top of page

අමුතු දීගේ 💞#2 අමුතු දීගේ#2 💞

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jul 21, 2020
  • 6 min read

(15 වෙනි කොටස)

" ඔව්….ඒකනම් ඇත්ත….ගෙට ඉස්සෙල්ලා ,පොඩි වාහනයක් ගන්න ඕනේ…..එහෙ මෙහෙ යන්න ගිහාම හරි වියදමක් යනවා, බස් වලටයි...කැබ් වලටයි…..ඔයාට ජොබ් එකට යන්න වාහනයක් ඕන මයිනේ.....ඉස්සරහ කාලේ වින්ටර් ආපුවහම බස් හෝල්ට් ගානේ ඔයාට සීතලේ ඉන්න බැරි වෙයි….ඊටත් වෙලාවට වැඩට යන්නත් බැරි වෙනවනේ….ඒ නිසා අපි පොඩි ලාභ කාර් එකක් මුලින් ගමු…..


"යාන්තම් ....අර රස්සාව සුමානෙකට දවස් තුනකට හරි හම්බවුන එකත් ලොකු දෙයක්….මම තව දන්න කියන අයට කියලා තියෙන්නේ මට මොනව හරි ජොබ් එකක හම්බුනොත් කියන්න කියලා ….ඔයා කිව්වා වගේ අපි පොඩි කාර් එකක් ගත්තොත් මට තව පැයක් දෙකක් වැඩිපුර වැඩ කරලා රෑට ගෙදර එන්නත් පුලුවන් …..

"අපි එහෙනම් එහෙම කරමු."


දිනෙන් දින කාලය ගෙවී යන්නේ ජීවිතයට අලුත් අත්දැකීම් එකතු කරමින් හා පුදුම විදිහට මුලු දවසම කාර්‍ය්බහුල කරමින්‍ය.


කැනඩාවට විත් සුමාන දෙකකට විතර පසු... විකුම්ට දවස් තුනක් කරන්නට රැකියාවක් ලැබීම…. අප දෙදෙනාගේම හිතට සහනයක් ඇති කල දෙයක් විය…..දවස් තුන උපරිම පැය ගාන සම්පුර්ණ කරමින් රැකියාව කල විකුම්ට ලැබුන පඩිය අපට යාන්තමට ගෙදර වියදම පියවා ගැනිමට හැකි විය.


ගෙදර කුලිය, වතුර ,ලයිට් බිල් ගෙවාගෙන,....කෑමබීමටත් යාන්තමට පඩිය පිරිමහ ගන්න පුලුවන් විය.... ගෙදර දොරේ වියදම ඉතා අරපිරිමැස්මෙන් මම කරගෙන යන්නෙමි.

ඉපදුන දවසේ සිට කිසිම අගහිඟකමක් නැතුව හැදුන වැදුන මට් මේ ජීවිතේ කටුක බව තේරුම් ගියත්…..විකුම් අප වෙනුවෙන් වෙන මහන්සිය ගැන සිතා…. අපේ දරුවන්ගේ අනාගතය ගැන සිතා...බොහොම අරපිරිමැස්මෙන් ගෙදර දොරේ වියදම් පියවා ගත්තෙමි…...අයියා ලංකාවේ සිට එන කෙනක් අතේ අපට සල්ලි ටිකක් එවා තුබුන නිසා…..ඒ සල්ලි වලින් අපට පොඩි වාහනයක් ගන්නටද හැකි විය. කැනඩාවට එනවිට අපි අරගෙන ආ මුදල් වලින්, මේ වන විට... අතේ ඉතුරුවී තිබුනේ බොහොම ටිකයි....ඒ මුදල් මම පරිස්සමට ඇරන් තියාගෙන සිටින්නේ, දුවට හදිසියේ අසනිපයක් වූවොත් ගන්නටය.


"වාහනේ ගන්න ලැබුන එක ලොකු දෙයක් නේද...සාරදා .?


"අපොයි ඔව්...දැන් කාටවත් කරදර කරන්න ඕන නෑ අපේ වැඩ වලට එක්ක යන්න එන්න කියලා... ….බඩුමුට්ටු ගන්න යන්න…., බබලව පාර්ක් එකට එක්ක යන්න, ශොපින් සෙන්ටර් වලට යන්න වගේ රටතොට අපට ඇවිදිනත් යන්න පුලුවන් වාහනය තියෙන නිසා …...ඇත්තටම අපට හරි පහසුවක් උනේ…"


"ඉස්සරහ කාලේ ඔයාත් මෙහේ ලයිසන් එක ගන්න….ඒක ගොඩක් පහසුවක් වෙයි මටත්…. මම වැඩට ගියාම ඔයාට බබලා එක්ක එහෙ මෙහෙ යන්න පුලුවන්... එතකොට …වැඩි දවසක් නෑනේ පුතාව ඉස්කෝලේ යවන්නත්.…..


" ඔව් ..එකත් හොද අදහස…මටත් ආසයි ඩ්‍රයිව් කරන්න ….


"වැඩි අමාරුවක් නෑ...මම උගන්නන්නම්….ඔයාට ලංකාවේ ලයිසන් එක තියෙන නිසා ලේසියි මෙහේ ලයිසන් එක ගන්න….


#######


කැනඩාවේ පදිංචියට විත් මාස හයක් පමන ගිය විට….. ,පුතාගේ අවුරුදු හය සම්පූර්ණ වුන නිසා , අපට ඔහුව මෙහි පාසැලකට ඇතුලත් කිරීමටද හැකි විය….ඒ වන විට විකුම්ට දවස් පහක් වැඩ කිරිමට.... රැකියා දෙකක් ලැබි තිබීම නිසා…. අපේ වියදම් පිරිමහගෙන,පාවිච්චි කිරිමටද හැකි වී තිබුනි….. දුව තාම පොඩි නිසා මට රැකියාවකට යන්නට නොහැකි උනත්….මම පුතා පාසැලෙන් එක්ක ගෙන එන යන වැඩය, දුවත් සමග බස් එකේ ගොස් කලෙමි. මට තාම මෙහි ඩ්‍රයිවින් කර ගැනිමට නොහැකි වීම නිසා එය පාඩුවක් විය....


"සාරදා ...ඔයත් ජොබ් එකක් කලොත් හොදයි නේද…? එන්න එන්න වියදමත් වැඩි නිසා...ඔයාට මම දන්න ඩේ කෙයාර් එකක ජොබ් එකක් බැලුවා….ඔයාට දුවත් තියාගෙන එතන වැඩ කරන්න පුලුවන් ….ඔයා විකුම්ගෙන් අහල කියන්න." දිනක් අනුශා නම් මගේ යෙහෙළියක් කීවාය.


"අනේ...අහන්න දෙයක් නෑ අනුශා ..මට ඒ තැන සෙට් කරලා දෙන්නකෝ….ලොකු උදව්වක් ."


එදින මම, විකුම් වැඩ ඇරි ගෙදර එනකම් සිටියේ ඒ සතුටුදායක ආරංච්ය ඔහුට කියන්නටය.


" විකුම් …...අනුශා කිව්වා ....එයාගෙ යාලුවෙක් ගේ "ඩේකෙයාර්" එකක බබාලා බලන ජොබ් එකක් තියෙනවා මට සෙට් කරලා දෙන්නම් කියලා ....…...ඒකෙන් මටත් කීයක් හරි තව හොයාගන්න පුලුවන් වෙයි විකුම් …..මම ඒ වැඩට යන්නද….?. මමත් ඉන්න තැන නිසා... දුවත් ඒ "ඩේ කෙයර්" එකට දාලා තනියම ඉන්න පුරුදු කරන්න පුලුවන් එතකොට…... ඉස්සරහ කාලේ මට වෙන ජොබ් එකකට හරි යන්න පුලුවන් දුවට ඩේකෙයාර් එක පුරුදු උනොත්…..…..


"ඔයා කැමති නම් එතන වැඩට යන්න….දුවවත් බලාගෙන වැඩ කරන්න පුලුවන් එකත් ලොකු දෙයක්නේ…."


"අනේ ඔව්….මට පුලුවන් උදේට පුතාව ඉස්කෝලෙට බස්සලා….දුවත් එක්ක ඩේකෙයාර් එකට යන්න….හවසට පුතාට ඉස්කොලේ ඇරෙන වෙලාවට එයාවත් ඉස්කෝලෙන් ඇරන් ගෙදර එන්න පුලුවන්නේ ….."


"ඔයාට හොද විදිහක් කරන්න …..මේ රටේ හැම ලේඩි කෙනෙක්ම වගේ ජොබ්ස් කරනවානේ….ඔයා කැමති විදිහක් කරන්න …"


විකුම්ගේත් කැමැත්ත ඇතුව….මම

හිතපු විදිහට.. ඩේකෙයාර් එකේ ජොබ් එකට යන්න පටන් ගත්තෙමි. හැමදාම උදේට මම ,පුතාව ඉස්කෝලයට බස්සවා.... දුවත් එක්ක ඩේකෙයාර් එකේ රස්සාවට යන්න පටන් ගත්තෙමි….. මුලින් මම ඒ ගමන බස් එකේ අපහසුවෙන් උනත් ආසාවෙන් ගියෙමි….. දුව ඩේකෙයාර් එකට ඇතුලත් කර මට එහි පොඩි දරුවන් බලා ගැනිම රැකියාවක් ලෙස කරන්න ලැබීම සතුටක් විය…..දුව, මට පෙනි පෙනිම ඩේකෙයාර් එකේ ළමයි එක්ක සෙල්ලම් කරමින් දිවා සුරකුම් මද්‍යස්තාන, ජීවිතයට පුරුදු වීම මට ලොකු දෙයක් විය…... පුතා ඉස්කොලේ ඇරිලා එන වෙලාවට මම දුවත් සමග ගොස් ඔහුවත් එකතු කරගෙන ගෙදර යන්නේ බසයෙනි…... හවස් වී ගෙදර එන මට හොදටම මහන්සි දැනුනත් මම ඒ රැකියාව බොහෝ කැමැත්තෙන් කරන්නෙමි..


රැකියාවට ගොස් ගෙදර එන වේලාවට, මට නිතර සෝමා මතක් වෙයි…..ඉස්සර මම ඉස්කොලේ ඇරි ගෙදර එන වෙලාවට ඇය ගෙදර වැඩ ඔක්කොම කර උයාපිහා, මම එනතෙක් බලාසිටින්නේ පුතාවද නාවා කවා පොවාය…... ඒ දිනවල මම ගෙදර දොරේ වැඩ වලට හවුල් උනේ බොහෝ අඩුවෙන් උනත්….. මට දැන් ඒ සියලු වැඩ තනියම කරගන්නට සිදු වී ඇත. ජීවිතය හිතන තරම් සුන්දර නොවේ….ජිවිතය ජයගන්න නම් අපි ගොඩක් මහන්සි විය යුතු බව දැන් මට තේරි ගොස් ඇත..


ගෙදර ආ සැනින් දුවත් පුතත් සෝදා…. උදේට උයාපිහා යන දෙයක් ඔවුන්ට කවාපොවා , ගෙවල් දොරවල්ද අස් පස් කර දැමිය යුතුය. ….. ඊට පසු විකුම් වැඩ ඇරි ගෙදර එන්න ප්‍රතම රෑ කෑමද සෑදිය යුත්තේ දරු දෙදෙනාගේ රංඩු සරුවල්ද බේරා දෙමින් ….ඔවුන් බලාගන්නා අතරතුරය... .


මම වැඩ ඇරි ගෙදර ආ විගස …. දරුවන්ගේ වැඩද කර, ගෙවල් අස්පස් කර රෑට කන්න කෑමද හදා ඇගපත හෝදාගෙන විකුම් වැඩ ඇරි එනතෙක් බලා හිදිමි….... විකුම් වැඩ ඇරි ගෙදර එන වෙලාව වන විට මම පුතාගේ ඉස්කෝලේ ගෙදර වැඩ කරන්න උදව් කරන වෙලාව වෙයි.


"හරි මහන්සියි සාරදා ….පඩි හොද උනාට මේ "වෙයාර් හවුස් " . එකේ රස්සාවනම් හරි අමාරුයි ...සමහර වෙලාවට පෙට්ටි කරගහන්නත් වෙනවා….මොනවා කරන්නද….මහන්සි නොවුනොත් වියදම් කරන්න , ගෙවල් කුලිය ගෙවන්න බැරි වෙන නිසා අමාරුවෙන් මේ ජොබ් එකට යන්නේ…..


"මට දුකයි ඔයා ගැන….විකුම් …."


"මොනව කරන්නද සාරදා ...අපි අපේ පවුල ගෙනියන්න ළමයි ලොකු කරගන්න කම්..... අපි මහන්සි වෙන්න එපෑ….මම හෝදගෙන එන්නම් . මට තේ එකක් හදන්න සාරදා …."


වැඩ ඇරි ගෙදර ආපසු…..ඇගපත සෝදාගෙන තේ එකක් බොමින් ටෙලිෆෝනයේ..... කා සමග හෝ කතා බහ කරමින්.....,හෝ ෆුඩ් බෝල් තරග බැලීම විකුම් දිනපතා කරන දෙයකි.. ඒ වෙලාවට මම දුවට්‍යි පුතාටයි කෑම කවා ඔවුන් වේලාසන නිදි කරවන්නෙමි.


"ළමයි නිදිද සාරදා …..අපි කමුද…?


"ඔව් අපිත් කාලා නිදාගමු ….හෙට උදේ වැඩට යන්න තියෙන නිසා.....මම හෙට උදේට ගෙනියන්නත් එක්ක... අද රෑට උයනකොටම එකපාරම ඉව්වා …...එතකොට හරි ලේසියි.... උදේට කන්න සැන්ඩ්විච් මොනව හරි විතරයි උදේට හදන්න තියෙන්නේ …..මේ රටවල අනිත් ලේඩිස්ලා සුමානෙකට එක දවසයි උයන්නේ...ෆ්‍රිජ් එකේ දාගෙන තියලා, මයික්‍රෝවේව් එකේ දාගෙන කනවා….වැඩට යන දවසට උයන්න මහන්සි වෙන්න බෑ කියලා ….සෙනසුරාදා ඉරිදට තමයි උයලා ෆ්‍රිජ් එකේ දාගන්නේ...."


" ඔයාට ලේසි විදිහක් කරන්න සාරදා ...දවස ගානේ උයන්න ඕනේ නෑ...ඔයාට මහන්සියිනේ...ඔයත් වැඩට යන නිසා…."


"අනේ මට තාම පුරුදු නෑ ...ෆ්‍රිජ් එකේ දාගෙන කන ඒවා...හැබැයි මම මස් මාළු නම් වැඩිපුර උයලා තියාගන්නවා….."


"දැන් දුවට කොහොමද සාරදා ….. එයා ඩේකෙයාර් එකේ යාලුවොත් එක්ක හොදට ඉන්නවද..අඩන්නෙ රංඩුකරන්නේ නැද්ද ?


"අනේ නෑ....හරිම ආසාවෙන් ඩේකෙයාර් යන්නේ...යාලුවොත් එක්ක තරගෙට සෙල්ලම් කරනවා දකිනකොට මට ආසාවේ බෑ....එකට වාඩිවෙලා කනවා, සෙල්ලම් කරනවා, හවසට ටිකක් නිදාගන්නවා....එයා හරිම ආසායි ඩේකෙයාර් එකට...."


"ඒක හොදයි ....එයා ඉන්න තැනම ඔයත් වැඩ කරන නිසා..."


"ඔව්.....ඒක තමයි ...ඩොක්ටර් කියපු වෙලාවට මම එයාට වෙලාවට බෙහෙත් දීලා බලාගන්නවා....


" එදා අපි දුව පෙන්නන්න ගිය තැන...හොස්පිටල් එකේ.... ස්පෙශලිස්ට් ලංකාවේ දොස්තර අහපු විදිහටමනේ…. මගෙන් දුව ගැන ප්‍රශ්න ඇහුව්වෙත්…."


"ඒ කිව්වේ...."


"අපි දෙන්නට දුරින් හරි ලේ නෑකමක් තියෙනවද කියලා ..….මේ වගේ අසනිප දරුවන්ට ඇති වෙන්නේ පවුල් වල ඈත කාලයේ සිට එනා ජානමය ප්‍රශ්න , ලෙඩරෝග නිසා කියලා ….ඒ කියන්නේ ලගම නෑදෑයෝ කසාද බැන්දහම මේ වගේ දරු උපත් සිදුවෙන්න පුලුවන් කියලා තමයි දොස්තරලා විශ්වාස කරන්නේ…....අපි දෙන්නට එහෙම නෑ කමක් ඈතින්වත් නෑනේ …..සාරදා ....මට හිතාගන්නත් බෑ ඇයි එහෙම උනේ කියලා ..........… ..ඉස්සර කාලයේ නම් නෑනා මස්සිනා විවාහයන් , දෙමව්පියන් හොයලා කරලා දුන්නට, දැන් ඩොක්ටර්ස්ලා කියනවනේ ලගම නෑයන් අතර විවාහය සුදුසු නෑ කියලා …..එවැනි විවාහයන් පස්සෙ බලපාන්නේ දරුවන්ටලු……... මට හිතෙන්නේ සාරදා …….මම ඒ කාලයේ ඩ්‍රරග්ස් ගත්ත නිසා තමයි මෙහෙම වෙන්න ඇත්තේ කියලා .. ….ඔයාට මතකනේ...මම ලංකාවට එනකොට හොදටම ඇග දුර්වල වෙලානෙ ආවේ...අර ගමේ වෙදමහත්තයාට පින්සිද්ද වෙන්න නේ මම නැවත යතා තත්ත්වයට ආවේ...


විකුම් දිගින් දිගටම ....දුවගේ අසනිපය ගැන හිතන්නේ එලෙසය. අනේ දෙවියනේ ….විකුම් නිරංජන් ගැන ලොකුවට මුකුත් දන්නෙ නැති නිසා...ඔහුව කවදාවත් හමුවී නැති නිසා...ඔහු නිකමටවත් මාව අවිශ්වාස නොකරයි….... මට විකුම් ගැන ඇත්තේ කියන්න බැරි තරම් දුකකි….. මෙවන් සැමියෙක් රවට්ටන ගැහැනියක් නිසා වන්නට ඇති….දෙවියෝ මට දුව, මෙලෙස ලෙඩක් සමගම තෑගි කරන්න ඇත්තේ …..විකුම් දුවට හැදි ඇති අසනීපය …. ඔහුගේ මත්දව්‍ය භාවිතය නිසා වන්නට ඇත කියා…. දොස්තර වරයාටද පැවසුවේ…... ඔහුගේ වැරැද්ද නොකියා සිටිම දරුවාට හානියක් විය හැකි බැවිනි. ….. නමුත් මම.... …..මගෙ පවුල ආරක්ෂා කරගැනීමට….. දුවගෙ අසනීපයට හේතුව දොස්තර වරුන්ගෙන්ද වසන් කරන්නේ ආත්මාර්ථ කාමි ලෙසය…..දුවගෙ මේ පපුවේ අමාරුවට මූලිකම හේතුව නිරංජන්ගෙත් මගෙත් නෑන මස්සිනා ලේ නෑකම නිසාම බව දන්නේ මාත් සෝමාත් පමනි….මම එය හැමෝගෙන්ම, ….දොස්තරලාගෙන්ද වසන්කරගෙන දුවට බෙහෙත් කරමින් බලා සිටින්නෙ ඇයට සනීප වෙනතුරුය….. බොහෝ කාලයකට පෙර ලංකාවේ නෑන මස්සිනා විවාහ සිදුවුනාට, මෑත් කාලයේ දොස්තරලා ඒවා අනුමත නොකරන්නේ පරම්පරාවෙන් එන ජානමය ලෙඩ රෝග අනිත් පරම්පරාවට ලේසියෙන් යා හැකි බැවිනි…..උගත් දෙමව්පියන් විදිහට ඒවා දැනගෙන සිටියත්…..ආශාවන්ට වහල්වී මම කරගත් විනාශය නිසා..ඒ පව් මේ අසරණ දරුවාට පලදී ඇත. මම වගේ අසාදාරන, ආශාවන්ට වහල්වුන ගැහැනියකට දෙවියෝ උපරිමයෙන්ම දඩුවම් දී ඇත්තේ මෙලසය..


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page