♨️අයිරින් ඩිලානි ♨️ (42 වෙනි කොටස)
- Prisila Godahewa

- Jul 13, 2021
- 5 min read
"ඩිලානි ඔයා හෙට කොළඹ යනව නම් දැන් කොන්වන්ට් එකට ගිහින් හෙට යන්න ලෑස්ති වෙන්න.....මම මදර් තෙරේසාට කියලා ,ඔයාට කොළඹ යන්න වාහනයක් ලෑස්ති කරලා දෙන්නම්...
එතකොට ඔයා බස් එකේ යන්න ඕනෙ නෑ.....ඔයාට යන්න ඕන තැන් වලට මගෙ ඩ්‍රයිවර් එක්ක යන්න පුලුවන් ...."
"අනේ ඕන නෑ සර්..... මම බස් එකේ යන්නම්..."
"මම මදර් තෙරේසාට කියන්නම්...."
රණදේව සර් සමග මම කන්‍යාරාමය තුලට ගොස් ඔහුට මදර් සමග කතා කරන්න ඇර මම කාර්‍යාලයෙන් එළියට වි සිටියෙමි...... ටික වේලාවකට පසු මදර් තෙරේසා මට කාර්‍යාලය තුලට අඬ ගැසුවාය.
"අයිරින් ඇතුලට එන්න...මේ මිස්ට් රණදේව ඔයාට හෙට කොළඹ යන්න වාහනයක් ලෑස්ති කරලා දෙන්නම් කිව්වා.. ...කොහොමත් තේ වත්තේ වාහනයක් හෙට කොළඹ යනවලු....ඔයාට ඒකේ කොළඹ යන්න පුලුවන් .....එතකොට ඔයා බස් එකේ යන්න ඕනෙ නෑ .....දෙවියන් වහසේ ඔයා ගැන බලලා තමයි , ඔයාට මේ වගේ හොද ගුණයහපත් කෙනෙක් ලඟ රැකියාවක් කරන්න ලැබුනේ.....සර් මට කිව්වා, සිස්ටර් මේරිව ඔයා දන්නවා කියලත් ....ඔයාට එයා උදව් කරලත් තියෙනවා කියලා ...., ඔයාට දැන් අපි මෙහි නවාතැන් දුන්නු කාලයත් ඉවර වේගෙන යන නිසා, මිස්ට රණදේව ඔයාට බෝඩිමක් හොයලා දෙන්න බලන්නම් කිව්වා.....ඉස්සර සිස්ටර් මේරි ඔයාට කරපු උදව් නිසා...එයා වෙනුවෙන් මේ සර් ඔයාට උදව් කරයි....මොකද ඔයත් කවදාහරි සිස්ටර් කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්නෙ කියලා මම මේ සර්ට කිව්වා......ඔයාගෙ සහෝදරයන් හොයා ගන්න පුලුවන් උනාට පස්සෙ, ඔයාගෙ සිහිනය සිස්ටර් කෙනෙක් වෙන එකනේ......ඔයාට ඊට පස්සෙ, නිදහසේ ඒ ආසාව ඉශ්ට කරගන්න පුලුවන් වෙයි..........මේ මිස්ට රණදේව ඔයාට ඒකට උදව් කරන්නම් කිව්වා.... එක කොච්චර ලොකු දෙයක්ද....... "
"බොහොම ස්තුතියි සර් මට උදව් කරන්න හිතපු එක....මම හෙට කොළඹ ගිහින් මගේ අය්යා, ,මල්ලි හම්බවෙලා.....ඊට පස්සෙ නංගි හොයාගෙන, එයාව මගේ ලඟට ගන්න එක තමයි මට මුළින්ම කරගන්න ඕනේ......"
"එහෙනම් මදර් තෙරේසා මම ගිහින් එන්නම්....ඩිලානි ඔයා හෙට උදේ පහ වෙනකොට ලෑස්ති වෙලා ඉන්න.... මම මෙහෙට තේ වත්තේ වහනයක් එවන්නම්......
ඔයා ඒකෙ කොළඹ ගිහින් ඔයාගෙ වැඩ කර ගන්න...."
"ගොඩක් ස්තුතියි සර්...."
නුවරඑළියේ සිට, රණදේව සර් ලබා දෙන වාහනයෙන් කොළඹ ගොස්,.... මදර් තෙරේසා අදුන්වා දුන්, කොළඹ කන්‍යාරාමයක, දවස් දෙක තුනක් නැවති හිද,..... මගේ සහෝදරයන් හමු වී ඔවුන් සමග අපේ ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරගන්නා අදහස ඇතුව.... මම කොළඹ යන්නට ලෑස්ති වෙමින් උන්නෙ බොහෝම උනන්දුවෙන්...... මදර් තෙරේසා මට තනියම මගේ අනාගතය ගැන තීරණ ගැනිමට ඉඩ සලසා ඈතින් ඉද බලා හිදි.... මම වැනි කාත් කවුරුත් නැති කෙනෙක් දිගටම ඇයට බලා ගැනිමට ඇති අපහසුව නිසා එසේ කරන්නවා ඇතැයි මට සිතේ....ඔහු ඒ වෙනුවෙන් මිස්ට රණදේවගෙන් උදව් ඉල්ලපු වගක් මට තේරුම් ගොස් තිබුනි.
පසුදින උදේ පාන්දර මම
රණදේව සර් එවා තිබු වාහනයෙන්, කොළඹ බලා ගමන් ඇරඹුවෙමි.
පැය ගානකට පසු, එම වාහනයෙන් මම කොළඹ බලා ආවේ හරි පහසුවෙනි..
රණදේව සර්ගෙ, වාහනෙ රියදුරු , එක දිගට ආ වාහනය අතරමගින් නවත්වා, මට උදේ කෑම කන්නට ඇරන් දුන්නේ රණදේව සර්ගේ කීමට බව මට තේරුනි .... මා සමග වාහනේ ගිය වයසක රියදුරු ද ගුණයහපත් කෙනෙක් බව මට වැඩි දුරක් යාමට මත්තෙන් තේරුම් ගියාය.....
නුවරඑළියේ සිට කොළඹට එනකම් ඔහු මා සමග ඉතා සුහදව කතා බස් කරමින් පැමිනීම මට ඉතා පහසු විය.... දහවල් දොළහ පමණ වෙනකොට අපට නුවරඑළියේ සිට කොළඹ දක්වා පැමිනිමට හැකි විය.... අපි ඇවිත් තිබුනේ කොළඹ ටවුන්හොල් බිල්ඩිම ඉදිරිපිට ඇති, වික්ටෝරියා පාර්ක් එකේ ඇතුල්වීමෙ ගේට්ටුව ලඟටයි..... ඒ තෝමස් මට එන්නට කිව් ස්තානය වේ.....
"ඩිලානි මිස්....මේ තමයි මිස්ගෙ සහෝදරයා කොළඹට ඇවිත් ඉන්න කියපු තැන.... මම මෙතන ඉන්නම්...., මිස් වාහනෙන් බැහැලා ගිහින් අවට බලන්න සහෝදරයෝ ඇවිත්ද කියලා ......"
මම වාහනයෙන් එළියට බැස, අවට බලනකල.....අවුරුදු විසිපහක් පමණ තරුණ පිරිමි කෙනෙකුත්, අවුරුදු විසි එකක පමණ තරුණ පිරිමි ළමයෙකුත් කඩිනමින් මා සිටින දෙසට දුවගෙන එනවා පෙනින.....
"අයිරින්....අයිරින්.....අනේ ඔයා.....ඔයාව අදුනගන්න බැරි තරම් වෙනස් වෙලා ....ලොකු වෙලා, ලස්සන වෙලා....මට හිතාගන්න බැරි තරම් සතුටුයි අයිරින් ...."
තෝමස් මාව උනුසුම් ලෙස බදාගෙන සිප ගත්තේ පුදුමාකාර සතුටකිනි.....ඒ ලග හිටිය ජූඩ්, අදුනගන්න බැරි තරම් වෙනස් වි සිටියේය... . ඔහුගෙ උඩු රැවුල වැවී ...තවමත් කෙසග ගතියකින් පසුවේ.....තෝමස් වගේම ජුඩ්ගෙත් කටහඬද වෙනස් වි තරුණ පෙනුමක් ගෙන තිබුනා වගේම ඔවුන් තුලින් බොහො කරදර විදපු පෙනුමක් දක්නට ලැබේ....
"කොහොමද ජූඩ් ...මාව අදුනගන්න පුලුවන්ද ....මම ජුඩ්ව බදාගෙන ඉම්බේ පුදුමාකාර සතුටකිනි.... අවුරුදු දොලහකටත් අධික කාලයක් වෙන්වි සිටි සහෝදරයන් වන අපට එකිනෙකා මුණ ගැසිම බොහෝ ඉවසුම් නැති සතුටක් විය. අප තුන්දෙනාගෙම ඇස්වලට සතුටු කදුළු උනාවිත් තිබුනි. අපි තුන්දෙනාම එකට බදාගෙන ටික මොහොතක් එක ලෙස එලෙස සිටියේ.... ඒ මොහොත හදවතින්ම විඳ ගනිමින්.....
"අයිරින් හොදටම වෙනස් වෙලා...ලස්සන වෙලා ...සුද්දියක් වගේ.......මාව ටික වේලාවක් උනුසුම් ලෙස වැලදගෙන සිටි තෝමස් හා ජූඩ් කීය.
"ඇයි ඔය දෙන්නත් දැන් ලොකු ඉලන්දාරි වෙලා නේ....අදුනගන්න බැරි තරම් ලොකු වෙනසක්.....මට කියා ගන්න බැරි තරම් සතුටක් දැනෙන්නේ තෝමස් ...."
" අපි ආවේ ජුඩ් කුළියට එලවන වාහනේ.....දැන් අයිරින් ආව වාහනයට අපි මොකද කරන්නේ...?
" මම ආවේ නුවරඑළියේ අපේ ඔෆිස් එකක වාහනයකනේ.....අපි එයාට දැන් යන්න කියමු....ආයෙත් මම නුවරඑළියේ යන දවසට එයාට එන්න කියමු නේද...? කොහොමත් ඒ වාහනය ,කොළඹ වෙන වැඩ වගයක් කරගන්න තියෙන නිසයි, මාවත් කොළඹ එක්ක ආවේ....එහෙනම් මම වාහනේ ඩැයිවර්ට කියලා එන්නම්, මම ඔයගොල්ලොත් එක්ක යනවා කියලා ...."
"ඔව් එහෙම කරමු...... දැනට අයිරින්ට අපිත් එක්ක යන්න පුලුවන් නේ......දැනට වෙන වාහනයක් අවශ්‍ය නෑ ....ජුඩ්ගෙ වාහනේ අපි රෝසිව බලන්න යමු නේද....?"
"ඔව්...එහෙම කරමු...."
මම නුවරඑළියේ සිට ආ ෆැක්ටෙරි වාහනය, පිටත් කර හැර මම තෝමස් හා ජුඩ් ආ වාහනයට නැග ගත්තෙමි.
"අපි කොහේට හරි ගිහින් දවල්ට කාලා ඉමු නේද අයිරින්.... උදේ ඉදන් ඇවිත් ඔයාට බඩගිනියි මහන්සිත් ඇතිනේ...."
" නෑ තෝමස් මම එන ගමන් උදේට කෑවා......අනේ තෝමස් අපි ඊට ඉස්සර රෝසි බලන්න යමුද...මට ඉවසිල්ලක් නෑ රෝසි දකින කම්......ලොකු මදර් බාලිකා නිවාසෙට දැනුම් දීලා තියෙන්නේ මම එන බව...... රෝසිත් ඒ බව දන්න නිසා ,ආසාවෙන් ඇති අපිව බලන්න .... දකින්න ....."
"එහෙනම් අපි යමු ..රෝසි ඉන්න කදානේ ළමා මඩමට...."
" මට හරිම දුකයි ..... අවුරුදු ගනනාවක් අපි සහොදර සහොදරියන් හතර දෙනා, හතර අතක වෙන් වෙලා හිටිය එක ගැන......ඒ වගේම මට හිතාගන්නත් බෑ අපිට මේ වගේ ආයෙත් එකතු වෙන්න ලැබීමත්... ...දැන් ලොකු මමී කොහේද තෝමස් ......එයා නම් මමීගෙ සහෝදරියක් කියන්න බෑ......අපි අමාරුවෙ වැටුන වෙලේ එයා අපි ගැන බැලුවෙ නෑ ....අපිව මඩම් වලට දාලා එයා රට ගියා...නිකමට අපි ගැන හෙව්වෙ බැලුවෙ නෑ .."
"ඔව්.....මාව එයාගෙ ගෙදර එක්ක ඇවිත් මගෙන් ගෙදර වැඩ ගත්තා.....එයා මාව ප්‍රයිවට් ස්කූල් එකකට ඇරියෙ නෑ අයිරින් .......මාව ඇරියේ ආන්ඩුවේ ඉස්කෝලෙකට....ඒකත් ඩැඩි අහපු නිසා......ඒ දවස්වල, ග්‍රැනී, මමී නැති වෙලා කරදර කාලයක් නිසා ඩැඩීට අපි ගැන බලන්න වෙලාවක් තිබුනේ නෑනේ.....අර නපුරු ජූලියා කරේ එල්ලගෙන ඩැඩි ජුඩ්වයි,රෝසිවයි ළමා මඩම් වලට දාලා.....අපිට අයිති වෙන්න තිබුන ඔක්කොම ජූලියාට දීලා, එයා මැරිලා ගියා.....මට නම් තවමත් ඩැඩි ගැන තියෙන්නේ කේන්තියක්.......
"මටත් එහෙම තමයි තෝමස් ......ඒ උනාට මැරුන අයගෙ වැරදි අපි කියන්න හොද නෑ....මේ ආත්මෙම ඩැඩි ඒවා විදවලා මැරිලා තියෙන්නේ .....ඉතිං ඔයා ලොකු මමීගෙ ගෙදර ඇවිත් ඊට පස්සේ ....මොකද උනේ....ලොකු මමීලා රට ගියාට පස්සෙ ඔයා කොහේද හිටියේ....?"
" ඊට පස්සෙ මාව මේ..... මම වැඩ කරන කඩේ මුදලාලිට භාර දිලා එයා මම ගැන හොයන්නෙ බලන්නෙම නැතුව රට ගියා......මම නම් එයාව ආයෙත් දකින්නවත් ආසා නෑ , අයිරින් .....ඩැඩි ජුලියා කසද බැදපු නිසයි.....ජූලියා අපේ මහ ගෙදර විකුනලා ගිය නිසයි, කේන්තියට තමයි ලොකු මමී අපි ගැන බැලුවේ නැත්තේ......."
"අනේ අර රෝසි පව්...මටත් අන්තිමට මඩමකට යන්න උනානේ තෝමස් ....... මඩමේ මැඩම්ලා, කොච්චර ගහලා වද දුන්නද මට....රොසිටත් එහෙම වෙන්න ඇති...පව්...අපි හතර දෙනාම..."
"හැබැයි ඉතිං ..... අයිරින්ව නම් කොන්වන්ට් එකකටනේ දැම්මේ මමී ඩැඩී..."
"ඒ උනාට මට අවුරුද්දයි කොන්වන්ට් එකේ ඉන්න හම්බුනේ......ස්කූල් ෆීස් ගෙවන්න කවුරුත් නැතුව .....ඊට පස්සෙ මාත් මඩම් වල තමයි හිටියේ..... අතනින් මෙතනින් මාරු වෙවි......ම්.....පුදුම දුකක් වින්දේ මාත්......"
"එහෙනම් අපි හැමෝටම එකම නරක කාලයක් තිබිලා තියෙන්නේ ....."
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා*




Comments