top of page

අමුතු දීගේ 💞#2 අමුතු දීගේ

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Aug 2, 2020
  • 5 min read

(20 වෙනි කොටස)

"ඉතිං දැන් කියන්න ….මොකද උනේ කියලා ….දැන් මොකද වෙලා තියෙන්නේ….….ඔයාට ලංඩන් වලදි ගර්ල් කෙනෙක් හිටියා නේද ?.... ...ඒක නේද මට හැංගුවේ…..දැන් ඒක නේද මේ ප්‍රශ්නයක් කියලා ඔයා මට නොකියා ඉන්න හදන්නේ…..මම හරි නේද.....?


"ඔව්….මට සමාවෙන්න සාරදා …"


" හරි දැන් ….කිසි ප්‍රශ්නයක් නැතුව මෙච්චර කාලයක්..අවුරුදු අටක් විතර, ඔයා හොදට හිටියනේ…..දැන් මොකද මේ හදිසියේ අවුරුදු අටකට පස්සෙ මතු වුන ප්‍රශ්නය …..?


" ඔයාට මම කිව්වේ…..අපි හිටපු යුනිට් එකේ පිහි ඇනුමක් එක්ක ඩ්‍රග්ස් විකුනන ලේඩි කෙනෙක් ඉදලනේ, අපිව පොලිස්සියට අහු උනේ..කියලා ......අර පිහි ඇනුම උන ලේඩ් මැරුනෙ නෑ….ගොඩක් අමාරුවෙලා හොස්පිටල් ගෙනිච්චනේ…..එතනින් සනිප උනාට පස්සෙ තමයි එයාව හිරේ දාලා තියෙන්නේ…. ගොඩක් ලොකුවට කාලයක් තිස්සේ කුඩු විකුනන කට්ටියක් එක්ක තමයි එයා වැඩ කරලා තියෙන්නේ…..….එදා රෑ පොලිස්සියට අපිව ගෙනිච්චට පස්සෙ ඒ ලේඩිට මොකද උනේ කියලා මම අද වෙනකම් දැනගෙන හිටියෙ නෑ…..මම හෙව්වෙත් නෑ ….කේන්තියට…..සුදේශ් දැන් කතා කරලා කියනකම්….. මම මොනවත් දැනගෙන හිටියෙ නෑ…..


" ඉතිං මොනවාද සුදේශ් කිව්වෙ …?


"ලගදි එහේ පොලිස්සියෙන් සුදේශ්ව හොයාගෙන එයාගෙ ඔෆිස් එකට ඇවිත්…


"ඉතිං…


"ඉතිං...ඇවිත් අහල තියෙන්නෙ මාව….සුදේශ් විතරනේ දැනට ඒ රටේ ඉන්නෙ….. ඒ සම්බන්දයට ගෑවුනු අයගෙන්….ඊටත් සුදේශ් නේ අපිව බේර ගන්න කට උත්තර දුන්නේ….ඉතිං පොලිස්සියෙන් ඇවිත් මගේ විස්තර අහලා….ඊට පස්සෙ කියලා…..විකුම්ට, ඉකියක් සමග නැවත ඇඩෙන්න විය.


පුටුවේ වාඩිවී ඉන්නා ඔහු…..පුටුව ලග හිටගෙන ඉන්න මගේ ඉන බදාගෙන ….මගේ බඩ උඩින් ඔහුගෙ ඔලුව තියාගෙන අඩන විකුම් ගැන මට තව තවත් දුක සිතේ….ඊටත් වඩා ඇත්තේ බයකි…..


"හරි….මම ඔයාට සමාව දෙනවා...ඔයා කරපු වැරදි වලට….ඉතිං, ඉතිරි ටිකත් කියන්න "


"ඒ ගෑනි හිරේට යනකොට ළමෙක් හම්බවෙන්න ඉදලා ….. ළමයා හිරේ ඉන්න කොට ඉපදිලා තියෙන්නේ…..එයා ළමයගෙ තාත්තා කියලා උප්පැන්න සහතිකේට නම දීලා තියෙන්නෙ මගේ…නම.."


"නෑහ්...…....ඔය දෙන්නා අතර එහෙනම් සම්බන්දයක් තිබිලා තියෙනවා....… මම හිතුවා…. ..මම හිතුවා…..සද්ද නැතුව ඉන්නකොට …. "..මගේ පපුව ගැහෙන්න විය.


"ඉතිං ඔයා විශ්වාස කරනවද ළමයා ඔයාගෙ කියලා …?.


"මට හරියටම කියන්න බෑ….එතන යුනිට් එකට ගොඩක් අය ආව ගියා...හැබැයි මම තමයි මුලින්ම එයාව අදුනගෙන අපේ යුනිට් එකට එක්කගෙන ආවේ…."


"ඉතිං දැන් මොකද වෙලා තියෙන්නේ….?


"ළමයා ඉපදිලා තියෙන්නෙත්, හැදිලා තියෙන්නෙත් හිරේ….. එයත් එක්කම දරුවා අවුරුදු පහක් හිරේ ඉදලා තියෙන්නේ….දැන් අවුරුදු දෙකකට උඩදි එයා නිදහස් වෙලා එලියට ගිහින් හොදට ඉදලා තියෙනවා …..ළමයා ඉස්කෝලෙත් ඇරලා හොදට හදාගෙන තියෙනවලු…..ඒ උනාට ඒයාට ආයෙත් කුඩු විකුනන්න කියලා කුඩු කාරයෝ බල කරලා ...ගෑනි අකමැති වුන තැන කරදර කරලා….පස්සෙ ගෑනිව මරලාදාලා…..දැන් ළමයට නෑදායො කවුරු වත් නැතිලු….ඒ පාරලු පොලිස්සියෙන් ළමයව ළමයගෙ තාත්තට භාර දෙන්න හොයාගෙන ඇවිත් තියෙන්නේ ….සුදේශ් කියලා මම දැන් ලංකාවේ කියලා …. පොලිස්සියෙන් කියලා මට විස්තරය කියන්න කියලා….දැන් ළමයා අනාත මඩමකලු ඉන්නේ කාත් කවුරුත් නැති නිසා….


"මට හිතුනා….ඔයා මට කිව්වේ ඔක්කොම ඇත්ත නෙමේ කියලා …..තව කොහේ කොහේ ඉන්න ගෑනු මෙහේ එයිද දන්නෑ…ළමයින්ගේ,.තාත්තා හොයාගෙන….


මම කේන්තියෙන් විකුම් අත හැර ලග තිබුන පුටුවේ වාඩි වුනෙමි…..


"මම සුදේශ්ට කියන්නම්ද සාරදා .…. මම ළමයගෙ පොතට වියදමට සල්ලි දාන්නම් කියලා …... . ළමයට දිගටම අවුරුදු 18 වෙනකම් එතන ඉන්න පුලුවන්ලු…. …."


"දැන් ළමයගෙ වයස කියද?


"අවුරුදු අටක්ලු...…"


"ළමයගෙ ඩි එන් පරික්ශනයක් කරලද….?."


"තාම නෑ…."


"සුදේශ්ට කීයක් හරි කමක් නෑ සල්ලි යවලා ඒවා ඔයාම විසදගන්න…..අම්මලා තාත්තාලාගේ වැරදි වලට ළමයි පලි නෑ තමයි ..….හැබැයි මගේ ළමයි එක්ක, ඔය හීරේ හැදුන ළමයි හැදෙනවාටවත්…...ඒ ගැන මගේ ළමයි දැන ගන්නවාටවත් මම කැමති නෑ…...ඔයා ඕන දෙයක් කරගන්න එකයි ඇත්තේ ……

මාව කලබලේ කසාද බැදලා...රට ගිහින් කරන්න පුලුවන් ඔක්කොම වැරදි වැඩ කරලා ….හොදට හිටිය ල…මාවත් අමාරුවේ දාලා…...ඒ මදිවට ඔක්කොම වැරදි මට හංගලා ….දැන් හොද කෙනා වගේ ඉන්නවා...ළමයි හින්දා සමාව දුන්නා කියලා , හොදට මතක තියා ගන්න..…..මීට පස්සෙ නම් මට තව දේවල් ආරංච් උනොත් ළමයි දෙන්නා …….ඔයා ලගම තියලා මම ඔලුව හැරුන අතක යනවා...ඒක හොදට මතක තියා ගන්න….මම ඔයාට සමාව දුන්නේ …..අවුරුදු තුනකට පස්සෙ ලංකාවට ඇවිත් අර ලෙඩ ළමයත් බලාගෙන මට ආදරෙන් හිටිය නිසයි…..මම තරහින් ගස්සාගෙන කුස්සියට ගියෙමි.


කුස්සියේ කෑම මේසේ පුටුවක වාඩිවු මම මේසේ උඩින් ඔලුව තියාගත්තේ…..මගේ හිස කැරකෙන්න ආ නිසයි ….


දෙවියනේ …..එහෙනම් මම කරපු දේම විකුම්මුත් කරලනේ…...විවාහයෙන් පසු සීතල රටක "විකුම් "තනියම ඉන්න කොට ඔහොම වෙයි කියලා මගේ යාලුවො ඒ කාලේ කිව් දේවල්... ඇත්ත වෙලානේ.....දැන් තමයි මට ඒවා ඇත්ත කියලා හිතෙන්නේ…..බැදලා අවුරුද්දක් යනකොට ,විකුම් මාව අත් හැරලා දාලා…..එහෙන් පිටින්ම අමතක කරලා ඉන්න කොට මම හිතුවේ ඔහුගෙන් දික්කසාද වෙන්න නේ….ඒ කාලේ මම තනිවෙලා හිටිය කාලේ මගේ පැත්තෙන් බැලුවොත් ….මම පොඩ්ඩක් වත් වැරදි වැඩක් ඔහුට කලා කියලා මට දැන් හිතෙන්නේ නෑ…..මම ඔහුගෙන් දික්කසාද වෙන්න හිතාගෙන තමයි නිරංජන් එක්ක එකතු උනේ….නිරංජන් උනත් බොරුවට නෙමේ මට ලං වුනේ…..මම බැදපු කෙනෙක් නිසා...කුසුම් නැන්දා ..ඒ කේන්තියට අපි දෙදෙනා වෙන්කරලා ….නිරංජන්ගෙ මංගල්ලය ඉක්මන් කරලා .. ඔහු මා අත් හැර මාස දෙකකට විතර පසු නිරංජන් කසාද බැද දුන්නේ ඒ නිසයි...කුසුම් නැන්දා උනත් වැරදි නෑ...මොන අම්මද කැමති තමන්ගේ තරුණ පුතෙක්, දරුවෙක් ඉන්න ගෑනියෙක් කසාද බදිනවාට….විකුම් ආපසු ලංකාවට නොආවනම්…..නිරංජන් මාත් සමග කොහේ හෝ ඈතකට ගිහින් ජීවත් වෙන්න මට කතා කරන්න තිබුනා….විශේෂයෙන් මම බබෙක් හම්බවෙන්න ඉන්න බව, ඔහු දැන ගත්තානම්…..අනිවාර්යයෙන්ම ඔහු මාව අත් නොහරින බව මම දනිමි. අද වෙනකම් නිරංජන් නොදන්න ඔහුගේ දුව ගැන, මම ඔහුට නොකිව්වේ...විකුම් කිසිත් නොදැන මා භාර ගත් නිසාය…..අද වෙනකම් විකුම් නොදන්න රහස නිසා..ඔහු නිරංජන්ගෙ දුවට කොච්චර ආදරේ කරනවාද…එහෙනම් ඇයි මට බැරි එංගලන්තයේ ළමා මඩමක ඉන්න විකුම්ගේ දුවට අම්මා කෙනෙක් වෙන්න….ඒ දරුවට අම්මත් තාත්තත් දෙන්නම නැති එකේ….ඒ දරුවට මඩමක හැදෙන්න දෙන්න පුලුවන්ද මට......අම්මා කෙනෙක් ...ගුරුවරියක් උන මට ඇයි බැරු ඒ දරුවට අම්මා කෙනෙක් වෙන්න...විකුම් නොදන්නා නිසා මගේ දුවට හොද තාත්තා කෙනෙක් උනත් මට දැනගෙන ඒ දරුවට අම්මා කෙනෙක් වෙන්න පුලුවන්නේ…..ඔව්….මම ඒ දරුවා මෙහෙට එක්ක එන්න කියනවා...මගේ දුවත් පුතත් එක්කම ඒ දරුවත් මම හදාගන්නවා…..ඇයි මම කරපු වැරැද්දම ඔහු කල බව දැනගෙන මම කේන්ති ගෙන නපුරු වෙන්නේ…..නෑ..මගේ දුවගේ නාමයෙන් මම විකුම්ට සමාව දෙනවා… .ඔව්...මගේ දුවගේ තාත්තා උන ඔහුට, මම සමාව දෙනවා….


මම සිටි තැනින් නැගිට සාලයට ගියේ විකුම් තවමත් රෑට කෑම කා නැති බව මතක් වුන විගසමය….විකුම් සාලේ සෙටියේ දිගාවී ඇස්පියාන නිසොල්මනේ ඉදියි…..


" විකුම් එන්න කන්න යන්න …..මටත් බඩගිනියි ….එන්න කුස්සියට ...අපි කන ගමන් කතා කරමු…..."


මගේ හඩ ඇසි...විකුම් කම්මැලි කමෙන් මෙන්….. පුටුවෙන් නැගිට, ඔලුව පාත් කරගෙන මා පසුපස කුස්සියට ආවේ….වැරැද්දක් කල අම්මාට අසුවුන පොඩි දරුවෙක් ලෙසය....


ඔහුට ඒ ගැන ඇත්තේ ලැජ්ජාවක් බව පෙනේ….. මට විකුම් ගැන ඇත්තේ දුකකි…..ඔව් මම විකුම්ට සමාව දෙනවා…...

ඒ මම ඔහුට මෙතරම් කාලයක් කර ඇති බොරුව නිසයි...මම දැන් ඉන්න තත්ත්වයට වඩා වෙනස් විදිහෙ.... පිරිසිදු ගෑනු කෙනෙක් මම උනානම්…. කිසිදා මම විකුම්ට මේ විදිහට සමාව දී …..ඔහු වෙනදාමෙන් පිලි ගන්නට බැරි බව මට තේරෙයි... ……. . මගේ අතින් උන වැරැද්දට මට කරන්න පුලුවන් හොදම දේ මෙයයි…..මේ බව දැනගත්තාට පසු මගේ හිතේ කියා ගත නොහැකි පුංච් සැනසිලි ගතියක් දැනේන්න පටන් ගෙන ඇත….… මගේ අතින් වගේම විකුම් අතින්ද විවාහයෙන් පසු අපි ඈත්වී සිටි කාලයේ වැරදි සිදුවී ඇත….. දෙදෙනාටම සමාව දී ගැනිමට මෙය හොදම අවස්ථාවක් වී ඇති බවක් බව මට හැගේ…. නමුත් අදටත් මගේ අතින් වුන වැරැද්ද නොදන්න විකුම් …...එය මම නම් කවදාවත් ඔහුට කියන්නට අදහස් නොකරමි..….මගේ වැරැද්ද මාත් සෝමාත් සමගම වැලලි යන්නට දෙන්නෙමි……..උදේ හවා…..දුව දකිනා හැම මොහොතකම මම සෝමාට පින් දෙන්නේ…..මගේ පවුල රැක ගැනීම වෙනුවෙන් ඇය කල මෙහෙය නිසයි…….කෙසේ නමුත් මේ මට උන දෙය නිසා…..විකුම් කරගෙන තියෙන දෙය නිසා….. මට හිතෙන දෙයක් තමයි අලුත විවා පත් වූවන් මොන භාදක කම්කටොලු තිබුනත්,....කොයිතරම් අගහිඟකම් තිබුනත්….... ඒවා විද දරාගෙන එක තැනක,.....එක කුලී කාමරයක හෝ එකට වැටී එක විදිහට... එකට පවුල් කෑයුතු බවයි…... තරුන කාලේ හිත් එහේ මෙහේ යන කාල වල දෙදෙනා දෙතැනක සිටියොත් …..ඇතිවන ප්‍රශ්න වලට මුහුන දෙන්නට, පසුකාලයක සිදුවන්නේ දරුවන්ට බවද මට දැන් පසක් වී ඇත.


"විකුම්….දැන් කියන්න මේ ප්‍රශ්නයේදී මම මොනවද කරන්න ඕනේ කියලා …."


"ඔයාට කරන්න දෙයක් නෑ….සාරදා ...වෙනදවගේම මට ආදරෙන් සලකන්න...මට වෙනස්කමක් කරන්න එපා….මම ඔයාට මේක හැංගුවා නෙමේ….මමත් දැනගෙන හිටිය දෙයක් නෙමේ…..මම ඔයාට ලංකාවට ආවට පස්සේ හැංගුවේ….මාත් සැලිත් අතර තිබුන සම්බන්ධය විතරයි…..මම දැනගෙන හිටියේ නෑ…..එයා ප්‍රෙග්නට් කියලා …..එයා ඒ තරම් හොද කෙනෙක් නොවන බව අන්තිම කාල වල මට දැනිලයි තිබුනේ…..ඒකයි මම හිරේට ගියාට පස්සෙ එයා ගැන හොයලා බැලුවේ නැතිතේ…..මම සුදේශ් අද කියනකම් ඒ ගැන මුකුත් දැනගෙන හිටියේ නෑ….."


"හරි….හරි…..ඒ දේවල් ගියා…..දැන් මොනවද ඔයා ඒ ළමයට කරන්නේ….?


"මොනව කරන්නද….? ඔය ඉන්න විදිහට එයා එහේ හිටපුවාවේ…".


"එහෙම හරි නෑනේ….ඒ ඔයාගෙ දරුවෙක්නේ…."


"මට තාම ඒක හරියට විශ්වාස කරන්න බෑ….එයා දරුවගෙ උප්පැන්නට මගේ නම දුන්නට කවුද දන්නේ දරුවා මගේමයි කියලා ….."


"කොහොම උනත් අම්මයි තාත්තයි දෙන්නම නැති දරුවෙක්නේ…..ඔයා කැමති නම් මෙහේ එක්ක එන්න. මම එයාව හදා ගන්නම්….."


"මට තේරෙන්නේ නෑ ඔයා මොන ජාතියේ ගෑනියෙක්ද කියලා සාරදා ….තැන්ක්‍යු එහෙම කිව්වට…..ඒ උනාට මම කැමති නෑ එයාව මෙහෙ එක්ක එන්න…."


"ඇයි….මම කැමති නම්, ප්‍රශ්නයක් නෑනේ….."


"ඒ උනාට ඕන නෑ….අපි අදුනන මිනිස්සු මොනව නොකියයිද….මම ඉංග්ලන්ඩ් හිටපු එක හැමෝම දන්නවා….ඒළමයා මෙහෙ ඇවිත් මට ඩැඩි කියනකොට මිනිස්සු මට හිනා වෙයි…."


"අනිත් මිනිස්සු ගැන වැඩක් නෑනේ ...මට ප්‍රශ්නයක් නැත්නම් …."


"නෑ….සාරදා ...ඕන නෑ….මම එයාගෙ වියදමට සල්ලි අරින්නම්...එයාට අවුරුදු 18 වෙනකම් ඔය මඩමේ ඉන්න පුලුවන් ….මම සුදේශ්ට කියලා ළමයා ගැන බලන්නම්…."


"ඔයා හිතන්නේ ඒකද හොදම විසදුම කියලා ….මගෙන් ප්‍රශ්නයක් නෑ...දරුවා මෙහේ ආවට…."


"ඔව්...ඒක තමයි හොදම විසදුම.. …එයා ඒ රටේම හිටපුවාවේ…....තැන්ක්‍යු සාරදා ඔයා මට සමාව දීලා මගේ දරුවා භාර ගන්න වචනෙන් හරි කැමති උන එකට…."


විකුම් වාඩිවී සිටි පුටුවෙන් නැගිට විත්….මාව අත් දෙකෙන්ම බදාගෙන සිප ගත්තේ….පුදුම ආදරයෙකිනි…


"අපි ලංකාවට ගිහින් ආවට පස්සෙ .... දුවයි පුතයි එක්ක ඉංග්ලන්ඩ් ගිහින් එයාව බලලා එමු විකුම් ….මටත් ආසයි ඔයාගෙ දුවව බලන්න…..


"බලමු….බලමු...ඒවා පස්සෙ ...මට හරියටම එයා මගේ කියලා ඔප්පු උනොත් විතරයි මම එයාගෙ වියදමට සල්ලි අරින්නෙත්…"


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

2 Comments


Prisila Godahewa
Prisila Godahewa
Aug 09, 2020

Like

Prisila Godahewa
Prisila Godahewa
Aug 09, 2020

Like
bottom of page