top of page

♨️අයිරින් ඩිලානි♨️

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jul 22, 2021
  • 3 min read

(නොසැලෙන දියණි)

(61 වෙනි කොටස )

ඩිල්ශාන්ගෙ රෝද පුටුව තල්ලු කරගෙන මමත් ඔහුගෙ උපස්ථායකයාත් කටුනායක ගුවන් තොටුපොලෙන් එළියට එනවිට, අංකල් නිශ්ශංක ,ලිලානී ආන්ටි හා තෝමස් අපිව පිළිගැනීමට පැමිණ සිටියේ බොහෝම සතුටින් බව දුටිමි...... ලිලානී ආන්ටි සිටියේ කහ රෝස මල් පොකුරක් අතේ තියාගෙනය..... ආන්ටි ලිලානී මල් පොකුර ඩිල්ශාන් අතට දී ඔහුව ආදරෙන් සිප ගෙන මාවද උනුසුම් ලෙස සිප ගත්තාය.... අංකල් නිශ්ශංක දෑසේ කඳුළු පුරවාගෙන උනුසුම් ලෙස ඩිල්ශාන්ව බදාගෙන ටික වේලාවක් හිටියේ අපේ දෑසටද කඳුළු ගලා එද්දියි......


දින දෙකක් ලිලානී ආන්ටිලාගෙ කොළඹ ගෙදර නැවති සිටි මම, නැවත නුවරඑළිය බලා ගියේ බොහෝම සන්තෝශයෙන්......ඒ ඩිල්ශාන් වෙනුවෙන් මට යමක් කරන්න ලැබුනු සන්තෝෂයටයි... සිංගප්පූරුවේ යන විට ඇදක තබා ගෙනියපු ඩිල්ශාන්, නැවත ලංකාවට ආවේ රෝද පුටුවකින් බොහෝ සුව අතට හැරියි.එය මට සතුටක් විය. ඔහුගෙ කකුල සුව අතට හැරුනත්, තව ටික කාලයක් කකුලට බර නොදා, පහසුවෙන් රෝද පුටුවේම යන්නට නියම කර තිබුනි.


"අයිරින්, ඩිල්ශාන් සර් එක්ක රට ගිහින් එයාගෙ කකුල හොද කරගෙන ආපු එක ගැන, ෆැක්ටෙරියේ හැමෝම කතා වෙනවා..."


"ඔව්...දැන් අයිරින්, ඩිල්ශාන් සර්ව කවද්ද කසාද බදින්නෙ කියලත් සමහරු අහනවා...."


"ඩිල්ශාන්ගෙ කකුල හොද උනාට, තාම වීල් චෙයාර් එකේ යන්නේ....තව ටිකක් හොද උනාම ලිලානී මැඩම් ඒ දෙන්නව කසාද බන්දලා දායි. ..."


"මොනව උනත් අයිරින්ට කියන්න ඕනේ , පුලුවන් ඉක්මනට කසාද බදින්න කියලා ...ඕවා දැන් පරක්කු කරන්න හොද ඒවා නෙමේ....."


"ඔව්, ඔව් ඒක ඇත්ත...."


ජූඩ් හා තෝමස්ට දැන් මාව, ඉක්මනට කසාද බන්දා දීමට හදිස්සි බව පෙනේ......


💗මාසයක පසු💗


දැන් ඉතිං ඩිල්ශාන්ට ටිකක් සනීප උන එකේ, තව පරක්කු නොවි අපි, මේ දෙන්නව සුළුවෙන් අවශ්‍ය දේවල් විතරක් කරලා කසාද බන්දලා දාමු නේද....?පස්සෙ බැරියැ ලොකුවට වෙඩින් එකක් ගන්න.


"ඔව්....ඩිල්ශාන් දැන් කිහිලි කරු වලිනුත් යනවා, එයාට එයාගෙ වැඩ එහෙම තනියම කරගන්නත් පුළුවන් එකේ.......අපි ඩිලානි වෙනුවෙන් ඒ දේ ඉක්මනට කරලා දාමු...මම කැමති නෑ ඕවා පරක්කු කරන්න ....පහු පහු වෙනකොට කොහු කොහු වෙනවනේ....තෝමස්ටත් එන්න කියලා මේ වැඩේ ඉවර කරලා දාන්න ඕනේ...... අපි ආයෙත් රට යන්න ඉස්සර මේක කරමු නේද නිශ්ශංක .....? ඩිල්ශාන්ට හොදටම සනීප උනාම ඒ දෙන්නට නිව්සීලන්ඩ් ඇවිත් ලොකුවට පාර්ටියක් ගන්න බැරියැ, යාලුවො නෑදෑයෝ එක්ක....."


ආන්ටි ලිලානී කවදත් මා ගැන හිතයි.


"අපි නුවරඑළියේ බංගලෝ එකට යමුද මේ දෙන්නගෙ වෙඩින් එක කරන්න ....ඒ දෙන්නා මුළින්ම එකට හමු උන තැනනේ එතන....."


"ඔව් ඔයා කියනවා වගේ, ඊට පස්සෙ නිව්සීලන්ඩ් ගිහාම, ඩිල්ශාන්ගෙ අක්කයි, අය්යයි, යාළුවොයි ඔක්කොම එක්ක, ලොකුවට ඒ දෙන්නගෙ වෙඩින් එකක් එහේ ගමු...."


"ඔව්...ඒක හොදයි ...."


"ඩිලානි කැමති උදේට චර්ච් එකේ කසාද බැදලා,...ඊට පස්සෙ දවල්ට, ඉස්සර ඩිලානි හිටිය බදුල්ලේ බාලිකා නිවාසෙ අපේ විවාහය සමරන්නලු ......එදාට නිවාසෙ ළමයි ටිකට හොද කෑමක් දෙන්නත් ඕනෙලු ........මමත් එයා කියන විදිහට කරන්න කැමතියි ආන්ටි .... ඩිලානි කැමති විදිහට අපි අපේ වෙඩින් එක එහේ සමරමු...... "


" ඒක ඔය ගොල්ලන්ගෙ කැමැත්ත ....එහෙනම් අපි බදුල්ලේ බාලිකා නිවාසයේ අලුත් මැඩම්ට ඒ ගැන දැනුම් දෙමු...."


"ආන්ටි ....බාලිකා නිවාසේ ළමයි ඔක්කොටම එදාට අපි අදින්න අලුත් ඇදුම් ඇරන් දෙමුද....?


" හොදයි ,එහෙනම් කොහෙන් හරි ඕර්ඩර් කරලා අපි දවල් කෑම එහෙට යවමු...."


"එහෙම හොදයි ....ඊට පස්සෙ අපි එදාම හවස නුවරඑළියේ එන්නම්.....නිශ්ශංක අංකල්ගෙ යාළුවන්ටත්, එදාම හවස අපේ වෙඩින් එක වෙනුවෙන් කෑමක් දෙන්න ඕනෙ කිව්වනේ..."


"හරි එහෙනම් අපි ඩිලානිටයි, ඩිල්ශාන්ටයි වෙඩින් එකට ඕන ඇදුම් එහෙම දැන්ම ලෑස්ති කර ගමු.....මම ඒවා ඔක්කොම මගෙ ගානේ ලෑස්ති කරලා දෙන්නම්......මම අඳුනන මණමාළියන්ට අන්දන ගර්ල් කෙනෙක් ඉන්නවා නුවරඑළියේ ..., අපි එයාට කියලා ඩිලානිට එදාට අන්දගමු....අපේ බංගලෝ එකේ එදා රෑට වෙඩින් එක සුළුවෙන් සමරමු.....අහල පහල තේ වතුවල අඳුනන කට්ටිය එක්ක....."


"ආන්ටි එතකොට අපි බදින්නේ කොහේද...? ඩිලානි නම් කැමති චර්ච් එකේ කසාද බදින්න...."


"ඔව්...අපි මදර් තෙරේසාට කියමු , චර්ච් ඒකේ කෙරෙන්න ඕන වැඩ ටික එයාට බලලා කරලා දෙන්න කියලා ...."


"ඉතකොට ආන්ටි ....ඩිල්ශාන්ගෙ අම්මා කැමති වෙයිද...ඩිල්ශාන් චර්ච් එකේ බදිනවට...."?


"ම්ම්....ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ....ඩිල්ශාන්ගෙ අම්මා ,ඩිල්ශාන්ගෙ වගකීම අපට භාර දීලා තියෙන්නේ ...."


"අම්මෝ....ඩිලානිගෙ මුනේ තියෙන සන්තෝෂය....මෙච්චර ඉක්මනට ඔයාට කසාද බදින්න ලැබෙන නිසාද ලොකු සතුටකින් ඉන්නේ ....?එහෙම නැතුව චර්ච් එකේ කසාද බදින්න ලැබෙන නිසාද....?"


"හ...හා...එහෙමත් නෑ ආන්ටි ...මම ඉපදුනේ කොහේද,.... හිටියෙ කොහේද ,අද ඉන්නෙ කොහේද බැලුවම....මට ගොඩක් සතුටුයි ....ඒ වගේම ආන්ටි මට පොඩිකාලේදි මීගමුවේ කොන්වන්ට් එකේදි මට ගොඩක් උදව් කරපු සීතම්මාවත් මගේ වෙඩින් එකට මෙහෙට ගෙන්න ගන්න ආසයි...."


"ඉතිං ඔයා සීතම්මා ඉන්න තැනකට කෝල් එකක් දීලා කියන්න ඔයා මැරි කරන්න යන්න හදන්නේ ,එයාට මෙහෙ එන්න කියලා.... අපි ඩ්‍රයිවර් කෙනෙක් අරිමු සීතම්මා මෙහෙට ගෙන්න ගන්න......"


"අනේ මට හරිම සතුටුයි ආන්ටි....."


"ඩිල්ශාන් මට ඔයා කැමති දේවල් වේලාසන කියලා තිබුනේ...."


"ඩිල්ශාන් මාව හොදින්ම තේරුම් ගත්ත එක,....මට හරි සතුටුයි..... සීතම්මව මෙහෙට ගෙන්න ගන්න පුලුවන් එක ලොකු දෙයක් ....ඒ වගේම මට බදුල්ලේ බාලිකා නිවාසෙන් පැනලා එන්න උදව් කල කුසුමෙ නැන්දට, එයාගෙ දුවයි බෑනටත් මගේ වෙඩින් එකට එන්න කියන්න ඕනේ...."


"තව කාටද කියන්න ඕනේ ඩිලානි .....?


"එතකොට ලතා අක්කටත් කියන්න ඕනේ.....එයා නම් තවම බදුල්ලේ බාලිකා නිවාසෙ ඉන්නවලු....අපි කසාද බැදලා ඉස්සෙල්ලම එහෙ ගිහාම ,මට එයාව හම්බවෙයි. එතකොට මට නිවාසේ හිටිය ඔක්කොම නංගිලා, අක්කලත් හම්බවෙන්න පුලුවන් ..... බදුල්ලේ බාලිකා නිවාසෙන් මම පැනලා ආවට පස්සෙ නිවාසේ නංගිලා අක්කලා බලන්න යන්නත් බැරි උනානේ.....දැන් මට බැදපු දවසට එහේ ගිහින් ඒගොල්ලොත් එක්ක ඒක සමරන්න පුලුවන් එක ගැන තියෙන්නෙ ලොකු සතුටක්.... ඒ වගේම මට බදුල්ලේ බාලිකා නිවාසයෙන් පැනලා යන්න කිව්ව අර උස පිරිමි කෙනාටත් මගේ වෙඩින් එක කියන්න පුලුවන් නම්!! ....අනේ....එයා නිසානෙ මම අද මේ වගේ හොද තැනක ඉන්නේ...."


"ඒ කෙනාව කොහොමද හොයන්නේ....?


"එයාගෙ විස්තර නම් ලතා අක්කා දන්නවා ඇති...."


"අපි බලමු ...එයාව හොයාගන්න පුලුවන් වෙයිද කියලා ...."


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page