💞 අමුතු දීගේ 💞#2 අමුතු දීගේ
- Prisila Godahewa

- Jul 21, 2020
- 5 min read
(8 වන කොටස)
"ඇයි සාරදා ඔයා අද අපහසුවෙන් වගේ....? ඇස් දෙකත් රතු වෙලා...ඇඩුවද..?
"නෑ...අද උදේ මට ලොකු ඔලුවේ කැක්කුමක් තිබුනා....මට ඒ අමාරුවට ඇඩුනත් එක්ක....සෝමා ඒවා මේවා වගයක් බොන්ඩ දුන්නා...දැන් ඔලුවේ කැක්කුම හොදටම හොදයි...."
"එහෙනම් හොදයි ....අපි ඉස්සෙල්ලා ගත්ත වාහනේ යන ගමනනේ මේ...."
"අනේ ඔව්..අපි කොච්චර පෙරුම් පිරුවද මේ වගේ... එකට අපේම වාහනයක යන්න...දැන් වාහනයත් ගත්ත නිසා...අපට අවශ්‍ය වෙලාවට කූලී වාහන වල යන්න ඕන නෑ... අපරාදේ මමත් ඩ්‍ර්‍යිවින් ඉගෙන ගන්න ආසාවෙන් හිටියේ...."
"ඉතිං දැන් ඔයාට වාහනේ පදින්න ඉගෙන ගන්න පුලුවන් නේ....මම උගන්නන්නම්...."මේක තමයි හොදම කාලේ ඔයාට ඩ්‍රයිවින් ඉගෙන ගන්න ..."විකුම් කීය.
"පස්සේ බලමුකෝ ....මම එය නම් කිව්වෙ දුකෙන් වගේ....අපරාදේ විකුම් ලංකාවට එනකොටම මම ප්‍රෙග්නට් උනානේ....නැත්නම් තව ටික කාලයක් අපට සතුටින් ඉදලා දරුවෙක් හදාගන්න තිබුනා.....ඔක්කොටම වඩා විකුම්ගෙන්, මේ රහස හංගාගෙන මම කොහොම ඉන්නද කියලා හිතා ගන්න බෑ....මුලු ජීවත කාලයම හිතේ බයෙන් සැකෙන් ජීවත් වෙන්න කාරනයක් හදාගත්තේ මම මයි....විකුම් ගැන හරියට හොයා බලන්නේ නැතුව.....විකුම්ගෙන් ඩිවොස් වෙන්න හිතාගෙන හිතට වහල් වී....... මම නිරංජන් ලගින් ආශ්‍රය කල එකේ ප්‍රතිඵල නිසා මුලු ජීවත කාලයම හිතින් විදවන්න දෙවියන් දුන් දඩුවමක් තමයි මේ නම් මට පල දීලා තියෙන්නේ......අද උදේ මට දරුවෙක් පිලිසිද ඇති බව දැනුන මොහොතේ සිට මගේ හිතේ ඇත්තේ මම ගැනම විශාල කළකිරිමකි....
"නිරංජන් මහත්තයාට පිං.....මහත්තයා ආවට පස්සෙ තමයි මටත් ටිකක් එලි පහලියට බැහැලා ඇවිදින්න ලැබුනේ ....නැත්නම් ඉතිං නෝනා වැඩට ගිහාම චූටි බේබි එක්ක තනියම ගෙදරටම වෙලානේ මම හිටියේ....."
"දැන් ඉතිං අපි නුවර ගිහාම සෝමාට බැරියෑ හැම සුමානෙම දලදා වදින්න...."
"අනේ...ඔව් මම මේ ආසාවේ බලන් ඉන්නේ, නෝනලා නුවර පදිංචියට යනකම්...."
අලුත් වාහනේ සෝමා, පුතා ,මම සහ විකුම් ගිය කලුතර ගමන අපි තුන් දෙනාට වගේම සෝමාටත් සතුටු ගමනක් විය.....අලුත් වාහනේ.... ඉස් ඉස්සෙල්ලා කලුතර බෝ සමිදුන් නිදහසේ වැද පුදාගත් අපි දෙදෙනා...... එතනම බිම වාඩිවෙලා, ගොඩවෙලාවක් කල ප්‍රාර්ථනා නම්..... වෙනස් විදිහක් වෙන්න ඇති...විකුම් අපේ පවුලේ තිබුනු ප්‍රශ්න නැති වී අප තුන්දෙනාට ලස්සනට ජීවත් වෙන්න පුලුවන් වෙන්න කියා ප්‍රර්තනා කරන්න ඇති..... ඒ අතර….මම.... මේ මම වැටි සිටින අමාරුවෙන් ගොඩ එන්නත්...මගේ රහස් විකුම්ට හසු නොවේවා කියාද ප්‍රර්තනා කලෙමි..... අපේ පවුල සියලු දෙවි දේවතාවුන් ආරක්ෂා කරදේවා කියා ප්‍රර්තනා කලෙද හිතින් අඩමින්‍ය.…..මම හිතන්නේ මම මෙන්ම සෝමාත් ප්‍රර්තනා කරන්න ඇත්තේ...විසිරි තිබු අපේ පවුල නැවත විසිරි නොයන ලෙස ආරක්ෂා කර දෙන මෙන්බව මට සහතිකය….ඒ ඇය මගේ අම්මාටත් වඩා මට ලෙන්ගතු බැවිනි….
#######
අප කැනඩාව බලා යන ගමනට ගුවන් තොටුපොළට ආ පසු, අයියාට අක්කාට වැද ඔවුන්ට සමුදුන් මම සෝමාටද වැදනමස් කාර කලෙමි…...පුදුමයෙන් මෙන් මා දෙස බලාසිටි සෝමාට ඇඩිනි….. සෝමාට මෙන් මටත් ඇඩිනි…. අපි අප දෙදෙනා බදාගෙන හැඩුවේ අයියා ලගට විත් කතා කරනකම්‍ය...... ඇය මගේ පුංච් කාලයේ සිට මා පිටුපසින් සිටි සේවීකාව විය...... ඇගේ ආදර කරුනාව නිසා මම ඇයට මගේ අම්මාටත් වඩා ආදරය කෙලෙමි..... ඇය තරම් මගේ ජීවීතේට ලංවුන කෙනෙක් , මට උදව් කල කෙනෙක්, මගේ සියලු දේ දන්නා කෙනෙක්, මගේ ජීවිත කාලය පිරාවටම මා ලගින්ම හිදිමින් මා කල හොද වැඩ වලට මෙන්ම නරක වැඩ වලටද එකලෙස උදව් කල ඇය අද දින තනි කරදමා මට, සැමියත් දරුවනුත් සමග පිටරට යන්නට සිදුවී ඇත...... මා මේ යන ගමනට වැඩියෙන්ම උනන්දු කල, බල කල ඇය ....අද මා රට යන මොහොතේ ඇස් වල කදුලු පුරෝගෙන බලා සිටින්නේ, සතුටින්ද දුකෙන්ද කියා සිතා ගැනීමට නොහැකිය.
"හිතේ සතුටින් යන්න චූටි නෝනා. නෝනට මහත්තයාට ආයෙත් කවදාවත් පහුගිය කාලවල තිබුන කරදර එන්නේ නෑ...... ගොඩක් පරිස්සමෙන් එහේ ගිහාම වැඩකටයුතු කරගන්න..... ගියාට පස්සෙ විස්තර දනගන්න මටත් කතා කරන්න නෝනා..... .නෝනටත් මහත්තයාටත් දරුවන්ටත්... සියලු දෙනාටම තෙරුවන් සරනයි !! .සියලු දෙවිරැක වරුනයි !! සෝමා, මගෙත් විකුම්ගෙත්, දරු දෙදෙනාගේද හිස අතගා අපට දෙවියන්ගේ ආශිර්වාද පතා සමුදුන් හැටි මතක් වී මගේ දෑස දැන්ද තෙමේ..…..
" සාරදා ඔන්න…. තව ටික වෙලාවකින් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරනවා…..ඔයත් මූනකට හෝදගෙන ඔලුව පිරගන්න…දුවගෙයි පුතාගෙයි මුහුන ට්කක් හෝදගන්න...… ඒ දෙන්නට හොදට සීතල ඇදුම් දැන්ම අන්දපු එක හොදයි….එලිය ගොඩක් සීතල ඇති…...දීපිකාලා අපිව එක්ක යන්න එයාර් පෝට් එනවා කිව්ව නිසා ටිකක් පිලිවෙලට එලියට යන්න එපෑ….. ..පැය දහසයක් එක දිගට එනවා කියන්නේ ….. මේ පොඩි ළමයි දෙන්නෙක් එක්ක …..ලොකුම . අමාරුම පිම්ම තමයි
අපි මේ පැන්නේ .….
"ඔව් විකුම් මම ලංකාවෙන් ෆ්ලයිට් එකට නැග්ග වෙලේ ඉදන්,.... බහිනකම් ඇගේ ලේ වතුර වෙලා හිටියේ.....දුව ආයෙත් අසනීප වෙයි කියලා බයේ.. ....ඩොක්ටර් කිව්වනේ එයා ගොඩක් පොඩි නිසත් අසනීපය නිසත් පරිස්සම් කරගෙන යන්න කියලා ....
"ඔයාට නොකිව්වට මම හිටියෙත් හරි බයෙන්.... දුවගේ අසනීපය නිසා එයාට අමාරු වෙයි කියලා ....දෙවියො බැලුවා අපිව....පැය ගානක් එක දිගටම ඇවිල්ලත් දුවට අපහසුවක් උනේ නෑනේ......"
". සාරදා.... දැන් හරි...ෆ්ලයිට් එකෙන් එයියට අපි ආපුනිසා.. අපේ ටිකට් චෙක් කරන ඒවා..., එලියට ගෙනියන අපේ බෑග්, ගන්න වැඩ ටික තියෙනවා…..ඔයා බබලා එක්ක පැත්තකට වෙලා ඉන්න මම ඒවා ඉවර කරගෙන එනකම්…. එයර් පෝට් එකේ ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන තමයි බලන්න ඕනේ යාලුවා අපිව එක්ක ගෙන යන්න ඇවිල්ලද කියලා……."
"මට නම් ටිකක් මොකක්ද වගේ කවදාවත් දැකලවත් නැති, කතා කරලත් නැති දෙන්නෙක්ගෙ ගෙදර යන එක...."
"ඔයා අදුනන්නේ නැති උනාට මම ඒ යාලුවාව හොදට දන්නවනෙ....බයවෙන්න එපා අපිට ගෙදර වගේ ඉන්න පුලුවන් අපට නවතින්න ගෙයක් හොයා ගන්න කම්....
. අපිට ෆ්ලයිට් එකෙන් බැස එයර් පෝට් එකේ තිබුන වැඩ කටයුතු ඉවර කරගන්න පැය භාගයක් විතර ගියේය..... විකුම්ට රට යන එන එයර්පෝට් වැඩ කරලා පුරුදු නිසා, මට තිබුනේ දරුවෝ දෙදෙනා බලාගෙන පැත්තකට වෙලා ඉන්නට විතරය. රට රට වලට ගිහින් පුරුද්දක් නොතිබුණු මට ටොරොන්ටෝ එයර් පෝට් එකට මුල් වරට ගොඩ බැස්ස පසු….. මට දකින සියලු දේ පුදුමාකාර විශ්මිත ලස්සන දේවල්ම විය..... බලන බලන අත එහේ මෙහේ කලබලයෙන් බෑගි මලු තල්ලු කරගෙන යන එන සුදු ජාතිකයින් දුටුවිට හිතට බයක් වැනි හැගිමක් ඇති කරයි....මින් පසු මෙවැනි ආගන්තුකයින් සමග මෙරට මට ජීවත් වන්නට සිදුවීම හිතට බයක් දැනිනත් හීන් සතුටකුත් ඇතිවේ....
අපේ සමේ පාට ඇත්තවුන් දකින්න නැති තරම්‍ය. හිටියත් ඒ ඉන්දියානු ජාතිකයන් බව බැලු බැල්මට පෙනෙයි…..
ගුවන් යානයේ එක දිගට එනකම් සැරෙන් සැරේට දුව නැගිට අඩ අඩා... කරදර කර අපහසුවෙන් දගලපු නිසා මම මෙන්ම විකුම්ද සිටියේ… ඇය ගැන බයෙන් මෙන්ම දැඩි විමසිල්ලෙනි. ඉපදෙන කොටම ඇයට තිබු අසනීප තත්වයක් නිසා ,ඇය බලන ළමා රෝග ව්‍යිද්‍යවරයා ගේ උපදෙස් පිට ඇයව හරි පරිස්සමට ගෙන ඒම මටත් විකුම්ටත් ලොකු කාර්‍ය්භාරයක් මෙන්ම දැඩි වෙහෙසක්, කැපකිරීමක් කරන්නට සිදු විය..... ඒ වෙනුවෙන් මටත් වඩා විකුම් දැඩි විමසිල්ලෙන් සිටිම මගේ හිතට සහනයක් විය..... දිගටම ගුවන් යානාවේ එනකම්, දුවටත් ,පුතාටත් උනුවතුර ඉල්ලාගෙන කිරි සාදා දුන්නේද විකුම්ය.
විකුම් ලංකාවට ආව අලුතම මම දුව හම්බවෙන්න හිටි නිසා….පුතාව බලාගන්න , නාවන්න, කිරි හදාදෙන වැඩ වලට විකුම් ඉක්මනටම පුරුදු විය. මට දරුවන් දෙදෙනා බලාගැනීමට විකුම්ගෙන් ලැබුනේ ලොකු සහයෝගයකි…. .
කැනඩාවට ආ මේ මොහොතේ ..... ඇත්තටම සෝමා නැතුව මට දරුවන් බලාගැනීම අපහසු වෙන මේ කාලයේ විකුම්ගෙන් ලැබෙන සහයෝගය ගැන මට ඇත්තේ සතුටකි..……
එයර්පෝට් එකෙන් එලියට යන්නට අවශ්‍ය වැඩ කටයුතු, ඉවරකරගත්තාට පසු...... අපේ බෑග් විකුම් තල්ලු කරගෙන පුතාවද ලගින් තියාගෙන යන කල මම චූටි දුව තල්ලු කරගෙන යන කරත්තයේ තබාගෙන ඔහු පසු පස ඇදුනෙමි...... දුව සීතලට තවමත් නිදීය..... දැන් කැනඩාවේ, ටොරොන්ටෝ වල වෙලාව උදේ හත් පසුවී ඇත... ලොකු පුතා නම් කිසිම කරදරයක් නැතුව විකුම් ලගින් අවට වටපිට බලමින් විකුම්ගෙන් නොයෙකුත් ප්‍රශ්න අසමින් යන්නේ සතුටිනි …...
විකුම් නැතුව පුතාත් මාත් සෝමා සමග තනියම සිටි කාලයේ ඔහුට වැඩිපුර එහේ මෙහේ ගමන් බිමන් යන්න අවස්ථාව නොලැබුන නිසා,....විකුම් ආපසු ගෙදරින් එලියේ ඇවිදින්න ගිය කල අපට කරදර නොකර හැමදෙයක් දිහාම ඕනෑකමින් බලමින් තනියම හැම දෙයක්ම තේරුම් ගන්නට උත්සහ ගනිමින් අපට කරදර නොකර හොද දරුවෙක් ලෙස ඔහු සිටිම ගැන මට ඇත්තේ සතුටකි.....
අපිවෙන රටක පදිංචියට යන බවත් ඉන්පසු ඔහුට සුදු ළමයින් ඉන්නා.... විශාල ලස්සන සෙල්ලම් බඩු ගොඩක් තියෙන පාසැලක, ඉගෙන ගන්න යන්න ලැබෙන බවත් කිව් අවස්ථා වල..... පුතා අසා සිටියේ පුදුමෙන් හා නොවිසිල්ලෙනි.
රටයනදා උදේ ඉදන් ඔහු ඔහුගේ, පුංච් කරේ එල්ලන් යන බෑගයට සෙල්ලම් බඩු අසුරා ගනිමින් ලෑස්ති වී සිටියේ නොවිසිල්ලෙනි. ගුවන් තොටුපොළට යන්න තියෙනවා කිව් නිසා, දවාලට කිසි කරදරයක් නැතුව නාගෙන බත් කා හොදින් නිදාගත්තේ කිසි කරදරයක් නොකරය..... අහස් යාත්‍රාවේ එනකම් අපට කරදර නොකර දුන් කෑම ආසාවෙන් කා…..කාටුන් බලමින්, ඇති පමනට නිදාගෙන ආ නිසා මටත් විකුම්ටත් ඔහුගෙන් නම් කරදරයක් තිබුනේම නැතිය........ ගුවන් යාත්‍රාවේ දී ඔහු හොදින් නිදාගත් හෙයින් තාමත් ඇහැරී නොයෙකුත් ප්‍රශ්න අසමින් රට ඇතුලට යන්නට නොවිසිල්ලෙන් හිදියි.
අපි හතර දෙනා අපේ බෑග්ද තල්ලු කරගෙන..... ඇවිදගෙන එයර්පෝට් එකෙන් එලියට යන දොරටුව වෙත ගියෙමු. අප එහි සිට එක්කගෙන යෑමට විකුම් සමග එකට ඉස්කෝලේ ඉගෙනගත් යාලුවෙක් එන බැව් කියපු නිසා අපි ඔහු දකින තුරු නොවිසිල්ලෙන් සිටියෙමු. විකුම්ගේ යාලුවා මම මීට ප්‍රතම දෑකවත් කතාවත් කර තිබුනේ නැත.කවුරු උනත් ඔහු හොද යාලුවෙක් වන්නට ඇති බව මට සිතෙයි.
-හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *





Comments