top of page

💞 අමුතු දීගේ 💞 අමුතු දීගේ... අවසන් කොටස 🌹🌹🌹

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jun 28, 2020
  • 9 min read

Updated: Jun 29, 2020

( 26 වෙනි කොටස )



😠😠😠😠😠විකුම් ඇවිත් සුමාන දෙකයි පහු වුණේ. උදේ පාන්දර මම ඇහැරුණේ තද අප්පිරියාවක් සමඟ වමනෙ යන්න ඇවිත්….. මං විකුම්ට නොදැනෙන්න එළියට ගොස් වමනෙ දැම්මේ සෝමාගෙ බාත්රූම් එකට ගොස් ය…...


‘‘ අනේ…..නෝනා මේ මොකද?.... ‘‘ සෝමා අත නිකටේ තියාන ඇස් උඩ තියාන මා දෙස බලා ඉඳියි.


‘‘මහත්තයා ඇවිත් තාම සුමාන දෙකයි…... මං හිතන්නෙ බඩට මාසෙකට වැඩි ඇති........ මං හිතුවා නිරංජන් මහත්තයා මෙහෙ එනකොට මොනවහරි කරගනී කියලා……. ගුරුවරියක් නේද?..... ඔය වගේ මෝඩ වැඩ කරනවද?’’


😥😥😥😥‘‘අනේ සෝමා මං දැන් මොනවද කරන්නේ.‘‘ මට ඇඬිනි…..


මම දන්නවා මට හම්බවෙන්න ඉන්නෙ විකුම්ගෙ දරුවෙක් නොවන බව…...‘‘


‘‘මොනව කරන්නද....? විකුම් මහත්තයාට නොදැනෙන්න තව සුමාන දෙකක් විතර ඉන්න….එකයි තියෙන්නේ........ විකුම් මහත්තයා ඇවිත් මාසයක් පහුවුණාට පස්සෙ හෙමිහිට නෝනට දරුවෙක් හම්බවෙන්න ඉන්නවා කියලා කියන්න…... විකුම් මහත්තයා වැරදියට හිතන එකක් නෑ එතකොට….. මොකද ගිය පාරත් විකුම් මහත්තයත් එක්ක සුමාන දෙකක් ඉඳලනේ චූටි බේබි හම්බවෙන්නත් ආවේ…..‘‘


‘‘ අනේ.......ඉතිං සෝමා..... මේ දරුවා විකුම්ගෙ නෙමේනේ….. මං කොහොමද ඒ තරම් බොරුවක් විකුම්ට කියන්නේ …..කරන්නේ.... .‘‘


‘‘ වෙන මොනව කරන්නද.......බොරුවක් කියල හරි පවුල ආරක්ෂා කර ගන්න..... නැත්නම් විකුම් මහත්තයා ඇත්ත දැනගත්තොත් එවෙලේම දාලා යන්න යයි……. ‘‘

‘‘අනේ දෙවියනේ මට උන දෙයක්…...සෝමා......මම මේ මොන පාපයක් කරාටද….. …..මම යම්තම් අවුරුදු තුනකට පස්සේ මගේ පවුල් ජීවිතය ආරම්භ කරන්න පටන් ගත්තා විතරයි….. විකුම් දැනගත්තොත් මේ ඉන්නෙ එයාගෙ ළමයෙක් නෙමේ කියලා අනිවාර්යයෙන් ම මාව ආයෙත් දාලා යයි….." මම කදුලු පෙරාගෙන අඩන්න පටන් ගත්තේ...සෝමා බදාගෙනය....


සෝමා කිව් ලෙස මම කොහොමහරි තව සුමාන දෙක තුනක් දරුවා හම්බ වෙන්න ඉන්න කතාව විකුම්ගෙන් හංගගෙන ඉන්න ඕනේ….. මම එය තදින්ම හිතා ගත්තෙ පුදුම දුකක් හිතේ හංගාගෙනය..

උදේට එන ඕක්කාරය මම නවත්වා ගන්න සෑහෙන්න වෙහෙසක් ගන්නෙමි…..... සෝමා මට උදේට ඕක්කාරය නො එන්න අත් බෙහෙත් හදා දෙයි... .. .. නිතර විකුම්ට හොරා සෝමා ගෙනත් දෙන ඇඹුල් ජාති කමින් මම අප්පිරියාව ඕක්කාරය නවත්ත ගත්තේ හරිම අමාරුවෙනි.


‘‘සාරදා මට නුවර යන්න තියෙනවා….. අලූත් බිස්නස් එකේ වැඬේටයි ගෙදර හුනුගාන වැඩේ බලන්නයි….. ඔයයි පුතයි එනව ද මාත් එක්ක යන්න ….?’’


‘‘අනේ නෑ... ඔයා ගිහින් එන්න. මං අන්තිම සුමාන දෙක ඉස්කෝලෙ ගියොත් හොඳයි….ඊට පස්සෙ නුවර ඉස්කෝලෙට මාරුවීම හම්බවෙන නිසා…...‘‘


‘‘මට සුමානයක් විතර නුවර ඉන්න වෙයි...... කමක් නැද්ද?....’’


‘‘කමක් නෑ... ඔයා අපේ අයියලාගේ ගෙදරනේ ඉන්නේ…..‘‘


‘‘ඔව්. අපිට ගත්ත අලූත් ගෙයි තීන්ත ගාන වැඬේ බලන්නත් ඕනේ....... මං පටන් ගන්න යන කම්පියුටර් ෂොප් එක පිළිවෙලක් කරන වැඩෙත් කරගන්න ඕනේ....... මං එහේ ඉන්නම ඕනේ...මේ වැඩ වලට..... එහෙනම් මගෙ ඇඳුම් ලෑස්ති කරල දෙන්න....සාරදා . එහෙ වැඩ ඉවර වුණ ගමන් ම අපි මේ ගෙයි බඩුත් ඇරගෙන නුවර පදිංචියට යමු…...‘‘


විකුම් නුවර ගියේ…..අපේ අලූත් ගෙයි වැඩ බලන්නත්, එයා අලූතෙන් පටන් ගන්න කම්පියුටර් සේලින් ෆොප් එකේ වැඩ බලන්නත් එක්කයි. විකුම් සුමානයක් විතර නුවර ඉන්න කොට මම සෝමත් එක්ක කොළඹ නැවතී උන්නෙමි….යාන්තම් විකුම් ගෙදර නැති නිසා මම උදේ ඕක්කාරය බයක් සැකක් නැතුව කලෙමි. ටිකෙන් ටික උදේට එන ඇගේ අමාරු නැතිවී ගියේය….


‘‘නෝනට උදේට ඕක්කාරයට එන එක නැවතුනා නේද?’’


‘‘ඔව්... ඇති යාන්තම්.....ඒක නැවතුනා.....‘‘


‘‘හැබැයි….. දැන් එන සුමානෙ දිහාවට නෝනා මහත්තයාට කියන්න දරුවෙක් හම්බ වෙන්න ඉන්න බව........ . නැත්නම් දරුවා හම්බ වෙන්න ගිහාම දින වැරදෙයි…...‘‘


‘‘ අනේ….මං වගේ පවුකාරයෙක්….. මං කරපු වරද මං වහගෙන විකුම් ලඟ හොඳ කෙනෙක් වගේ ඉන්න යන හැටි…... මට දුකයි සෝමා මහත්තයා ගැන…..‘‘


‘‘විකුම් මහත්තයත් රට ඉන්න කොට තනියම ඉන්න නෑ ….. මොනව හරි වැරදි එයා අතිනුත් වෙලා තියෙන නිසා තමයි පහුගිය අවුරුදු තුනේ එයා නෝනාව මඟ ඇරල ඉන්න ඇත්තේ….. ඔයා හිරේ ගියා කියන්නෙත් තව ගෑණු කෙනෙක්, පිරිමි කෙනෙකුයු එක්ක රණ්ඩුවක් වෙලා කියල කිව්වනේ….. මොන මොනව හරි එහේ දි වෙන්න ඇති…... නෝනා පහුගිය කාලේ වැරදි අමතක කරලා විකුම් මහත්තයත් එක්ක දැන් සතුටින් ඉන්න…...‘‘


අපි නුවර පදිංචියට ගියේ කොළඹ ජීවිතය, කොළඹ මිනිසුන් හැමෝම අමතක කර දමායි...... ඇත්තට ම මට ඒක හිතට ලොකු සතුටක් විය…... අපි නුවර අලූත් ගෙදර පදිංචි වීමෙන් පසු විකුම් නුවර ටවුමේ පරිගණක ආයතනයක් හා පරිගණක විකුනන ශොප් එකක් පටන් ගත්තේය...... අයියා ඒකට එයාට ගොඩක් උදව් කළහ. විකුම් ඇවිත් මාසෙකින් මං ගැබණියක් වී ඇති බව දැනගෙන විකුම් ගොඩක් සතුටු විය...... අම්මා, අයියා ද ඒ ගැන සතුටින් සිටියෝය….. සෝමා පමණක් මගේ රහස සඟවා ගෙන මා හට උදව් කරමින් තවමත් මට සලකයි.


‘‘සාරදාට පැදුර පෑගෙන්න බෑනේ.......‘‘

විකුම් නෑදෑයෝ යාලුවො හෑමෝම එක්ක මට තවමත් විහිළු කරයි.... හැමෝට ම ඒගැන කියයි..... ඔහු සිටින්නෙ සතුටිනි..... සියලූ රහස් සඟවා ගෙන මම ඔහු සමග සතුටින් ජීවත් වෙන්න උත්සාහ ගමි


"විකුම්...අම්මයි අයියයි කියනවා...ඔයාටවෙන රටක ජොබ් එකකට ඇප්ලයි කරන්නලු…..ඔයාට කොලිෆිකේශන් තියෙන නිසා….


"ඔයා මොකද කියන්නේ……සාරදා...... මම නම් ලංකාවේ ඉන්නවට වඩා වෙන රටක ජීවත් වෙන්න තමයි කැමති….."


"කොහේ ගියත් කමක් නෑ...මාවයි ළමයි දෙන්නත් ඇරගෙන…යන්න..... ..."

"මම එහෙනම් රටවල් දෙක තුනකට ඇප්ලයි කරලා බලන්නද…?


ඔව්...එක හොදයි… ඒ වෙනකොට මට බබාව හම්බ වෙලා තියෙයිනේ… අපේ මුලු පවුලටම යන්න පුලුවන් විදිහට ඇප්ලයි කරන්න ….මටත් ටීචින් වලට දාන්න පුලුවන් නේ එතකොට….

කාලය ගෙවි ගොසින් ...මට දුවෙකුත් ලැබී….දුවට අවුරුද්දකුත් ගෙවී ගිය පසුයි...අප දෙදෙනා බැදලා අවුරුදු ගානක් පෙරුම් පිරූ රට ගමනට අවස්ථාව ලැබුනේ..

🌹 "විකුම්.... අපිට පෙරුම් පුරලා පුරලා අන්තිමට අපට කැනඩා රටට යන්න විසා ලැබුනු එකේ අපි ඉක්මනටම එහේ යමු නේද? "


"යමු නේද ...."


ඔයාට තනියම දුව බලාගන්න පුලුවන් වෙයිද....?


"ඇයි බැරි...මගේ දුවනේ....විකුම්..දුව ලොකු උනාම කවුරු වගේ වෙයිද...."


"අම්ම වගේ ලස්සන වෙයි..."


දුව...මගේ දුව...කවුරු වගේ වෙයිද....සෝමා නැති දවසක....මගේ 💞 අමුතු දීගේ💞 ම්ම්...දුව ලොකු වෙනකම් ඉන්න වෙනවා ....දුව කවුරු වගේද වෙයිද බලන්න ....


***අමුතු දීගේ 💞 අදින් අවසන්....


මෙය කියවපු ඔබ සැමට බොහොම ස්තූතියි 😍😍

ඔබ සැමගේ....කාරුනික ආදරනීය අදහස් දැන ගැනීමට කැමැත්තෙමි..


*ප්‍රිසිලා ගොඩහේවා ***පටන් ගැන්ම සහ අවසානය.


💞#අමුතු දීගේ 💞# අමුතු දීගේ 💞

🌹 "විකුම්.... අපිට පෙරුම් පුරලා පුරලා අන්තිමට කැනඩා රටට යන්න විසා ලැබුනු එකේ අපි ඉක්මනටම එහේ යමු නේද? "

මම ඉන්නේ රට යන්න වීසා ලැබුනු එක ගැන දරාගන්න බැරි තරමේ සතුටින්ය.

" නම් ආසවේ බැරුව ඉන්නේ කොහේ හරි රටකට ගිහින් පදිංචි වෙන්න. ඔයා දන්නවනේ අපේ අම්මලා අපි දෙන්නව, අවුරුදු පහකට උඩදි කසාද බැන්දෙව්වෙත්….., ඔයා ලන්ඩන් හිටිය කාලේ මාවත් එහේ යවන්නනේ…."

"ඒක එහෙම තමයි සාරදා, ඒ උනාට රට යන්න ඉස්සර අපට තව ගොඩක් වැඩ තියෙනවා පිලිවෙලක් කර ගන්න.අපි මේ දැනට කරන බිස්නස් එක කාටහරි බාර දීලා, අලුතින් ගත්ත මේ ගෙදර කාටහරි කුලියට දෙන්න ලෑස්ති කරගන්න ඕනේ ,ඒවා පිලිවෙලක් කරලා තමයි යන රටකට යන්න ඕනේ."

"ඒ ගැන මම දන්නවා විකුම්. අපි අපේ අයියට කියලා කාව හරි අපේ කොම්පියුටර් විකුනන ශොප් එක කරගෙන යන්න ලෑස්ති කරගමු. මොනවා උනත් ශොප් එක දාගන්න උදව් කලාවගේම අයියා අපට ශොප් එක, කාවහරි දාලා කරගෙන යන්නත් උදව් කරයි. ගෙදර කුලියට දෙන එක මේ සුමානෙම පත්තරේ දාලා කරගන්න බලමු"

"රට ගිය ගමන්ම මට ජොබ් එකක් හම්බවෙයිද දන්නෑනේ සාරදා ….ඒ නිසා මාස තුන හතරක්වත් අපට එහේ ජීවත්වෙන්න සල්ලි ඇරන් යන්න ඕනේ, ඒ නිසා අපි එහේ ගියාට පස්සෙත් අපේ මේ බිස්නස් එක වැටෙන්න නොදි රැකගන්න ඕනේ. සමහර විට මට කාලයක් යනකම් ඉස්තිර රස්සාවක් නොලැබෙන්නත් පුලුවන්. අපි හිතන තරම් ලේසියෙන් පිටරට ජීවත් වෙන්න බෑ… මේ පොඩි ළමයි දෙන්නත් එක්ක අපට ගොඩක් මහන්සි වෙන්න වෙයි.... කාත් කවුරුත්, අදුනන අය නැති රටක අපි දෙන්නට ගොඩක් කරදර වලටත් මුහුන දෙන්න වෙයි….මම ඉගෙන ගන්න ලන්ඩන් ගිය කාලෙත් ඊට පස්සේත්, රස්සාවක් හොයාගන්න කොච්චර නම් මහන්සි උනාද දන්නේ මම විතරයිනේ.... අනේ දෙවියනේ ඒ කාලේ මම කරපු රස්සාවල්... දැන් නම් කා එක්කවත් කියන්නත් ලැජ්ජයි. ඒ කාලේ කරපු රස්සාවල්... ඒ කාලේ මම අම්මලාට කරදර කරලා ලංකාවෙන් මගේ වියදමට සල්ලි ගෙන්න ගන්නේ නැතුව මගේ වියදම මමම හොයාගත්තානේ...

" විකුම් කියන්නේ සතුටින් වගේම දුකෙන්‍ ය.

"මම ඒ ගැන දන්නවා විකුම්…." ඉතිං අපි කවද විතරද කැනඩාවට යන්නේ.? අපි අපේ අය්යට කියලා අද හෙට ශොප් එකේ වැඩේ ඉක්මනට ඉවර කර ගන්න බලමු. අපට වියදමට ඇරගෙන යන්න සල්ලි ටිකක් අපි අයියගෙන් ඉල්ලගමු….. පස්සෙ ගෙවන්නම් කියලා. එහෙම නැත්නම් ශොප් එකේ මාසේ ආදායමෙන්, අයියගෙන් ඉල්ලගන්න සල්ලි ගෙවෙන විදිහක් කතා කරගමු."

" ඒකනම හොද අදහසක් සාරදා … එහෙම උනොත් අපට ඉක්මනටම රට යන්න පුලුවන්. හැබැයි ඉතින් ඒහේ ගිහිල්ල තනියම තමයි ඔයාට දුවයි පුතයි බලාගන්න වෙන්නේ…... සෝමා ඔයා ගෙදර ඉන්නකාලේ වගේම ඔයා මැරි කරන්න ඉස්සර ඉදන් ඔයාව බලා ගත්තා වගේම, මම ලන්ඩන් ඉන්නකාලේ ඔයාවයි පුතාවයි අම්මා කෙනෙක් වගේනේ බලාගත්තේ. ඔයාට දුව හම්බුනාට පස්සෙ තමයි මම හරියට දැක්කේ සෝමා ඔයා වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද කියලා ...පව් අහිංසක ගෑනු කෙනා, දැන් හොදටම වයසට ගිහිල්ලා . අපේ ලමයින් බලාගන්න කොච්චර නම් සෝමා මහන්සි වෙන්න ඇතිද?

"අනේ ඔව්… සෝමා අපේ අම්මටත් වඩා මට උදව් කරලා තියෙනවා. සෝමා තමයි අපේ පුතා මට හදාගන්න, තනියම උදව් කලේ…. මේ දැන් ඉන්න කිසිකෙනෙක් ඒ කාලේ හිටියේ නෑනේ, ඔයා ලන්ඩන් ගිහින් හිටිය කාලේ….. සෝමා නැතුව මට රට ගිහාම ළමයි දෙන්නා බලාගන්න නම්, තනියම ගොඩක් මහන්සි වෙන්න වෙයි.ඒත් දැන් ඔයා මගේ ලග ඉන්න නිසා මට දරුවෝ දෙන්නා බලාගන්න අමාරු වෙන එකක් නෑ…",

"මේ රටවල් වල වගේ නෙමේ සාරදා ඒ රටවල් වල… ලමයි බලාගෙන ගෙදරට වෙලා ඔයාටත් නිදහසේ ඉන්න ලැබෙන එකක් නෑ….. ඔයාටත් එහේ ගිහාම මම වගේම රස්සාවක් කරන්න වෙයි. ලමයි දෙන්නා "ඩේ කෙයර්" දාන්න වෙයි. අපි දෙන්නට ගොඩක් මහන්සි වෙන්න වෙයි රට ගියාට පස්සෙ. අපට දියුණු වෙන්න නම් ගොඩක් මහන්සි වෙලා ඉස්සරහට යන්න හිතට ගන්න ඕනේ...."

"මම ඕන දේකට ලෑස්තියි විකුම්. ඔයා තනියම රටගිහින් හිටිය කාලේ මම පුතා හදාගන්න තනියම කොච්චර නම් මහන්සි උනාද ….. සෝමා ලග පුතා තියලා මම ඉස්කොලේ ගියේ උගන්වන්න. මට හොදට පුරුදුයි මහන්සි වෙලා. අපි රට ගියාට පස්සෙ ලමයි දෙන්නා "ඩේ කෙයර්" එකකට දාලා මටත් රස්සාවකට යන්න පුලුවන්."

"අපි බලමු සාරදා ඉස්සර වෙලා අයියව හම්බවෙලා ශොප් එකේ වැඩේ ඉවර කරගෙන,... ඊට පස්සෙ අපට රටයන්න සල්ලි ටිකක් එයාගෙන් නයට ඉල්ලගන්නත් බලමු, පස්සෙ ගෙවන්න."

" එහෙනම් අපි අද හවසම අපේ අයියලාගෙ ගෙදර යමුද?"

"ඒක හොදයි සාරදා , අයියත් එක්ක කතා කරාට පස්සෙ අපි අනිත් දේවල් පෑලෑන් කරමු."

********

අපි හිතපු විදිහටම මගේ අයියව කැමති කරගෙන අපේ ශොප් එක අයියට භාරදී එහි ආදායමෙන් කොටසක් අපට එන විදිහටත්, ඉතිරි කොටස අපි අයියගෙන් ගන්න ණය ගෙවෙන විදිහටත් කතා කර ගත්තෙමු.

අපි දෙන්නට රට යන්න වීසා ලැබුනු එක මගේ අම්මත් අයියත් තරම් සතුටු උනකෙනෙක් වෙන නැති තරම්ය..… මීට අවුරුදු පහකට උඩදී මාව විකුම්ට කසාද බන්දලා දීලා ලන්ඩන් අරින්න අම්මා ගත් උත්සාහය….මග ඇරීගිය නිසත්, ඒ නිසා උන පටලැවිලි ගොන්න නිසත්, මගේ අම්මා අදටත් මානසිකව වැටී හිදියි. අපට කෙසේ හෝ ගෙවල් දොරවල් විකුනා දමා කොලඹින් නුවර පදිංචිය දක්වා එන්න උන හේතුව, හොදින්ම දන්නා අයියා හා අම්මාට අදටත් අවශ්‍ය විකුම් සහ මාව රටින් පිට කිරීමටයි.

විකුම් තනියම රට ගොස් හිද ආවාට පසු ආයෙත් ඔහුට රටයන්න කිසි අවශ්‍ය තාවයක් තිබූනේම නැති තරම්‍ය. මගේ දැඩි උවමනාවට හා පෙරෙත්තය, විකුම්ගේ අධ්‍යාපන සුදුසුකම් ඔස්සේ කැනඩාවට යන්න ඉල්ලුම් පත් යොමුකර, අවුරුද්දකට විතර පසු හරි මුලු පවුලටම රට යන්න වීසා ලැබීම මගේ ඉමහත් සතුටට හේතුවක් විය..

"සාරදා .. අපේ ලංකාවේ කරගන්න තිබුන වැඩ ඉවර කරගන්න පුලුවන් නිසා, අපි එහෙනම් තව සුමාන දෙකකින් විතර කැනඩාවට යන්න එයාර් ටිකට් දාමු…. ඔයා එහෙනම් දරුවෝ දෙන්නට අපට ගෙනියන්න අවශ්‍ය කරන දේවල් දැන් ලෑස්ති කරගන්න වෙයි… කැනඩාවේ සීතල කාලගුනය වින්ටර් එක වැඩි නිසා බබාලා දෙන්නට ශීත ඇදුම් ගොඩක් ගන්න වෙයි... ඔයාටත් ශීත ඇදුම් ගන්න වෙයි...මට නම් ලංඩන් වලදි ඇදපු ඇදුම් තියෙන නිසා අලුතින් ඇදුම් ගන්න ඕනේ නෑ..."

"අපි දැන් කැනඩාවේ කොයි නගරයටද පදිංචියට යන්න හිතාගෙන ඉන්නේ?"

" මාත් එක්ක ලන්ඩන් වල ඉගෙන ගත්ත යාලුවෙක් ඉන්නවා කැනඩාවේ….., මම මිනිහත් එක්ක ටිකක් කතා කරා මේ ගැන , එයා කියනවා මුලින්ම ඒගොල්ලන්ගෙ ගෙදර ඉන්න එන්නලු ටික දවසකට, එයා පුලුවන් උනොත් අපට නවතින්න කූලී ගෙයකුත් ලෑස්ති කරලා තියන්නම්ලු…. එයා වැඩකරන තැනට කතා කරලා මට ජොබ් එකකුත් ලෑස්ති කරගන්න බලන්නම් කිව්වා. කොහොම උනත් කවුරු හරි අදුනන කෙනෙක් ඉන්න තැනකට, මුලින්ම මේ ලමයනුත් ඇරගෙන යන එකේ හොදයිනේ... මොන කරදරයක් උනත් අදුනන කෙනෙක් ඉන්න එක වටිනවානේ…"

"අනේ ඔව්, ඒ විදිහ නම් ගොඩක් හොදයි. අපි එහෙනම් අපේත් ලමයින්ගේත් ගෙදරට ඕන කරන අත්‍යාවශ්‍ය බඩු පැක් කරලා පෙට්ටි තුන හතරක් කැනඩාවට දාමුද? අපට එතකොට අපේ කියලා ගෙදරකට, පදිංචියට යනකොට ඕන කරන අතයවශය බඩු ටික තියෙනවානේ.."

"ඒක හොද අදහස. එහෙනම් මගේ යාලුවා චතුරංගට මම කියන්නම් ඒගොල්ලන්ගෙ ගෙදර ලිපිනයට අපි පෙට්ටි ටිකක් එවන්නම් කියලා."

" ඒගොල්ලන්ගෙ ගෙදර කවුද තව ඉන්නේ"

"මිනිහා ලගදිනේ කසාද බැන්දේ….තවම බබලා නෑ. අලුත් ජෝඩුව විතරයි ."

" ඒක හොදයි "

" එහෙනම් අපි රට යන්න ඉස්සෙල්ලා කරගන්න තියෙන වැඩත් ඉවර කරගෙන, ගෙනියන්න අවශ්‍ය දේවල් දැන්ම ලෑස්ති කරගෙන ඉවරවෙලාම නෑදෑයෝ යාලුවන්ටත් කියමු අපේ ගමන ගැන."

************

සියලු ලංකාවේ කල යුතුව තිබුනු වැඩ ටික ඉවර කර, කැනඩාවට අපේ අතයවශය බඩුමුට්ටු ටිකක් පිටත් කර හැර, නෑදෑයෝ,යාලුවන්ටත් අපේ ගමන ගැන කියා කැනඩාවට යන්නට සුදානම් උනෙමු.

විකුම් හා දරුවන් සමග මම පිටරට පදිංචියට යෑම අම්මට හා අයියට ලොකු දුකක් උනත්, ඔවුන් දෙදෙනාට කාලයක සිට කරගැනීමට තිබුනු ලොකු උවමනාවක් වූ මාව රටින් පිට කර ගැනීම, හා එය ඉශ්ට කරගැනීමට හැකිවීම වෙනුවෙන්, ඔවුන් සිත යටින් සතුටු වෙනවා ඇතැයි මම සිතමි. අවුරුදු පහක් පුරාවට පෙරුම් පිරූ ආශාකල, පිටරට ගමන අද යන්නට මම සැදී පැහැදී සිටින්නෙමි.

අපි රට යන්න ගුවන් තොටුපොළ දක්වා ගියේ අයියාගේ වාහනයෙනි. සෝමා අන්තිම වතාවට මගේ අවුරුද්දක් වයසැති චූටි දුව තුරුලු කරගෙන පිටුපස ආසනයේ වාඩිවී හිදියි. අවුරුදු තුනක් වයසැති ලොකුපුතා මගේ උකුලේ වාඩිවී ජනේලයෙන් එලිය බලාහිදින්නේ සතුටින්ය. මා මෙන්ම ඔහුත් පිටරට යන්න ආසාවෙන් හිදින්නේ බොහෝ කාලයක සිටය. අපට යන්නට වෙලා තිබෙන පිටරට හා ගුවන් ගමන ගැන කියූ දවසේ සිට ඔහු එයට අසාවෙන් ලෑස්ති වූවේය. ඔහු අද සිටින්නේ පුදුම සතුටකිනි. අවුරුදු පහකට පසු මගේ ආසාවද ඉශ්ට වී ඇත. අවුරුදු පහක් පුරාවට මට තිබූ කරදර කාලය, මා තනීවී සිටි කාලය, අද නිමා කර මම බොහෝ සතුටින් කැනඩාව බලා යන්නට ගුවන් තොටුපොළ දක්වා අයියාගේ වාහනයෙන් මගේ පවුල සමග යන්නෙමු.

ගුවන් තොටුපොළට ආවට පසු, අයියාට අක්කාට වැද ඔවුන්ට සමුදුන් මම සෝමාට වැදනමස් කාර කලෙමි. එවිට අපි දෙදෙනාටම ඇඩිනි. අප දෙදෙනා බදාගෙන හැඩුවෙමු. ඇය මගේ පුංච් කාලයේ සිට පිටුපසින් සිටි සේවීකාව විය. ඇගේ ආදර කරුනාව නිසා මම ඇයට මගේ අම්මාටත් වඩා ආදරය කෙලෙමි. ඇය තරම් මගේ ජීවීතේට ලංවුන කෙනෙක් , මට උදව් කල කෙනෙක්, මගේ සියලු දේ දන්නා කෙනෙක්, මගේ ජීවිත කාලය පිරාවටම මා ලගින්ම හිදිමින් මා කල හොද වැඩ වලට මෙන්ම නරක වැඩ වලටද එකලෙස උදව් කල ඇය අද දින තනි කරදමා මට, සැමියත් දරුවනුත් සමග පිටරට යන්නට සිදුවී ඇත. මා මේ යන ගමනට වැඩියෙන්ම උනන්දු කල, බල කල ඇය අද මා රට යන මොහොතේ ඇස් වල කදුලු පුරෝගෙන බලා සිටින්නේ, සතුටින්ද දුකෙන්ද කියා සිතා ගැනීමට නොහැකිය.

"හිතේ සතුටින් යන්න චූටි නෝනා. නෝනට මහත්තයාට ආයෙත් කවදාවත් පහුගිය කාලවල තිබුන කරදර එන්නේ නෑ. ගොඩක් පරිස්සමෙන් එහේ ගිහාම වැඩකටයුතු කරගන්න. ගියාට පස්සෙ විස්තර දනගන්න මටත් කතා කරන්න .නෝනටත් මහත්තයාටත් දරුවන්ටත්... සියලු දෙනාටම තෙරුවන් සරනයි !! .සියලු දෙවිරැක වරුනයි !! අයියා අක්කා සහ සෝමාගෙන් සමුගත් අපි ගුවන් තොටුපොළ ඇතුලට ගියෙමු.

"එහෙනම් සාරදා ඔන්න….අපේ ටිකට් චෙක් කරන,ගෙනියන බෑග් භාර දෙන වැඩ ඔක්කොම ඉවරයි. අපි ෆ්ලයිට් එකට නගිනකම් ටිකක් එයර් පෝට් එකේ ඇවිදිමු. පුතාව අතින් අල්ලා ගත් මම ගුවන් තොටුපොළේ විසිතුරු නරබමින් විකුම් අසලින්ම ඇවිද්දේ පුදුමාකාර සතුටකිනි. චූටි දුව විකුම් තල්ලු කරගෙන යන කරත්තයේ හොදටම නිදීය. දැන් වෙලාව මද්ද්‍යයම රාතී 12 හත් පසුවී ඇත. ලොකු පුතා නම් දවල්ට, රෑට ගුවන් තොටුපොළට යන්න තියෙනවා කිව් නිසා,දවාලට නිදාගත් හෙයින් තාමත් සතුටින් ඇහැරී නොයෙකුත් ප්‍රශ්න අසමින් සතුටින් හිදියි.

ෆ්ලයිට් එකට නැග්ගට පසු අපි හතර දෙනාටම එක පේලියට තියෙන ආසන හතරක වාඩීවෙන්න ලැබීම අපට සතුටක් හා සුරක්ෂිත බවක් දැනෙන්න විය. චූටි දුව තාමත් හොදටම නිදිය. ගුවන් යානය පියාසර කරන්න පටන් ගත්පසු මම අසුනේ මැදින් ඉන්නා ලොකුපුතා අතරින් අත දමා විකුම් ගේ අත අල්ලාගත්තෙමි. දෑසද පියා ගත්තෙමි.

ආයුබෝවන් ශ්‍රි ලංකා නැවත පැමිනෙන තුරු !!!

දෑස පියාගත් පසු මට චිත්‍ර පටයක්සේ මගේ ජීවිත කාලය පුරාවටම සිදූවුන දුක සැප ජය පැරදුම්, සියලු දේ මතක් වන්නට පටන් ගත්තේ පැය ගානක් පුරා ලංකාවේ සිට සිංගප්පූරුව හරහා කැනඩාව දක්වා ගිය ගුවන් ගමන අතර තුරය

💞💞💞


මගේ දුව....කවුරු වගේ වෙයිද ..... මගේ අමුතු දීගේ💞....සෝමා නැති දවසක....මගේ රහස් මාත් සමගම වැලලෙයිද...? මගේ අලුත් පවුල් ජීවිතය වැනසෙයිද....?😥😥

💞 අමුතු දීගේ 💞අමුතු දීගේ 💞 අදින් අවසන්....

මෙම නවකතාව දිගටම කියවු ඔබ සැමට බොහෝම ස්තූතියි..... 😍😍

ඔබ සැමගේ....කාරුනික ආදරනීය අදහස් දැන ගැනීමට කැමැත්තෙමි..

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 
bottom of page