top of page

💞අමුතු දීගේ 💞 අමුතු දීගේ 💞 (2#)

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jul 5, 2020
  • 5 min read

💞අමුතු දීගේ(2#)💞අමුතු දීගේ (2#)

( දෙවන කොටස )


🌹🌹 "එහෙනම් සාරදා ඔන්න….අපේ ටිකට් චෙක් කරලා ....,ගෙනියන බෑග් භාර දෙන වැඩ ඔක්කොම ඉවරයි...... අපි එහෙනම් ෆ්ලයිට් එකට නගිනකම් ටිකක් එයර් පෝට් එකේ ඇවිදිමුද....... "


"ඒක හොදයි ....ඒ වැඩ ඉවර වුන නිසා ලේසියි ....හා..... පළවෙනි පාරටනේ අපි එයාර්පෝර්ට් ආවේ....හරි ආසයි මේවා දකිනකොට.....පුතා මම වගේම හරි ආසාවෙන් ඉන්නේ.....


පුතාව අතින් අල්ලා ගත් මම ගුවන් තොටුපොළේ විසිතුරු නරබමින් විකුම් අසලින්ම ඇවිද්දේ පුදුමාකාර සතුටකිනි...... චූටි දුව විකුම් තල්ලු කරගෙන යන කරත්තයේ ටික වේලාවක සිට හොදටම නිදීය......


දැන් වෙලාව මද්ද්‍යයම රාත්‍රි 12 හත් පසුවී ඇත.....පුතා දවාලේ හොදින් නිදාගත් හෙයින් තාමත් සතුටින් ඇහැරී නොයෙකුත් ප්‍රශ්න අසමින් හිදියි....ඔහුගේ අතේ නිතරම තිබෙන කාර් රතයද තුරුල් කරගෙන අලුත් ඇදුමකින්ද සැරසි ඔහු ඉන්නේ, කොයි මොහොතේ ගුවන් යාත්‍රාවට නගින්නේද බලමිනි.

ෆ්ලයිට් එකට නැග්ගට පසු අපි හතර දෙනාටම එක පේලියට තියෙන ආසන හතරක වාඩීවෙන්න ලැබීම..... අපට සතුටක් හා සුරක්ෂිත බවක් දැනෙන්නට විය. ඒ විකුම් ළග සිටිනා බැවිනි...... චූටි දුව තාමත් හොදටම නිදිය.


ගුවන් යානය පියාසර කරන්න පටන් ගත් මොහොතේ ..... මම අසුන් මැද වාඩිවී ඉන්නා, ලොකුපුතා අතරින් අත දමා.... විකුම් ගේ අත අල්ලාගත්තෙ පළවන පාරට යන ගුවන් ගමන ගැන හිතේ ඇති චකිතයෙන්‍ ය. වේගයෙන් පියාසර කරන්න පටන් ගත් ගුවන් යානයේ ශබ්දයෙන්ද මගේ හිත ගැස්සි ඇත.....මම තදින් දෑසද පියා ගත්තෙමි.

නැවත පැමිනෙන තුරු....ආයුබෝවන් ශ්‍රි ලංකා….!!


පැය දෙකකට ලං වෙන්න කාලයක් දැන් අහස් යාත්‍රාව ගමන්කර ඇත.....

" සාරදා ...ඔයාට කොහොමද ..…දවල් දවසේ මේ ගමන එන්න ගොඩක් දේවල් ලෑස්ති කරගන්න ගොඩක් මහන්සි උනානේ......?


පුතාගේ සීට් එකට උඩින් අත දා….මගේ ඔලුව අත ගාන ගමන් විකුම් ඇහුවේ ආදරයෙනි…..

"නෑ...එහෙමට මහන්සියක් නෑ...පළවෙනි පාරටනේ ෆ්ලයිට් එකක යන්නේ….ඒ නිසා නිකම් පොඩි බයක් තියෙන්නේ….පුතාට නින්ද ගිය එක හොදයි ….දුව ටිකක් දගලනවා අඩයිද දන්නෑ…....එයා කිරි බොන වෙලාව ආවාම අඩන්න ඉස්සර කිරි දෙන්නම්....නැත්නම් ෆ්ලයිට් එකේ ඉන්න අනිත් මිනිස්සුන්ටත් කරදරයක් වෙන්න අඩයි.....……"


"ඔව්….ඒක හොදයි සාරදා ඉස්සෙල්ලා වගේ ඇඩුවොත් ෆ්ලයිට් එකේ ඉන්න හැමෝටම කරදරයි..….ඉන්න මම දුවව ඔයාගෙ අතට ඇරන් දෙන්නම්….." විකුම් බාගෙට ඇහැරි පුංච් කොට් එකේ දගලන චූටි දුව ඇරගෙන මගේ අතේ තිබ්බේ….පරිසමටය. දුව කෑගසා අඩලා...ෆ්ලයිට් එකේ ඉන්න අනිත් අයට කරදර වෙයි කියන බයට, දුවව පහසුවට තියාගෙන අපි දෙන්නම යන්නේ බයෙන් ය..….


පුංච් කොට් එකේ සිටි දුවව, විකුම් මගේ අතට ඇරගෙන දුන් පසු…..තවමත් මගේ කිරිබොන ඇය........ මගේ අතට විත් මාව බදාගෙන රස කර කර කිරි බොන දෙස බලා ඉදියදි මට හිනා යයි..... ඇයට මගේ කිරි බොන තරම් සතුටක් වෙන නැත…...


"බඩගිනි වෙලා නේද ඉදලා තියෙන්නේ….….ඔයා කිරි දුන්නට පස්සේ පැයක් විතර අතේ තියාගෙන ඉන්න….ආයෙත් නිදිමත හැදුනම කොට් එකෙන් තියමු….පැය දාසයක් එක දිගට….මේ පොඩි ළමයි එක්ක ෆ්ලයිට් එකක යන ගමන හරි අමාරු ගමනක්.. ….


"ඔයාට කාපු කෑම ඇතිද සාරදා ….ඔයා බබාට කිරි දෙන්නත් ඕන නිසා….?

විකුම් මං ගැන ගොඩක් සැලකිල්ලෙන් බලයි….මට ඔහු ගැන ඇත්තේ..... දුකක් වගේම එවන් සැමියෙක් ලද මා ගැන සතුටකි..


" ඒ ඇති….වෙනස් කෑම නිසා ආසාවෙන් කෑවා….හැමදාම කන බත් එළවලු වලට වඩා වෙනස්නේ...පුතා හරිම ආසාවෙන් කෑම කෑවා….ඔය බඩ පිරිලා ඉන්නේ…..දැන් නිදාගෙන ඉන්න විදිහට පැයක් දෙකක් එක දිගටම නිදියයි….

"යන්තම් පැය හයක් ගෙවා ගත්තා ...තව පැය දහයක් යන්න එපෑ….ඔයා ටිකක් දැන් නිදාගන්න විකුම් .... මම ඇහැරලා ඉන්න නිසා පුතා නැගිට්ටොත් මම බලන්නම් ……


"ඔයාට පුලුවන්ද බබාලා දෙන්නවම බලන්න ….සාරදා ….මගෙත් ඔලුව බරයි...පහුගිය දවස් වල ගොඩක් මහන්සි උනානේ මේ යන එන වැඩ කර ගන්න… එහෙනම් මම ටිකක් නිදාගෙන නැගිටින්නම්….."


" ඔව්...ඒක හොදයි …..දුවටත් සමහර විට මෙහෙමම කිරි බීලා මගේ අතේම නින්ද ගියොත් හොදයි

….ඔයා නිදාගන්න මම බබලා දෙන්නවම බලන්නම්….


අප මේ කැනඩාව බලා යන ගමන..... අපේ ජීවිතේ තීරනාත්මක ගමනකී. අප මේ යන්නේ කැනඩාවේ පදිංචියටය…..විකුම්ට හා අපට එහි ස්තිර පදිංචියට වීසා ලැබුනේ….විකුම්ගේ අධ්‍යාපනය සුදුසුකම් අනුව හා මගේ අද්‍යයාපන සුදුසුකම් ද අනුවය….... එහි ගිය පසු මාත් රැකියාවක් කිරිමේ අරමුණ හිතේ තියාගෙන යන මේ ගමන බලාපොරොත්තු රාශියක් හා අපේ අනාගතය කෙසේ වේදැයි නොදැන යන ගමනකී........ දරු දෙදෙනා සමග යන මේ ගමන අවිනිශ්චිත උනත්….විකුම්ටත් මටත් පිටරටක ජීවත් වීමට ඇති ආසාව නිසා මෙම ගමන අපි බොහෝ බලාපොරොත්තු තියාගෙන යන්නෙමු ....... .

කැනඩාවේ පදිංචිව සිටි විකුම්ගේ අක්කාගේ පවුලත්, විකුම්ගේ අම්මත් මීට අවුරුද්දකට උඩදී ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් තිබුනි...... ඒ නිසා අපට මේ යන ගමනේදි ඔවුන්ගේ උදව් ලබා ගැනීමට නොහැකි වෙයි....... අක්කාගේ බාල දියනියට වැලදි තුබු ස්වසන ආසාදනයක් නිසා වැඩිපුර කැනඩාවේ ඇති ශීත කාල ගුනය ඇයට දරා ගැනීමට නොහැකි වී ඇත...... ඔවුන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ශීත උශ්න දෙකටම ගැලපෙන හොද කාලගුනයක් ඇති නිසාය..... ඔවුන් අදුනන පවුල් දෙක තුනක් අපට , කැනඩාවට ගිය පසු දැන හදුනාගන්නට උදව් කරන්නම් යැයි අක්කා කීය...... අපි මුලින්ම විකුම්ගේ යාලුවෙක් ගේ ගෙදර නැවතීමට යන්නට නියමිතය......


විකුම් හා දරුවන් සමග මම පිටරට පදිංචියට යෑම මගේ අම්මට හා අයියට ලොකු දුකක් නොවුනේ....., ඔවුන් දෙදෙනාට කාලයක සිට කරගැනීමට තිබුනු ලොකු උවමනාවක් වූ මා රටින් පිට කර ගැනීම,...... හා එය ඉශ්ට කරගැනීමට හැකිවීම නිසා....., ඔවුන් සිත යටින් සතුටු වෙනවා ඇතැයි මම දන්නා බැවිනි......


අවුරුදු පහක් පුරාවට මම පෙරුම් පිරූ ආශාකල, පිටරට ගමන..... අද යන්නට මම සැදී පැහැදී හිදින්නෙ ගෙදර අනිත් අයගේද හිත් සතුටුකරනු වෙනුවෙන්‍ ය.....

විකුම් නැතිව මම ගෙවපු අවුරුදු තුනක කාලය තුල..... සිදුවුන කරදර, කම්කටොලු ඇතුලු සියලු ප්‍රශ්න වලින් නිදහස් වීමට.... අප මේ රට්න් වෙන රටක පදිංචියට යෑම අනිවාර්යයෙන්ම විය යුතුබව අම්මයි අයියයි විශ්වාස කරන්නේය .........


"විකුම් "ලංඩන් වල සිටි කාලයේ මාත් නිරංජනුත් ,අතර තිබුනු අනියම් සම්බන්දය නිසා ඇති වුන නරක කතා බහ ඔවුන්ට ආරංච් වී ඇති බව මම දැනන් උන්නෙමි. සෝමා කියු අන්දමට අම්මත් අයියත් නිතර හොරෙන් ඒ ගැන කතාබහ කල මාතෘකාවක් වී ඇත.


"හොද වෙලාවට...අපේ ගමේ මිනිස්සු කාවවත් වැඩිය විකුම් අදුනන්නේ නැති එක…." අයියා කියයි


"ඔව්...ඒ ළමයා අවුරුදු තුනකට උඩදි වෙඩින් එකට ඇවිත් සුමාන තුන නේ ලංකාවේ හිටියේ ...නෑදෑයෝ යාලුවො වැඩිය ආශ්‍රය කරන්න බැරි උන එකත් හොදට ගියා...නැත්නම් අනිවාර්යයෙන්ම නංගිගෙයි...නිරංජන්ගෙනුයි ආදර හුටපට ආරංච් වෙනවා විකුම්ට…..අයියා සමහර වෙලාවට අම්මා සමග ඒ ගැන කතා වී ඇත්තේ මාත් සමග තරහිනි.....


"අම්ම දන්නෙ නෑ…..නංගි නිරංජන් එක්ක හොද හොද නාඩගම් නටලා තියෙනවා කොළඹ මහ ගෙදර ඉන්න කාලේ …."


" ඒ කිව්වෙ පුතේ….."


"ඇයි අම්මට සෝමා කිව්වේ නැද්ද... ….? නිරංජන් එක්ක නංගි එහෙ මෙහෙ ගිය කතා…..ගෙදරට ගෙන්න ගත්ත කතා ....."


"ඔය එහෙන් මෙහෙන් පොඩ්ඩක් කිව්වා ….වැඩි යමක් කිව්වෙ නෑ….."


"එහෙ මෙහෙ ගිය ඒවා විතරක් නෙමේ….. නිරංජන් ගෙදර ඇවිත් නැවතිලා ඉදලත් තියෙනවා….."


"නෑ…..හ්….මේ ගෑනි මට කිව්වෙ නෑනේ…."


"සෝමා තමයි නංගිට ඒවට උදව් කරලා තියෙන්නේ…."


"මරන්න එපෑ..මේ ගෑනිව...."


"නිරංජන් ගෙදර ආවගිය ඒවා මුලු ගමම දන්නවා….ඒ නිසා තමයි නංගි හොරෙන්ම නුවරට මාරුවක් ඉල්ලගෙන මහ ගේත් විකුනලා ඔය කලබලේ නුවර පදිංචියට ඇවිත් තියෙන්නේ ..….."


"ඒක තමයි මම කල්පනා කලා….මොකද කියලා නුවර පදිංචියට කලබලේ ආවේ කියලා …."


"ඊට වැඩිය දේවලුත් වෙලා තියෙන නිසා නුවර පදිංචියට ඇවිත් තියෙන්නේ …"


"ඒ කිව්වේ පුතේ….?


"කුසුම් නැන්දා….ගෙදරට ඇවිත් මුලු ගමටම ඇහෙන්න නංගිට බැනලා නිරංජනයා ගෙදරට ගෙන්න ගෙන පවුල් කනවා කියලා….."


"නෑ…..ඈ….දෙයියනේ…මේ ගෑනි ."


"කුසුම් නැන්දා වැරදිත් නෑ… ඒ දෙන්නගෙ ඇයි හොදැයි කම් අපි දැනගෙනම ඒවා නැතිකරන්න හිතාගෙන…..නංගිව වේලාසන අපි විකුම්ට බන්දලා දුන්න එකේ කේන්තිය.... තමයි නැන්දා පලි ගන්න ඇත්තේ ….ඇයි ඉතිං නංගිත් ඒ දවස්වල කිසි ගානක් නැතුව නිරංජන් අමතක කරලා දාලා විකුම්ට කැමති උනානේ...."


"ඒ උනාට ඔය ගෑනිට වටිනවද සාරදා ට ගෙදරට ඇවිත් බනින්න …."


"මොනව උනත් ...නංගිත් වැරදියිනේ….නිරංජන් ගෙදරට ගෙන්න ගන්න…මං හිතන්නේ ඊට පස්සේ ලැජ්ජාව වහගන්න බැරුව තමයි නුවර පදිංචියට කලබලේ ඇවිත් තියෙන්නේ…..."


"එතකොට ඔය හුටපට ඉස්කොලේ අය දැන ගෙන නැද්ද….?


" මං හිතන්නේ නෑ….ඒ විතරක් නෙමේ….ඉස්කොලේ සර් කෙනෙක් එක්කත් පොඩි හුටපටයක් තිබිලා තියෙනවා...තුසිත කියලා සර් කෙනෙක් එක්ක…."


"නෑ...ඈ…...කවුද කිව්වෙ …."


"ඒක නම් කිව්වෙ චාන්දනී කියලා නංගි ඉස්කෝලේදි ලගින් ආශ්‍රය කරපු ට්චර් කෙනෙක් ….එයා හදල තියෙන්නේ.... විකුම්ගෙන් නංගි ඩිවොස් උනොත්....., තුසිත සර් නංගිට කසාද බන්දලා දෙන්න උදව් කරන්නයි…..ඒ මිනිහා….නංගී ගැන බලන් ඉන්න අස්සේ.... නංගි ඒ මිනිහටත් බොරු පොරොන්දු දීලා…..කලබලේ නුවර ඇවිත් තියෙන්නේ….."


"එහෙමද එතකොට නිරංජන් බැදලා කියලා ආරංච් වුනේ…..ඒ කොයිකාලෙද….?


*හෙට හමුවෙමු *


*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page