top of page

💞 අමුතු දීගේ 💞 අමුතු දීගේ

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jun 28, 2020
  • 12 min read

( 25 වන කොටස)

🌹🌹සෝමාත් විවේකීව මගේ ප්‍රශ්න ගැන කතා කරන්නෙ පුතා නිදාගන්න ගියාට පසුයි..... දවල්ට මම පාසැල් යන නිසා අපට නිදහසේ කතා කරන්න වෙලාවක් ලැබෙන්නේ රෑටය..... . හවස් වෙනකොට පුතාව සෝදා කවා පොවා රෑ 8 විතර වෙනකොට අපි, ඔහු නිදිකර ටිකක් විවේකීව ඉන්න වෙලාවය.


මම නම් මේ දවස්වල හැමදෙයකින්ම මට්ටු වී හැම දෙයක්ම එපා වුන ගානට ඉන්නෙමි…....පුතා නිසා මම තවත් ජීවත් විය යුතුයි ….තාත්තෙක් නැති දරුවට අම්මා හරි ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද….පුතාව හොදට හදාගෙන මම ලස්සනට ජීවත් විය යුතු බව සෝමා මට නිතර මතක් කර දෙයි.....…..මේ අවස්තාවාදීන්ගෙන් බේරි පරිස්සම් වෙමින්….තව බොහෝ දුරක් යෑමට මට සිදුව ඇත. .


‘‘ටක්... ටක්... ටක්...

"කවුද දොරට ගහනවා නෝනා.‘‘


‘‘සෝමා ... කවුද දොරට ගහන්නේ කියලා බලන්න මේ රෑ කවුද දන්නෑ…..‘‘


‘‘නිරංජන් මහත්තයා වෙන්න ඇති…. .‘‘


‘‘සෝමා ගිහින් දොර අරින්න….. නිරංජන් මහත්තයා නම් මං නිදි කියල ආපහු යවන්න. ගෙට ගන්න එපා…...‘‘


"කුසුම් නෝනද දන්නෑ…. ?


"අනේ සෝමා මට බයයි... මම කාමරයේ දොර වහගෙන නිදා ගන්නවා.... සෝමා කුසුම් නැන්දා නම් ගෙට ගන්නෙ නැතුවම කතා කරලා අරින්න…..."


මම කාමරයට ගොස් දොර ගාව හැංගි උන්නේ කුසුම් නැන්දා මට බනින්න ඇවිත් කියා බයේ ගැහෙමින්‍ය....... නමුත් දොර ලග ඉදගෙන ගෙදර ඉස්සර දොර ලග කවුද ඉන්නෙ කියා බලන්න හොරෙන් කන්දී අසා සිටියෙමි…...


සෝමා සාලයේ දොර ලඟට යද්දී මම කාමරයේ බිත්තියට මුවා වෙලා අසා සිටියෙමි.


‘‘කවුද දොරට ගහන්නේ….මේ රෑ…...කවුද ඔය….’’ සෝමා දොර ලඟට ගිහින් ඇසුවාය.


‘‘ සෝමා….මම මේ විකුම් මහත්තයා…..’’


"මොනවා…...විකුම් මහත්තයා ….🌟🌟🌟🌟🌟

" මොනවා ….!! විකුම් …✨️✨️✨️✨️✨️🌟🌟 විකුම් කොහේද මෙහෙ… දෙවියනේ...මේ මොකක් ද වෙන්න යන්නේ....මගේ මුළු ඇගම ම ගැහෙන්න ගත්තෙ විකුම්ගෙ කටහඬ ඇසීය ....මට දාඩියදා කලන්තයක් සෑදුන සේ මාව බයෙන් වෙව්ලන්න විය…..☠️☠️


සෝමා දොර ඇරියේ කලබලේය


‘‘අනේ….. මේ විකුම් මහත්තයානේ….. මේ රෑ මොකද මේ..?

මේ එයාර්පෝට් එකේ ඉඳන් ම එන ගමන් ද මහත්තයා…... ?

ඇයි අපට කියන්නේ නැතුව ආවේ …... ?’’


‘‘ඔව් සෝමා මේ එන ගමන්…...’’ හරි මහන්සියි.


මම කාමරයේ දොර ලග සිට හිනාවක් නැතුවම ඔහු දෙස බලා සිට ගස්සාගෙන නැවත කාමරයට ගියෙමි…..මට හිතා ගැනීමට නොහැකි විය...හිටි හැටියේ විකුම්ගේ පැමිනීම.

විකුම් කාමරය දිහා හොරෙන් සැකෙන් බලන ගමන් ගෙට ගොඩවුණේ විශාල සූට්කේස් දෙකක් ද රැගෙනය…..


මා නොරිස්සුම් සහගත බැල්මක් හෙලා….දොර රෙද්ද තදින් වසා…. බිම බලාගෙනම ගිහින් කාමරයේ පුතුගෙ ඇඳ උඩින් ඇලවුණේ එකම වචනයක්වත් නොකියායි. මගේ පපුව නොනවත්වා ගැහෙයි…..මම උඩබිම් බැලුවේ ….මම මේ සිහිනයක්ද දකින්නේ කියා සිතියි….


‘‘මට හරි මහන්සියි සෝමා….. බොන්න මොනවහරි ගේන්න.’’


මගේ නොරිස්සුමට හේතුව දන්නා විකුම් සැකෙන් බයෙන් වගේ සාලෙ පුටුවක වාඩි වෙනවා ඇසුනි…. මම කාමරයට ම වෙලා නිසොල්මනේ සිටියේ බයෙන් සැකෙන් හා කේන්තියෙනි…..


විවාහයෙන් සුමාන දෙකකට පසු රට ගිහින් අපව අමතක කර දමා කාලයක් හිටි මිනිහෙක් මොකට මේ හදිසියේ ගෙදරට නැවත ආවාදැයි කේන්තියෙන් සිතුවෙමි….


සෝමා විකුම්ට මොනව හෝ බීමට හදාගෙන විත් පිළිගන්වනවාත්, ඔවුන් දෙදෙනා කුටු කුටු ගා කතා කරන සද්දය ඇසුනත් මා කාමරයෙන් එළියට ගියේම නැත…... පසුව සෝමාගෙ කට හඬ උස්ව ඇසුනි.


"මහත්තයා එන බව නුවර මහත්තයාලා දන්නවද….?


"නෑ….මම කිව්වේ නෑ…...මට සාරදා ගේ අයියා කෝල් කරලා තිබුනා….මට එයාට කතා කරන්න බැරි උනා…..එයා මගේ යාලුවත් එක්ක කතා කරලා තිබුනා…."


විකුම් සෝමා සමග හොදින් කතා කරයි…...අවුරුදු තුනකට පසු ඇහෙනා ඔහුගේ කටහඩ ….මගේ හිත සතුටින් බර උනත්…. මෙච්චර දවසක් වෙන ගෑනියෙක් එක්ක පවුල් කමින්...මාව අමතක කර හිටි ඔහුව මම මොකට පිලිගන්න ඉස්සරහට යනවාදැයි සිතමින් මම තව තවත් මුරන්ඩු ලෙස පුතාව බදාගෙන හිටපු විදිහටම උන්නෙමි….


අවුරුදු තුනක් මාව බලන්න නොආව…..මාස ගානකින් ආරංච්යක් නැතුව හිටි, ඔහු..... හිටිහැටියේ හදිසියේ කාටවත් නොකියා ලංකාවට කඩන් පාත් උනේ කොහොමද..? ...මොකටද…..කියායි…මට තිබුන පුදුමය.... ප්‍රශ්නය


මගෙයි නිරංජනගෙයි සම්බන්ධය ආරංචි වෙලා තමයි අනිවාර්යයෙන්ම මෙයා මේ හොර අල්ලන්න වගේ….මේ රෑ කඩන්පාත් වෙන්න ඇත්තේ…..නැත්නම් එන බව මට කෝල් කරලා කියලා එන්න එපෑ…. මට බයත් සිතිනි.

අවුරුද්දකට කිට්ටු කාලයක් කිසිම ආරංචියක් නොතිබුණු විකුම්…. මොකටද..... ?කොහොමද..... ?හිටි හැටියේ ලංකාවට ආවේ….. ඇයි අපට නොදන්වා ආවේ….. . මගෙ හොර අල්ලන්න ආවාද කියා මට තව තවත් බය සිතේ.....


අවුරුදු තුනකින් පසු ආවත්, මොන වැරැදි තිබුනත් තවමත් ඔහු මගේ ස්වාමි පුරුශයායි…... මොන වැරදි කලත් තවමත් මම ඔහුගෙ නීතයානුකූල භර්‍යාවයි.


‘‘මහත්තයා ඇඟපත සෝදාගෙන එන්න.... මම කෑමට මොනවහරි ලෑස්ති කරන්නම්….. කියල ආවනම් අපි ලෑස්ති වෙලා ඉන්නවානේ…..ඇයි මහත්තයා නොකියා ආවේ….’’


"නිකම්…..කරදර කරන්න හිතුනෙ නෑ...... කාටවත් යාලුවෙක්ටවත් මම කිව්වෙ නෑ….එයර් පෝර්ට් එකෙන් කැබ් එකක් අරන් ඇවිත් බලන්න හිතුනා….


විකුම් ඔහුගේ බෑග් එක අරිනා සද්දය ද…. ඉන්පසු අල්ලපු කාමරයේ නාන කාමරයට යන සද්දය ඇසිනි... ..

සෝමාගේ කතා බහෙන්, මට ඔහු කරන කියන දේ දෑනෙයි….ඇහෙයි…

විකුම් නාන කාමරයට ගිය විගස සෝමා මගේ කාමරයට දුවගෙන ආවේ හොරෙක් ලෙසය.


’’නෝනා,.... නෝනා …….විකුම් මහත්තයා බාත්රූම් එකට ගියා....

නෝනා තරහින් ඉන්න බව මහත්තයාට තේරිලා…. නෝනා දැන් මේ තියෙන තත්ත්වය උඩ මහත්තයාව එව්වේ උඩ ඉන්න දෙවියෝ කියල හිතන්න.... ගිය ආත්මයක කරපු පිනක්වත් පෑදිලා වෙන්න ඇති මෙහෙම වුනේ…...මොනව උනත් නොනගෙ කසාඳ මහත්තයානේ….. මොනවහරි නිරංජන් මහත්තයා ගැන කණ වැකිලා ආවද දන්නෑ…... නෝන එහෙම මහත්තයා එක්ක මොනවටවත් රණ්ඩවුට යන්න එපා.... යාප්පුවෙන් ,හොඳින් කතා කරලා එකතු වෙන්න බලන්න….. නුවර මහත්තයා කෝල් කරලා දික්කසාදය ඉක්මන් කරන්න කිව්වද දන්නෑ….මේ කලබලේ විකුම් මහත්තයා ආවේ….මේ අවස්ථාව ප්‍රයෝජනයට ඇරගෙන යාප්පුවෙන් යාලු වෙන්න නෝනා….නෝනා අතෙත් වැරදි තියෙන එකේ….."

සෝමා මට අවවාද කර ගියාය…..


මා තවත් පුතු ලඟින් ඇල වී එළියේ වෙන දේවල් වලට කන්දීගෙන සිටියෙමි. මට හිතා ගන්න බැරි…... මේ කලබලලේ විකුම් නොකිය ම ආව එකයි…... මම නිරංජන් එක්ක එහෙ මෙහෙ ගිය ඒවා ආරංචි වෙලා ද දන්නෑ……. මෙච්චර අවුරුදු තුනක් තනියම ඉඳලා මම නිරංජන් එක්ක එකතු වෙලා හිටි ටික දවසට….. විකුම් ආවේ නම් නිරංජන් එක්ක මං එහෙ මෙහෙ ගිය ඒවා ආරංචි වෙලා ම වෙන්න ඇති……

මට ඒ ගැන බය හිතුනින්...., හිටිය විදිහටම ඇදට වී හිටියේ, අවුරුදු තුනක් මාව අමතක කර දමා හිටි කෙනා මොකට මේ හදිසියේ මගේ වැරැදි හොයාගෙන ආවාදැයි සිතමින්ය.

නාන කාමරයෙන් එළියට විත් විකුම් ගෙයි එහාට මෙහාට ඇවිදන ශබ්දය ඇසිනි….. සෝමා විකුම්ට කන්න කතා කරන සද්දයද ඇසිනි......


‘‘මහත්තයා රෑට හදපු ඉදි ආප්ප තියෙනවා…. මම හොදි මාලු රත් කලා….. ටිකක් කාල ඉන්න බඩගිනි ඇතිනේ…...’’


සෝමා විකුම්ට කෑම බෙදන සද්දය ද ඇසෙයි….. මගේ හිතේ තියෙන්නෙ දුකක් ද, කේන්තියක් ද කියල මට හිතාගන්නට බැරිය….. ඒ දෙක ම මිශ‍්‍ර වුන හැඟීමකි…. මායි නිරංජන් ගැනයි ආරංචි වී වත් විකුම් මෙහේ ආවා ද? ඒත් එයාට හොඳනම් මාව අමතක කරල ඉන්න මං කොහොම හිටියාම එයාට මොකද?.... එන දෙයක් එන විදිහට වෙද්දෙන් මං කාමරයට ම වෙලා නිදි ලෙස උන්නෙ වෙන්න යන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරුවය….."


.විකුම් කෑම කා සාලයට ඇවිත් ටී.වී. එක දාන සද්දෙ ඇසිනි….. සෝමා පිඟන් අස් කර ලයිට් නිවා නිදියන්න ලෑස්ති වෙනවද ඇසේ.... මට නින්දක් නැත….. අවුරුදු තුනකට පසු මගේ නීත්‍යානුකූල සැමියා ගෙදර ඇවිත් ඇත. ඒත් මට සතුටක් නැත…..ඇත්තේ බයකි….

විකුම්ගෙ අඩි සද්දය අපේ කාමරයට එනවා ඇසී මං ඇස් දෙක තව තවත් තද කරගෙන සිටියෙමි.


‘‘සාරදා, මට පුතාව බලන්න ඕනේ…... මං දන්නවා ඔයා මාත් එක්ක තරහින් ඉන්නෙ කියලා….. ඒකට කමක් නෑ, මට මගේ පුතාව බලන්න ඕනේ…...’’


‘‘දැන්ද පුතාව මතක් වුණේ…. ’’

මට වචන කියාගන්න බැරිව හයියෙන් ඇඬිනි….. අවුරුදු තුනක් පුරා තනියම දරුවත් හදාගෙන මිනිසුන්ගෙ නොමනා කතා අසමින් මම වින්ද දුක සිහිවි මට තව තවත් හයියෙන් ඇඩිනි…..


ඇඳෙන් නැගිට ඇඳේ විට්ටමට ඔලූව තයාගෙන මම ඉකිගසමින් අඬන්න පටන් ගත්තේමි….. .


විකුම ඇඳේ කොනකින් වාඩිවී පුතා දෙසට ලං වී ඔහුව ඉඹින්න ගත්තෙ ඔහුව තුරුල් කරගෙනමය….. ටික වේලාවක් එලෙස සිටි විකුම් ඇදෙන් නැගිට, කාමරයේ ජනේලය ගාවට ගොස් ඇර තිබූ ජනේලයෙන් එළිය බලාගෙන හිටියේ මට නිදහසේ අඬන්න දී ය…...

හිතේ දුක යන තෙක් ඇඬූ මා නැවත පුතා ලඟින් ඇලවුනේ මූණ පිහිදාගෙන ය….. විකුම් තවමත් ජනේලය ලඟ හිදියි.


‘‘පුතා ඇහැරෙයි...... එළියට එන්න සාරද….. මට ඔයා එක්ක කතා කරන්න ඕනේ…...’’


‘‘මට අහන්න දෙයක් නෑ. ඔයාට හොඳ නිසානේ මං ගැනවත් පුතා ගැනවත් හොයන්නෙ බලන්නෙ නැතුව හිටියේ…...’’


විකුම් ඇවිත් ඇදේ මගේ ලගින්ම වාඩි විය….. මම හිටි විදිහටම පුතා බදාගෙන ඔහු කියන දේවල් අසාගෙන උන්නේ ඇස් දෙකින් ගලන කදුලු ඔහේ ගලායන්න දීය..…


‘‘ඔයා මට ඕන තරම් බනින්න ……...මං වැරදියි කියල මං පිළිගන්නවා…... ඒත් මං ඔයාටයි පුතාටයි වියදමට සල්ලි එව්වා….. ඔයා දන්නෙ නෑ පසුගිය අවුරුදු තුනේ මට වුණ දේවල්…... මං කොච්චර දුක් වින්ඳ ද අපි තුන්දෙනාට පිළිවෙලක් වෙන්න ඕන කරන දේවල් ලෑස්ති කරගන්න…...’’


‘‘සල්ලි දුන්නම හැමදෙයක් ම හරි යනව කියල හිතනවද…...?’’


"සාරදා ….මට වෙච්ච දේ දැන්වත් ඔයා පොඩ්ඩක් අහගෙන ඉන්නවද……ඉවසලා…...


‘‘ ඔයා දන්නවනේ මම යාලුවො දෙන්නෙක් එක්ක පොඩි ෆ්ලැට් එකක හිටියේ කියලා …..අපට පහුවෙනකොට, ඒකේ කුලිය ගෙවා ගන්න හරි අමාරු උනා...මොකද අපේ යුනිවර්සිටි එග්සෑම් වලට සල්ලි ගෙවන්නයි, මට ඔයාට එවන්න සල්ලි ඕන නිසා…., අපි යාලුවො තුන්දෙනා කතා වෙලා අපේ ෆ්ලැට් එකේ කාමර දෙක මෙක්සිකෝවේ ඉදන් ආව කපල්ස් දෙකකට කුලියට දුන්නා…..ඒ කපල්ස් දෙක ලොකු කුලියක් අපට ගෙවන නිසා අපට වතුර, ලයිට් බිල් වලට යන ගාන විතරමයි ගියේ…..ඒක අපට ලේසි උනා...හැබැයි අපි තුන්දෙනා නිදාගත්තේ සාලේ සෙට්ය උඩයි….මෙට්ටයකුත් දාගෙන බිමයි….. අපට ගෙවල් කුලිය ගෙවන්න උනේ නැති නිසා….බිම නිදාගන්න එක අපට ප්‍රශ්නයක් උනේ නෑ…...අර ජෝඩු දෙකේම පිරිමි රස්සාවල් කලේ නෑ….ගෑනු දෙන්නා වැඩ කරන්න ගියා….ඒ උනාට අපට වැඩකරන තැන අපට කිව්වෙ නෑ….හැබැයි උන්ට හොදට සල්ලි තිබුනා…..අපි නැති වෙලාවට නිතරම මිනිස්සු ගෙදරට ඇවිත් ගියා…..වැඩි වෙලාවක් හිටියෙත් නෑ ඒ... එන මිනිස්සු…..එනවා යනවා…..

මට ඔයාව එහෙට ගෙන්න ගන්න බැරි වුණේ මුලින් විසා ප්‍රශ්නය නිසා….….ඔයා ඒක පිලිගත්තේ නෑ…..හැමදාම මම කතා කරාම ඔයා මාත් එක්ක රංඩු වෙන්න...මට බනින්න.. පටන් ගත්තා …..මට ඔයත් එක්ක කතා කරන හැම දවසකම…. කතා කරාම පිස්සු හැදෙනවා….මගේ ඔලුව කකියන්න ගන්නවා…..දවසක් මම ඔලුව බදාගෙන ඉන්න කොට අපේ "යුනිට්" එකේ හිටිය එක ගෑනියෙක් මට බොන්න කියලා පෙත්තක් ගෙනත් දුන්නා…..


ඒක බිව්වහම මට මගේ ඔලුවේ තිබුන ඔක්කොම ප්‍රශ්න නැති වෙලා ගිහින් අහසේ පාවෙනවා වගේ දැනුනා…..දෙවන දවසෙත් ඒ ගෑනි මට ඒ විදිහම ටැබ්ලට් එකක් ගෙනත් දුන්නා …..පුදුම නිදහසක් සැහැල්ලූවක් දැනුනා... ඒක බිව්වහම…..මට හරි ආස හිතුනා ඒ ටැබ්ලට් එක බිව්වහම ප්‍රශ්න අමතක වෙන නිසා….. තින්වෙනි දවසේ ඒ ගෑනි ගෙන් මම ටැබ්ලට් එකක් ඉල්ලුවාම ඒ ගෑනි මගෙන් සල්ලි ඉල්ලුවා…


එදායින් පස්සෙ හැමදාම මම හම්බකරන සල්ලි වලින් ඒ ගෑනිගෙන් ටැබ්ලට් අරන් බීලා ප්‍රශ්න අමතක කරලා දැම්මා….....ඒ ගෙදර නැවතිලා හිටපු ජෝඩුවගේ බිස්නස් එක කුඩු විකුනන එක…..


.ඒ දවස් වල පුතාට මාස හයක් විතර කාලේ…...මම ඔයාව කසාද බැන්දේ ටික කාලයක් නිදහසේ සතුටින් ඉදලා….ගෙයක් දොරක් හදාගෙන පිලිවෙලක් වෙලා පස්සෙ දරුවෙක් හදනවා කියන අදහසින්…...බැදපු ගමන් ඔයා ප්‍රෙග්නට් උනාම මගේ ප්ලෑන් ඔක්කොම අප්සෙට් ගියා….මම හිටියේ මොනවද කරන්නේ කියලා හිතාගන්න බැරුව….. ඒකට හොදම උත්තරය උනේ…..කුඩු..ටැබ්ලට් ගහන එක….


ඒවා බිව්වහම මට ඒවායින් දැනෙන සැහැල්ලුව සතුට නිසා...ඔයත් එක්ක කතා කරන එක මම අඩු කරේ ඒකයි…..ඔයා කතා කරාම මම හොදට කතා කලෙත්….නිතරම ඔයාවයි පුතාවයි එහෙට ගන්නවා කිව්වෙත් ඒකයි…..බොරු නෙමේ මම උත්සහ කරා ඔයාව ගන්න….මට හොද ජොබ් එකක් තිබුනේ නැති නිසා….මගෙත් විසා ඉවරවෙලා තිබුනේ…..ඊටත් මට හැමදාම අර ගෑනිගේ ටැබ්ලට් බොනකොට අතේ සතේ නැති වුනා...... ඇගට පන නැතුව ගියා…..කෑම කන්නත් ඕන උනේ නෑ….මාව හරියට දුර්වල උනා…. මාත් එක්ක හිටිය එක යාලුවෙකුත් මම වගේම කුඩු ගහන්න පුරුදු උනා….අපි කුඩු ගහනවා කියලා අපට රස්සාවල්වත් කවුරුත් දෙන්නෙ නැති උනා…..ඉන්න තැන තිබුන නිසා ඔය තියෙන දෙයක් කාලා හිටියා….අපේ.එක යාලුවෙක් කුඩු ගැහුව්වේ නෑ….ඌ අපට නිතර බැන්නා…..හැබැයි ඌ තමයි අපට කන්න දුන්නේ…..


දැන් අවුරුදද්දකට උඩදි අපි රෑ නිදාගෙන ඉන්න කොට…..ගේ ඇතුලේ මහ සද්දයක් ඇහිලා නැගිටලා බලනකොට අර කුඩු විකුනන ගෑනියෙකුයි කුඩු ගන්න නිතර ආව කොල්ලෙකුයි, රංඩු වෙනවා…..බැලින්නම් සල්ලි නැතුව කුඩු ඉල්ලන්න ඇවිත් අර ගෑනි ඒ කොල්ලට බැනලා එලවනකොට…..කුඩු කාරයා ගෙදර පැන්ට්‍රියේ තිබුන පිහියක් ඇරන් අර ගෑනිට ඇන්නා…..ඒක දැකලා අපි හැමෝම කෑගහන්න පටන් ගත්තා …...ඒ සද්දෙට ලග ගේක කවුද පොලිස්සියට කෝල් කරලා වැඩි වෙලාවක් යන්න ඉස්සර පොලීසියෙන් ඇවිත් අපි හැමෝම එක්ක ගියා…...ඒ වෙලාවෙත් මම කුඩු ගහලා හිටිය නිසා….මාව කූඩුවට දැම්මා….අපේ කුඩු නොගහපු යාලුවා විතරයි බේරුනේ….අර ගෑනු මිනිස්සු ඔක්කොම තාම හිරේ…..මාව මාස දහයක් හිරේට නියම උනා…..හිරේ ඉන්න කාලේ මම සම්පුර්ණයෙන්ම කුඩු ,ඩ්‍රග්ස් ගහන එක නැවැත්තුවා…...මම ගොඩක් හොද දේවල් ඒ මාස දහය ඇතුලත ඉගෙන ගත්තා …..


දවස් හතරකට උඩදි තමයි මම නිදහස් උනේ…..අපේ විසා කැන්සල් කරලා ලංකාවට යන්න නියම කරා.. … මාව නිදහස් උන දවසේ මගේ යාලුවා ඇවිත් කිව්වා සාරදා ගේ අයියා කතා කරලා හොදටම මට බැනලා…..ලංකාවට එන්න කිව්වා කියලා…...මගේ යාලුවා තමයි මට ටිකට් එක හදල දීලා මාව ලංකාවට එව්වේ…...මගින් මගට මට මිනිහා කිව්වා වෙන කොහේවත් නොයා ගෙදර ගිහින් සාරදා එක්ක හොදින් ඉන්න කියලා…..….. මම හිරේ ගිහින් හිටිය නිසා මට ඔයාට ලියුම් එවන්න බැරි වුණෙත් කෝල් කරන්න බැරි උනෙත් ඒ නිසයි…...


මුල් කාලේ මම ඔයාට ඇත්තම කියන්න හිතාන කතා කරන්න හැදුවත් ඔයා නිතර ම මාව මඟ ඇරියා…...මට බැන්නා….මම කියන ඒවා ගනන් ගත්තේ නෑ….ඔයාගෙ වෙනස්කම් හින්දම තමයි මම කුඩු ගහන්න පටන් ගත්තෙත්…. ඔයා මං ගැන හිතුවේම නෑ.‘‘


‘‘කරදයක් වුණා නම් කියල එවන්න එපෑ. මට දිවැස් තියෙනව ද?’’


‘‘මං කොහොම ද ඔයාලගෙ ගෙවල්වල අයට කියන්නෙ මං හිරේ කියලා….අපේ අම්මට මගේ විස්තර කියලා තියෙන්නෙත් මගේ යාලුවා….අම්මා යාලුවාට කියලා ඔයාට මම හිරේ ගිය විස්තර මුකුත් කියන්න එපා කියලා….


ඔයාගෙ එකව්න්ට් නම්බර් එක ඉල්ලගෙන, එයා තමයි මෙච්චර දවස් සල්ලි දාලා තියෙන්නේ….‘‘


‘‘මට විතරක් කියන්න තිබුණනේ...ප්‍රශ්නය......‘‘


‘‘මට කෝල් එකක් ගන්නවත් පුළුවන් කමක් තිබුණේ නෑ. මට හරි මහන්සියි සාරදා මං පස්සෙ ඔයාට ඉතිරි හැමදෙයක් ම කියන්නම්.‘‘


විකුම් මගේ ලඟටම විත් ඇඳ උඩින් වාඩි වී මගේ අත අල්ලා ගත්තේය. මට විකුම් ගැන ඇති වුණේ කියාගත නොහැකි දුකකි….. මං ගැන මටම ඇති වුණේ කේන්තියකි…... තමන්ගෙ ස්වාමි පුරුෂයා හිරේ විලංගුවේ වැටී දුක් විඳින කොට මං මොනවද පසුගිය මාසේ කරේ…... මං වෙන හොර මිනිහෙක් එක්ක සැප වින්දා හැටි මතක් වී මට මං ගැනම ඇති වුණේ අප්පිරියාවක් මිශ්‍ර කේන්තියකි…...


මට කේන්තියත් සමග‘ විකුම් ගැන ඇති වුණේ දුකකි…... . මං අඬ අඩා ම විකුම් බදා ගත්තේ දුක ඉවසා ගන්න බැරුවයි…...


‘‘මට හරි දුකයි ඔයා ගැන විකුම් මගේ කරදරේ හින්දා ඔයා නරක දේවල් වලට පුරුදු වෙලා හිරේ විලංගුවෙත් වැටිලා…..මට සමාවෙන්න විකුම්…."


මම විකුම් බදාගෙන ඔහුගේ පපුවේ මුහුන හොවාගෙන ඇඩුවේ දුක දරාගන්න බැරුවය…....


‘‘මටත් දුකයි ඔයයි, පුතයි ගැන….. අවුරුදු තුනක්ම, ඔයා තනියම මං නැතුව පුතා හදාගන්න වෙච්ච මහන්සිය ගැන….. මම ආයෙත් රට යන්නෑ…...කොහොමත් මගේ වීසා අවලංගු කරලා මාව ආයෙත් ලංකාවට එව්වේ…....‘‘


‘‘අනේ ඔයාට වුණ දේවල් වලට මට හරි දුකයි….විකුම්…...‘‘


‘‘මං පස්සෙ කියන්නම් සාරදා…...ඉතිරි දේවල් …... පැය විස්සක් විතර මට හරියට නින්දක් නෑ…... මට හරි මහන්සියි. …..‘‘


‘‘ඔයා නිදාගන්න මෙතන පුතා ලඟින්…..‘‘


‘‘විකුම් මාව බදා ගෙන ඉඹ ගෙන හිටියා ගොඩ වේලාවක්…..ඔහු හිටියේ හොදටම මහන්සි වෙලයි…...‘‘


‘‘අපි නිදාගමු සාරදා මට හරි නිදිමතයි…....‘‘


‘‘අපි උදේට කතා කරමු.‘‘


මේ එකපාරටම මොනවද උනේ කියල මට හිතාගන්න බෑ…... විකුම් ලංකාවට ඇවිත් තියෙන්නේ අයියා කතා කරට පසුයි….. ඇයි විකුම් හිරේ හිටිය කතාව අපට හැංගුවේ…..ඒ මාස දහයයිනේ…..ඉතිරි අවුරුදු දෙක…...තුල තව මොනවාද කරේ….. හැබැයි පුතා හම්බ වුණාට පස්සෙත් විකුම් මට කතා කරා…..විකුම්ට වෙන ගෑනු කෙනෙක් හිටියද දන්නෙත් නෑ…..තව මට හංගන ඒවත් තියෙනවද දන්නෑ…..


විකුම්, පුතාවත් බදා ගෙන ඇදට වැටුන හැටියේ හොදටම නිදි….. පුතා මැද මම ඇඳේ අනිත් පැත්තෙන් නිදා ගත්තේ හොඳට ම රෑවී තිබුන නිසයි…...


අවුරුදු තුනක් මං පිරිසිදු ගෑණියක් ලෙස ඉඳලා, විකුම් එන්න සුමාන දෙකකට පෙර මේ කරගත්ත පව්කාර කම සිහි වී මට තනියම ඇඩෙයි….... ඇස් දෙකෙන් බේරෙන කඳුළු ඔහේ දියවෙලා යන්න ඇර මම තනියම දුක්විණි.


මං කොහොමද එක හිතින් දැන් විකුම් ලඟට යන්නේ….. මට කරන්න වෙන දෙයක් නැත. පසුගිය කාලේ වුණ හැමදෙයක් ම අමතක කරලා මම විකුම් සමඟ අලූත් ජීවිතයක් ගත කල යුතුයි …….. මොනව වුණත් පුතාට යමක්කමක් තේරෙන කාලේ එයාගෙ තාත්තා එයා ලඟට ආව එක කොච්චර දෙයක් ද? නැත්නම් දරුවාට තාත්තා කියන්න වෙන්නෙ වෙන කෙනෙක්ට….... මොන වැරදි කරල විකුම් ඇවිත් හිටියත් මං එයාට දැන් සමාව දෙනවා….. මං එයාට කොයිතරම් ලොකු වරදක් ද කරල තියෙන්නේ…….. මට හිතාගන්න බැරි වුණා, මං කළ පව කෙසේ ගෙවා ගන්නෙ ද කියා….... මට විකුම් ගැන ඇති වුණේ දුකකි …... ඒ වගේම මං ගැන ඇති වුණේ කේන්තියක්…..


විකුම් පුතාවත් තුරුලූ කරන් හොඳට ම නිදි…... පැය ගාණක ගුවන් ගමනකින් පසු ඔහු හොඳට හෙම්බත් වෙලා මහන්සි වී පැමින ඇත….. පව් ඉස්සරට වඩා විකුම් ඇදිලා ගිහින්…..කලුවෙලා…. පසුගිය කාලේ එයා ගොඩක් දුක් විඳින්න ඇති ….. විකුම් ආයෙත් රට යන්නෙ නෑ කියපු එක මට ලොකු සතුටක් විය….. විකුම් ගොරවන සද්දේ කාමරය පුරා විහිදෙයි. මම ඉන්න විදිහට ම ඇඳේ කෙලින් වී ඔහු දෙස බැලූවෙමි….. පුතාගෙ ඇඟ උඩ තියෙන විකුම්ගෙ කෙට්ටුවී ඇදි ගොස් තිබුන බාහුව උඩින් මගෙ අත තියා ගෙන ඇස් දෙක පියාගත්තෙමි…...


පසුදින පාන්දර මම නැගිටින විටත් විකුම් හොදටම නිදි….. මට ඔහු දැක ඇති වුණේ දැඩි සතුටක් හා දුකකි….. අදින් පසු මම හොඳ ජීවිතයක් ගත කළ යුතු යි…... ඔහු මගේ නීත්‍යානුකූල සැමියායි. අප දෙදෙනාට විවාහයෙන් පසු එකට ජීවිත් වෙන්න ලැබුණේ ඉතාමත් කෙටි කාලයකි….. ඒ කෙටි කාලය මම කොයිතරම්නම් සතුටින් ගත කලාද? පසු ගිය කාලය අප දෙදෙනාට මොනවා උනාදැයි හිතා ගන්න බැරිය. ගිය ආත්මයක අප දෙදෙනා කල පවක් පටිසන් දෙන්න ඇති….ඒකයි මුහුදු හතකින් එහාට ගොසිනුත් නොයෙකුත් කරදර විදින්න සිද්ද වුනේ…..


මම හෙමිහිට ඇඳෙන් නැගිට කාමරයේ දොර අඩවන් කර කුස්සියට ගියේ විකුම්ට උදේට කන්න හොඳට රස කෑමක් හදන්න ඕන යැයි හිතාගෙනය.


‘‘ආ... නෝනා. නැගිට්ටද? මං මේ කිරි බතක් උයන්න හැදුවේ…..අවුරුදු තුනකට පස්සෙ නේ විකුම් මහත්තයා ආවේ…... හොඳයි නේද.....?

"ආ...ඔව්...ඒක හොදයි විකුම් මහත්තයා කාලෙකට පස්සෙනේ ආවේ…. කිරිබත් හොඳයි..... ඉන්න මම රසට ලූණු මිරිසක් හදන්නම්. අපි මිරිස් මාළු ටිකකුත් හදමු නේද....සෝමා...?’’


‘‘ඔව් කාලෙකට පස්සෙ ආව කෙනානේ…..අදින් පටන් ගන්න යන අලුත් ජිව්තයට සුභ අනාගතයක් වේවා….කියලා බුද්ධ පූජාවත් තියලා උදේට කන්න…..නෝනා......"


"අපි විකුම් මහත්තයාට හොඳට සලකන්න ඕනේ…... ඔන්න නෝනා මීට පස්සෙ නම් නිරංජන් මහත්තයා මේ පැත්ත පලාතට ගෙන්න ගන්න එපා. ......අර ඉස්සර හිටිය වගේ අමතක ම කරල දාලා විකුම් මහත්තයාත් එක්ක සතුටින් ඉන්න…... දැන් චූටි බේබිත් ලොකුයිනේ. එයාට ගොඩක් සතුටු හිතෙයි තාත්තා ඇවිත් ඉන්නව දැක්කහම.‘‘


උදේ විකුම් නැගිටලා මූන හෝදගෙන එනකොට මායි, සෝමයි උදේ කෑම ලෑස්ති කරල ගෙවලූත් අස් කරල අතු ගාලයි තිබුණේ…...


‘‘ගුඞ් මෝනිං …..විකුම් නැගිට්ටද?..... අපි සද්ධ නොකරම උදේට කිරිබත් හැදුවා….හැබැයි දැන් දහයටත් ලගයි….මම බුද්ධ පූජාව තිබ්බා පරක්කු වෙන නිසා…...‘‘


‘‘ගුඞ් මෝනිං...‘‘ සාරදා තවත් ලස්සන වෙලා ඔහු මාව තුරුල් කරන් මගේ මූන ඉම්බේ සෝමා ඉදිරි පිටමය.


‘‘පුතා තව ම නිදි නේද?..... එයාට සතුටු හිතෙයි ඔයා දැක්කහම…...‘‘


"ඔව්... උදේ නැගිටලා කිරිබීලා....මගෙන් ඇවිත් ඇහුව්වා කවුද අපේ ඇදේ නිදන් ඉන්නෙ කියලා.....මම කිව්වා ඔයාගෙ තාත්තා පුතේ කියලා......ඒ පාර ගිහින් ටික වෙලාවක් ඔයාගේ දිහා හොදට බලා ඉදලා.....ඔයාගෙ ඇගට තුරුල්වෙලා ආයෙත් නිදා ගත්තා....


‘‘අනේ මං මගේ පුතාව හැබැහින් දැක්ක මුල් ම දවස ඊයේනේ…... මට පුතා නැගිටිනකම් ඉවසුම් නෑ.‘‘


‘‘සාරදා අපි අද ඔයගොල්ලන්ගෙ ගෙදර යමු ද?....’’


‘‘නුවර...අපේ අයියලාගෙ ගෙදර ..."‘


‘‘ඔව් අපි කැබ් එකක් කතා කරගෙන ගිහින් එමුද.‘‘


‘‘අනේ කොච්චර දෙයක් ද…..මට ආසාවේ බෑ....ඔයාව අම්මට අයියලාට පෙන්නන්න ......?’’


‘‘මට ඔයගොල්ලන්ගෙ අයියා මීට සුමානයකට විතර උඩ දි කෝල් කරලා….මම හිටියෙ නෑනේ….මගේ යාලුවා අන්සර් කරලා තියෙන්නේ…..මට කතා කරන්න බැරි උනානේ…... ඊට පස්සෙ තමයි මම ලංකවාට එන්න තීරණය කළේ……. නොකියම ආවේ, ඔයාව සර්ප‍්‍රයිස් කරන්න…...‘‘


‘‘ඒ උනාට කියල ආවනම් අපි ලෑස්ති වෙලා ඉන්නවනේ…...‘‘


"මොනා ලෑස්ති වෙන්නද.....කියලා එන්නෙ කොහොමද ...මාව කන්න බලාගෙනනේ හිටියේ…..මේ ආවෙත් මම බයේ.."


උදේ කෑමෙන් පසු අපි තුන්දෙනා සෝමා සමග අයියලාගෙ ගෙදර... නුවර බලා ගමන් කළේ කැබ් රථයකිනි…...


අපි නුවර ගිහින් මුළින් ම දළඳා මාළිඟාව වැඳපුදා ගෙන පසුවයි අයියලාගේ ගෙදර ගියේ……. මම උදේම විකුම් ආබව අයියට කෝල් කර කිව්විට, ඔහු සතුටින් කතා කලේය....


‘‘ආ... විකුම් ආවද? මම එයාගෙ යාලුවා එක්ක එයාට හොඳටම බැන්නා….. . මං බැන්න නිසා වෙන්න ඇති ලංකාවට එන්න ඇත්තෙ.‘‘ මං කෝල් කළ විට අයියා කීය.


‘‘අයියාට ඇති බයට විකුම් එන්න ඇති කියල මටත් හිතුනා"


මට අයියා ගැන ඇති වුණේ සතුටකි.... ඔහු මං ගැන හිතලා විකුම්ව ගෙන්නල දුන්නට අයියාට ස්තූති කරන්න ඕනේ…...


අයියලා අපට දවාලට කන්න ඉතා ජයට කෑම සාදා තිබුණි.....


අම්මා,...... මායි විකුමුයි, පුතයි දැක සතුටින් ඉපිලමින් සිටියාය.


‘‘මට හරි සතුටුයි විකුම් පුතා ආ එකට….. අනේ මීට පස්සෙ නම් මේ ළමයි දෙන්නා තනිකරලා කොහේවත් යන්න එපා. ආයි රට යනවනම් දෙන්නව ඇරගෙන ම යන්න. …. දන්නවනේ මිනිස්සු තනියම ඉන්න කොට කතා හදනවා. මේ රටේ ගෑණියෙක්ට තනියම ඉන්න හරි අමාරුයි.‘‘


‘‘මං දන්නවා අම්මේ මං ආයෙත් රට යන්නෑ. මං මෙහේ මොනවහරි බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්නේ.‘‘


‘‘ඒක හොඳයි. අපේ පුතාටත් පුළුවන්නෙ විකුම් පුතාට බිස්නස් වැඩක් පටන් ගන්න උදව් කරන්න.‘‘


‘‘ඒක තමයි මං මේ ආව ගමන් අයියව හම්බ වෙන්නත් එක්ක ආවේ…...‘‘


‘‘ඉතිං අද මෙහේ ඉඳලා යන්න. මට මේ චූටි පුතාව දැකල හරි සතුටුයි.‘‘


‘‘එහෙනම් අපි තුන්දෙනා දවස් දෙක තුනක් මෙහේ ඉඳලම යමු ද සාරදා….. ?’’


‘‘අනේ ඉමු….. මං නම් හරි ආසයි නුවර හැමදාම හරි ඉන්න…...‘‘


‘‘දැන් ඉතිං ඔක්කොම හරි නංගි....මහ ගෙදර විකුනන වැඩේ...තව මාසෙකින් නංගිලාට මෙහේ පදිංචි වෙන්න පුලුවන්…...අයියා කීවිට ඒ ගැන දැනගෙන විකුම් පුදුම විය......

"අපි අද යමු මම නංගිලාට සල්ලි වලට ගන්න බබලලා තියෙන ගේ බලන්න…. ...‘


‘‘ඒක නම් හොඳ අදහස. මාත් හරි කැමතියි ඒ අදහසට…..‘‘විකුම්ද අපි නුවර එන පදිංචියට එන වැඩේට බොහෝ කැමති විය.


"ගේ විකුනපු එක හොදයි .... කොළඹ ගෙදරත් දැන් ගොඩක් පරණයිනේ......"


" ඒක තමයි ..... හොඳ ගාණකට ඒ ගේ විකුණ ගන්නත් පුළුවන් උන එකත් ලොකු දෙයක්….. නංගිලාට මෙහෙන් ලාභෙට ගෙයක් ඇරගෙන ඉතිරි සල්ලිවලින් අලූත් බිස්නස් එකකුත් පටන් ගන්නත් පුළුවන්.‘‘


‘‘එහෙනම් ඒ විදිහ හොදයි ….සාරදා ... එතකොට සාරදාගෙ ජොබ් එක.‘‘


‘‘මට මේ පැත්තට මාරුවක් ගන්න පුළුවන් වෙයි...මම ඇප්ලයි කරලා තියෙන්නෙ නුවරට මාරුවක් …..‘‘


‘‘හොඳ අදහස…..අපිට නුවර පදිංචි වෙලා බිස්නස් එකකුත් පටන් ගන්න පුලුවන් ….ගේ විකුනලා ලැබෙන සල්ලි වලින්......‘‘


අපි තුන්දෙනා දින තුනක් නුවර අයියලාගෙ ගෙදර ඉඳ කොළඹ ආවෙමු…... මගේ හිත සතුටින් පිරී ඇත. මට දැන් කට පුරා අඳුන්වා දීමට මගේ සැමියා මා ලඟ ඇත…... අයියා කිවූ ලෙස අපට නුවර පදිංචියට යන්න ලැබෙන එක ලොකු දෙයකි….. නිරංජන් ඇතුළු අහල පහල මිනිසුන්ගෙන් ද මට වෙන් වී ඉන්න ලැබෙන එකත් සතුටකි…...


සෝමා ද අපි නුවර පදිංචියට යන ගමනට බොහෝ කැමති විය. හැමදෙයක් ම හොඳ අතට හැරෙමින් පවතී…..


අයියා අපට නුවරින් අලූත් ගෙයක් ලාබෙට සොයා අත්තිකාරමක්ද ගෙවා ඇත. කොළඹ මහ ගෙදර ලොකු ගානකට විකුණන්න ලැබිම නිසා විකුම්ට බිස්නස් එකකටද මුදල් ඉතිරි කර ගන්න ලැබුනි…...


එය විකුණා අහවර උන ගමන් අපට දැන් නුවර යා හැක.

විකුම් ඇවිත් සුමාන දෙක ඇතුළත අපි ගොඩක් වැඩ කරගත්තෙමු. මම ඒ සුමාන දෙක නිවාඩු දමා නුවරට මාරුවක් ලැබෙන තෙක් ගෙදර සිටියෙමි…...



*හෙට හමුවෙමු -

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page