top of page

♨️අයිරින් ඩිලානි ♨️

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jul 13, 2021
  • 5 min read

නොසැලෙන දියණි

( 29 වන කොටස )

බදුල්ල පාසැලේන් උසස් පළ විභාගයට පෙනි සිටිමෙන් පසු....., මගේ හිත නිතර දැවෙන ප්‍රශ්නයක් වී ඇත්තේ පුලුවන් ඉක්මනට රස්සාවක් හොයා ගන්නෙ කෙසේද යන්නයි...... ඒ වගේම පුලුවන් ඉක්මනට තෝමස්, ජූඩ් හා රෝසි හොයාගන්නේ කෙසේ කියාද, නිතර සිතමින් එයට මගක් හදාගන්නට උත්සහ ගනිමින් කාලය ගත කරමි ..... දැන් මතුවි ඇති ප්‍රශ්න අතර, මූලිකම දෙය රැකියාව උනත්, ඊටත් වඩා මගේ සහෝදරයන් සොයා යෑම, රැකියාව හරහා කරගැනීම මගේ ඊළග අරමුණ වේ.... පුලුවන් ඉක්මනට සහෝදරයන් සොයා යෑමට දින ගනන් කරමින් මම කාලය ගත කරමි..... එයට මට බාලිකා නිවාසයේ පාළිකාවගෙන් හෝ කවරකු ගෙන් හෝ උදව්වක් ලබා ගැනීමේ අවශ්‍ය තාවය දැන් වැඩි වැඩියෙන් දැනේ....


"ඩිලානි නංගි.... අපේ

ආච්චි හොදටම සනීප නෑ කියලා අපේ මාමා අද කෝල් කරලා කිව්වා,... මම මේ දැන් අපේ ගමේ යනවා, දවස් දෙක තුනකින් තමයි ආපහු බදුල්ලේ එන්නේ....නංගි මම ගිහාම, කුස්සියේ වැඩ කරන විමලා අක්කට ටිකක් වැඩට උදව් කරන්න, හොදද...?"


"හොදයි ලතා අක්කේ...අක්කා ගමේ ගිහින් පරිස්සමට එන්න ..."


පාසැල් වැඩකටයුතු ඉවර කර, කම්මැලි කමට නිවාසේ ඉන්නා මම ,මේ දවස්වල නිතර කුස්සියේ වැඩ කරන අයට උදව් කරන්නෙමි..... වත්ත පිටිය අතුගා, එළවළු ,මල් හිටවන වැඩ වලට ඕනෑවටත් වඩා උදව් කරන්නෙමි. දවල් වරුවට නිවාසේ පාලිකාවගේ කාර්‍යාලයේ වැඩ,වලට උදව් කරන්න යන්නේ නම් බොහෝ කැමැත්තෙනි.


මේ දිනවල නිවාසේ පාළිකාව මට බොහෝ ලෙන්ගතු ලෙස කතා බස් කරයි, නිතර අලුත් ඇදුම් එහෙම ගෙනත් දෙයි....ආදරෙන් කතා බස් කරයි....


"ඩිලානි හෙට හවසට මම අර කිව්ව මගේ කොළඹ යාලුවො දෙන්නෙක් නිවාඩුවට මෙහෙ නවතින්න එනවා ....මම ඔයාට කිව්වේ, ඒගොල්ලන්ට පුලුවන් වෙයි, ලේසියෙන්ම ඔයාට කොළඹ රස්සාවක් හොයලා දෙන්න....එහෙම උනොත් ඔයාට, ඔයාගෙ අය්යා ,නංගි මල්ලි එහෙම ලේසියෙන් හොයාගන්නත් පුලුවන් වෙයි..........මම ඒ දෙන්නට ඔයාව හෙට අදුනලා දෙන්නම්.....ඔයා ඒගොල්ලෝ එක්ක හොදට කතා කරලා, ඔයාට රස්සාවක් හොයලා දෙන්න කියලා කියන්න....නංගියි මල්ලියි හොයලා දෙන්නත් කියන්න ..."


"හොදයි මැඩම් ....ඇත්තටම නංගි මල්ලි හොයා ගන්න පුලුවන් නම් මම හෙට උනත් කොළඹ යන්න කැමතියි ....."


"ඒක තමයි ඩිලානි , ඔයා ඒගොල්ලන්ට කියලා, කොහොම හරි කොළඹ රස්සාවක් හොයාගෙන කොළඹ යන්න ....දැන් ඔයාට අවුරුදු දහ අටත් උනානේ...."


අපොස සාමාන්‍ය පෙළින් පසු ,උසස් පෙළ විභාගයට ලිව්වත්, මම ඒ තරම් හොදින් එම විභාගය සමත් නොවීම නිසා, දෙවන පාරට උසස් පෙළ ලිවිම නතර කර දැමුවෙමි.... ඒ වගේම විභාග ප්‍රතිඵල එන්නට ප්‍රථම මම රස්සාවල් වලට ඇප්ලිකේෂන් දාන්න පටන් ගෙන තිබුනේ නිවාසේ පාලිකාවට හොරෙන්......මේ කාලය තුල, රස්සාවක් හොයා ගන්න එක, හිතන තරම් ලේසි නොවන බව, දැන් මට වැටහී තිබුනි. ...මට රස්සාවක් නොලැබුනොත් නිවාසෙ පාලිකාව, ඇය කැමති කෙනෙක්ට මාව කසාඳ බන්දා දී ,මේ නිවාසෙන් මාව එළියට යවන්නටද බැරි කමක් නැත ....මම මේ නිවාසයේ නවතින්න ආපසු, මේ නිවාසෙ සිටි වැඩිහිටි අක්කලා දෙතුන් දෙනෙක්ම පාලිකාව සොයා දුන් අහිංසක පිරිමි අය කසාඳ බැඳ නිවාසය හැර ගිය හැටි මට මතකය..... ඒ වගේම සමහර වැඩිහිටි අක්කලා, අවුරුදු දහඅට පිරුනාට පසු රැකියා සොයාගෙන, නිවාසයෙන් එළියෙ, බෝඩිම් සොයාගෙන ගිය හැටිද මට මතකය. දැන් මටත් ඔවුන් කල ලෙස මේ නිවාසයෙන් අස්වි, මෙයින් එළියේ ලෝකය වෙත යන්නට ආසාව ඇති වි ඇත....ඒ වෙනුවෙන් දෑස් දල්වා බලාපොරොත්තු ගොන්නක් හිතේ රදවා ගෙන බලා හිදින්නෙමි.


"ඩිලානි මම අර ඊයේ ඔයාට කිව්ව යාළුවෝ දෙන්නා අද හවස මෙහෙ නවතින්න එනවා......ඒගොල්ලන්ට රෑ කෑම හදන්න, ගෙවල් අස්කරන්න ඔයා මට උදව්වට එන්න ඕනේ... ..අපි බලමු එගොල්ලන්ට කියලා ඔයාට ජොබ් එකක් හොයාගන්න පුලුවන් වෙයිද කියලා ... .... "


" අද රෑට මම මැඩම්ගෙ ගෙදර වැඩට, උදව්වට එන්නම ඕනද මැඩම් ....?


"ඔව්...ඔව්...අද ලතාත් ගමේ ගිහින්, ඔයා කුමුදිනී එක්ක හවස් වරුවේ අපේ ගෙවල් පැත්තෙ එන්න....ඩිංගි අම්මා නම් දැනටත් අපේ ගෙදර ගිහින් රෑට කෑම උයන්න පටන් ගෙන ඉන්නේ.....ඔය දෙන්නා හොද ලස්සන ගවුමකුත් ඇදගෙන එන්න....ඔයගොල්ලන්ට රස්සාවල් හොයාගන්න වැඩෙත් කතා කරන්න තියෙන නිසා, ඔයාගේ ඇප්ලිකේෂන් එකකුත් ඇරගෙන එන්න....වැඩි දවසක් යන්න ඉස්සර ඔයාට ජොබ් එකක් හොයාගන්න පුලුවන් වෙයි....ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් නිසා ලේසියි ...."


මේ නිවාසේ අවුරුදු හතරක කාලයක් ජීවත් උන මට, දැන් ලංකාවේ කොහේ හරි රස්සාවක් හොයාගෙන යන්න ආසාව ඇති වි ඇත....ඒ වැඩිපුරම මගේ නංගි මල්ලි හා අය්යා සොයා ගැනීමටයි.. . එබැවින් මැඩම් කිව් එයාගෙ යාළුවන්ට කියා හෝ පුලුවන් ඉක්මනට කොළඹ රැකියාවක් සොයා ගන්න, රැකියා ඉල්ලුම් පත්‍රයක් ඔවුන්ට දීමට ආසාව ඇති වි ඇත..... නමුත් මැඩම් පදිංචි වෙලා සිටින ඇගේ නිවසට යෑමට නම් මට යන්නම නොසිතේ.....


නිවාසේ පාළිකාව නැවති සිටින ගෙය, බාලිකා නිවාසයේ වත්තේ පල්ලෙහා කොනක පිහිටා තිබේ ...ඇය එම ගෙදර ඉතා පිළිවෙළට ලස්සනට සරසා ගෙන තියාගෙන ඇත. නිවාසේ ලොකු ළමයින් ඒ ගෙදර අස්කර අතුපතුගා ,ලස්සන කරන වැඩ කර දෙයි..... දිනක් දෙකක් මමද ඒ නිවසට ගොස් ඇත. ඒ කොළඹ ස්වෙච්ඡා සංවිධාන වලින් දරුවන්ට ගෙනත් දුන් වියළි ආහාර හා ඇදුම් පැළඳුම් පාළිකාවගේ ගෙදරට ගෙන ගොස් දැමීමටය....බාලිකා නිවාසයට ලැබෙන අමතර කෑම , බඩු මුට්ටු ඔක්කොම නිවාසේ පාලිකාවගෙ ගෙදර කාමරයක් පිරෙන්න ගොඩ ගසා ඇත. ඒවා නැවත බාලිකා නිවාසය වෙත එන වාර ගනන බොහෝ අඩුය. ඒවා පාළිකාවගේ නෑදෑයින් යාලුවන් අතර බෙදාහරින බව සුළු සේවකයින් කියති.


"එහෙනම් මම අද ඉක්මනට ගෙදර යනවා ඔයා කුමුදිනී එක්ක අපේ ගෙවල් පැත්තෙ දැන්ම එන්න...."


අද ලතා අක්කත් ගමේ ගොස් නිසා , මැඩම් මට රැකියාවක් හොයාගන්න එන්න කිව් එක ගැන කියන්නවත් කෙනෙක් නැත....මම බාලිකා නිවාසයේ කුමුදිනී අක්කා හමුවන්න ගියේ අද හවස මැඩම් ලගෙ ගෙදර යායුතු බව කීමටයි....


"කුමුදිනි අක්කේ මැඩම් අපි දෙන්නට අද මැඩම්ලගෙ ගෙදර අස්කරන වැඩට එන්න කිව්වා....අක්කත් යනව නේද...?


"නොයා කොහොමද ඩිලානි .. ....නොගියොත් අපේ අතපය කැඩෙන කම් ගහයි....මම නම් ඒ බයටමයි ඔය වැඩේට ඒ ගෙදරට යන්නේ...."


"ඇත්තටම අක්කේ මැඩම් ඔය කියන තරම්ම සැරද...?


"අනේ....අනේ ඔයා ඒකවත් දන්නෙ නැද්ද ...? කොහේද ඉතිං ...අපේ මඩම් ඔයාට විශේෂ සැලකිලි දක්වනවනේ කන්‍යාරාමයක ඉදලා ආව නිසා...."


"එහෙම නෙමේ අක්කේ.....මටත් දැන් මේ රස්සාවක් හොයාගන්න උවමනාවයි තියෙන්නේ ....ඒකයි... මැඩම් කිව්වා එයා අදුනන අයට කියලා මට මේ ජොබ් එකක් හොයලා දෙන්න හදන්නේ කියලා .. ...ඒකයි මේ මම අද එහෙ යන්න හිතුවෙත් ...."


"ඔව්...ඔව්...ඒක හොදයි ..අපට වගේ නෙමේ....ඔයාට නම් පුලුවන් ඉක්මනට ඒ අය රස්සාවක් හොයලා දෙයි....ඔයාට ඉතිං මොනවයින් අඩුපාඩුවක්ද....?ඩිලානි ඉක්මනට ලෑස්ති වෙන්න....යන්න පරක්කු උනොත් මැඩම්ගෙන් බැනුම් අහන්න වෙයි...."


"මගේ හිතට නම් හරි නෑ කුමුදිනී අක්කේ....මට බයයි එහේ යන්න ...."


"පිස්සු නැතුව එන්න ඩිලානි .....ඒවගේම හොද අලුත් ගවුමක් ඇදගෙන එන්න....කොළඹ ඉදන් එන අයට පේන්න අපි හොදට ඉන්න ඕනේ....ඔයාගෙ රැකියා ඉල්ලුම් පතකුත් ඇරගෙන එන්න...."


හවස හයට විතර මම මට තියෙන හොදම ඇදුමෙන් සැරසී, ඩැඩි ගෙනත් දුන්, ග්‍රැනීට අයිති මමී පැළැදි රත්තරං මාලයද මම පැළද ගෙන බාලිකා නිවාසේ පාළිකාවගේ ගෙදර බලා ගියේ කුමුදිනී අක්කා සමගයි..... ඇයත් මම මෙන්ම මැඩම් දුන් ලස්සන ගවුමක් ඇදගෙන ඉදී.....


මම මගේ අධ්‍යාපනය සුදුසුකම් ඇතුලත් රැකියා ඉල්ලුම් පත්‍රය රැගෙන මැඩම්ගෙ ගෙවල් පැත්තෙ ගියේ බොහෝම බලාපොරොත්තු රැසක් හිතේ රදවාගෙනයි...ඒ පුලුවන් ඉක්මණට රැකියාවක් සොයාගෙන මගේ සහෝදර සහොදරියන් සොයා ගැනීමේ අරමුණ ඇතුවයි.....


මාත් කුමුදිනී අක්කාත් මැඩම්ගෙ ගෙදර කුස්සිය පැත්තෙන් ගෙට ඇතුල් වෙනවා දුටු මැඩම්ගෙ මුහුණ සතුටින් ඉපිලෙනවා මම දුටිමි.


"එන්න එන්න ඩිලානි ....ඩිංගි අම්මා නම් රෑට කෑම උයලත් ඉවරයි ......ඔය දෙන්නා මට මේ කට්ලට් ටික බැදගන්න උදව් කරන්න ...... ආ.....කුමුදිනී ඔයා ඊට ඉස්සෙල්ලා අර ඉස්තොප්පුව හොදට අතුගාලා දාන්න....අද අපේ අක්කත් ගෙදර නෑ....මාතර ගිහින්....ඔය දෙන්නට ටිකක් රෑ වෙනකම් ඉදලා මට උදව් කරන්න වෙයි...කෑම ටික එහෙම රත් කරලා මේසෙට අරින්නත් උදව් කරන්න වෙනවා......."


"හොදයි මැඩම් ..."


"ඩිලානි මේ කෑම පිගන් ටික පිහිදලා ලෑස්ති කරන්න.....අර වීදුරු ටික අරහෙන් තියන්න.....මේ බියර් වයින් බෝතල් අර පත්තෙන් තියන්න....කොළඹ කට්ටිය ඉතිං උඩහ පලාත් වලට ආවහම සීතල යන්නත් එක්ක ඩිරින්ක් එකක් ගන්න කැමතියිනේ.....ඩිලානි බයිට්ස් ටික ලෑස්තිද බලන්න ...?


රෑ හත විතර වෙනකොට මැඩම්ගෙ යාලුවො තුන්දෙනෙක් කොළඹ ඉදන් වාහන දෙකකින් මැඩම්ගෙ ගෙදරට ආවේය . ඒ වන විට මාත් කුමුදිනී අක්කත් කුස්සියේ වැඩ ඉවර කර තිබුනි.


පාලිකාවගෙ යාළුවන් ඇයගේම වයස විතර ඇති...., උසමහත බඩ මහත පිරිමි දෙනෙක්ද ඒ අතර විය. ඔවුන්ගේ අතේ කරේ රත්තරං මාල එල්ලෙයි.....ඔවුන් තමන්ගෙම වාහන වලින් මෙහි පැමින සිටියේ දින දෙක තුනක් නවතින්න බව ඔවුන් ගෙනත් තිබු ඇදුම් බෑග් වලින් පෙනේ.....ඔවුන් සල්ලි බාගේ තියෙන අය බව බැලු බැල්මට පෙනේ....


"ළමයි අර බෑග් ගෙට ගන්න අර සර්ලාට උදව් කරන්න .....ඉක්මන් කරන්න ..."


"වව්....මේ නිවාසෙ ඉන්නවනේ ලස්සන ළමයි...කොහෙන් හොයා ගත්ත අයද මේ.....? මේ කවුද අප්පා මේ.... සුද්දියක්වගෙ කෙනා...?


*ප්‍රිසිලා ගොඩහේවා*රිමින්ග් ආශ්‍රය ලැබි තිබුනෙම නැති තරම්‍ය... ...ඉතිං ඔවුන්ගෙ බැල්ල, හිනාව, ඇස් වලින් ඉඟි මැරිම මගෙ හිත හොදටම බය කල ගානය. ...මම ඔවුන් කිව් දේ නොඇසුනා ගානට කුස්සියේ පැත්තට ගොස් එහි වැඩක නිරත විය.


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා*

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page