයි මැඩම් ...මගේ එකම ආසාව කොහොම හරි හොදට ඉගෙන ගෙන හොද රස්සාවක් හොයා ගන්න එක....ඊට පස්සෙ මට කරන්න ලොකු වැඩක් තියෙනවා ..."
-හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා*




Comments