top of page

💞අමුතු දීගේ 💞#2 අමුතු දීගේ 💞#2

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Aug 9, 2020
  • 7 min read

💞අදින් අවසන් වන

(26 වන කොටස )

දුවගේ මළගෙයි වැඩ කටයුතු නුවර අයියලාගෙ ගෙදරදි කෙරින.😭 කොළඹ නෑයෝ...යාලුවො හැමෝම වගේ එයට සහභාගි උන බව කීවේ අය්යයි…... දුවගේ හත් දවසේ බණට නිරංජන් රංජන් ඇතුලු පවුලේ සැවොම සහභාගි වි ඇත…...


දුවගේ හත්දවසේ දානෙට හාමුදුරුවරු දහසය නමක් වැඩම කර තිබුනි…. . නිරංජන් මළගේ උන දවසේ ඉදන් දින තුන හතරක්ම අපේ නුවර ගෙදර, නැවති සිටිය බව කීවේ සෝමයි…..


ගොඩක් හොදට දුවගේ හත් දවසේ බණ දානේ වැඩ කෙරුන බව කීවේ රංජන් අය්යයි…..


ඉස්පිරිතාලෙදි දුව නැතිවුන බව දැනගත් මොහොතේ පටන් මට හරි හැටි සිහියක් නොතිබුන බව කීවේ ලක්මිණි අක්කයි…..


මගේ ඉස්කොලේ ගිය කාලේ වගේම…..උගන්නන්න ගිය ඉස්කොලේ ගුරුවරුන් හා නෑදෑයෝද ගොඩක් දුවගෙ මළගෙදරට සහභාගි වී ඇත.


අම්මා….අය්යා...සෝමා...මෙන්ම නිරංජන්ද තවමත් හරි හැටි කතා බහක් නැතුව දුවගේ හදිසි වියෝව ගැන දුක් වෙයි…..හැමෝම ඉන්නේ හොල්මනක් දුටු ආකාරයටය.


දුව නැතිවුන බව දැන ගත්දාම නුවර ගෙදර විත් නැවතුන සෝමා….අසීහියෙන් සිටි මගේ ආවතේව වැඩකටයුතු කරමින් තවමත් ලගින්ම ඉදී…..


මළගෙදර ,බණගෙදර, දානේ ගෙදර වැඩකටයුතු ඉවර වී හැමොම ගිය පසු…..මම නැවත යතා තත්ත්වයට පත්ව ඇත. ….මාව බලන්න දොස්තර කෙනෙක් ගෙදරට විත් මට සේලයින් පවා දුන්බව මම දැනගත්තේ පසුවය……


"නෝනට දැන් කොහොමද ?....දැන් සනීපයිනේද…? මේ කිරි එක බොන්න නෝනා… ටිකක් කාලා බීලා ඇගට ශක්තිය ගන්න ...චූටි මහත්තයාට ඉස්කොලේ යන්න තියෙන නිසා...නෝනලා ආපහු රට යන්න එපෑ....."


"සෝමා….මට හැමෝගෙන්ම බේරලා පරිස්සම් කරලා දුන්න, මගේ දුව මාව දාලා ගියානේ සෝමා…."


"ඒ චූටි බබා ගෙනාපු ආයුශ…නෝනා....කොහොම හරි එයා ඉපදුණ රටටම ආවනේ නැතිවෙන්නත්…..ලොකු නෝනා හරි දුකෙන් ඉන්නේ….අනේ පව්….විකුම් මහත්තයා හරියට මළගෙදර දවසේ ඇඩුවා….


"සෝමා දන්නවද….දුවව හොස්පිටල් එකට එක්කගෙන ගියේ නිරංජන් මහත්තයානේ….ඒ එක්ක යන්න ටික වේලාවකට උඩදි නිරංජන් මහත්තයා මගෙන් ඇහුව්වා දුවගෙ තාත්තා එයාද කියලා ….

මම කිව්වා "ඔව්" කියලා ..එයත් ඒක දැනගෙන එවලේ හරියට ඇඩුවා...දුව අසනීප උන වෙලේ ඉදලා … ඒ විතරක් නෙමේ, දුවව ඉස්පිරිතාලෙ ඇතුලට එක්ක ගියේ නිරංජන්නේ....දුව එයාට තාත්ති තාත්ති කියලත් කතා කරලා අන්තිම මොහොතේ ....නිරංජන්ට තවත් දුක ඒකයි....


" ඔව් නෝනා..නිරංජන් මහත්තයා කොළඹ නොයා...මෙහෙමයි ඒ දවස් වල හිටියේ….මම දැක්කා..දුව වලදාන වෙලේ තනියම අඩනවා....පව් එයාටත් දුක ඇති තමන්ගෙම දරුවව අවුරුදු ගානකට පස්සෙ දැකලා, අදුනගත්ත දවසෙම ටික වේලාවක් ඇතුලත දුව අසනිප වෙලා නැතිවුන එකට…


"සෝමා...මම කාටවත් කිව්වෙ නෑනේ….එදා අපි කුසුම් නැන්දගේ බණ ගෙදර ගිය දවසේ…..නැන්දා වැරහැලි වගයක් ඇදගෙන දුව ලගට එනවා මම දැක්කනේ හීනෙන් වගේ….ඒ වෙලාවෙමයි දුව අසනීප වෙන්න පටන් ගත්තෙත්….මම බය වෙලා හරියට කෑගැව්වලු ඒ වෙලේ...…බණ ගෙදර හිටිය අය කියලා අපේ අම්මට…..ඒ...ඇයි සෝමා මට එහෙම පෙනුනේ..….ඒක මට ඇත්තටම පෙනුනද…? නැත්නම් මම කුසුම් නැන්දට බයේ හිටි නිසා...හිතේ සැකේට දුටුවද කියලා මට තාම හිතා ගන්න බෑනේ….."


" එහෙමද….? මටත් ආරංච් උනා ….නෝනා කෑගැහුව්වා කියලා ….ඕවා වැඩිය හිතන්න එපා නෝනා...ඕවා ඔය නෝනගෙ හිතේ තිබුන බයට දැකපු දේවල් වෙන්න ඇති….නෝනා..දුව මතක් කරලා පිං දෙන හැම වෙලාවම කුසුම් නෝනටත් නිතර පිං දෙන්න….ඇදුම් පැලදුම් ….එහෙමත් මතක් කරලා දං දෙන්න…නෝනා….."


"ඊයේ නිරංජන් මහත්තයා ආපහු කොළඹ යන වෙලේ නෝනට කතා කලා නේද…?


"ඔව්...යන්නම් කියලා ගියා….වෙන මුකුත් කතා කරේ නෑ….."


"විකුම් මහත්තයා නම්….නිරංජන් මහත්තයාට, හරියට ස්තූති කලා දුව අසනිප වුන වෙලේ ඉස්පිරිතාලෙට ගෙනියන්න උදව් කලා කියලා ….මම අහගෙනයි….විකුම් මහත්තයා , නිරංජන් මහත්තයාගේ නෝනටත් කියනවා….නිවාඩුවකට කැනඩාවට ඇවිත් යන්න එන්න කියලා පවුලටම..….විකුම් මහත්තයා ඒගොල්ලොත් එක්ක හොදටම යාලු වෙලා…."


"කමක් නෑ සෝමා….දැන් ඉතිං ඔක්කොම ඉවරනේ…හැබැයි මම කවදාවත් නිවාඩුවකටවත්, නිරංජන්ලා අපි ඉන්න රටට ගෙන්න ගන්න විකුම්ට ඉඩ දෙන්නෑ….ගිය දේවල් ඔක්කොම ඉවරයි .. .."


"අනේ ඔව් නෝනා….ආයි ජීවිතේට නිරංජන් මහත්තයා එක්ක සම්බන්ධ කම් තියාගන්න එපා….විකුම් මහත්තයා එක්ක ලොකු පුතත් හදාගෙන සතුටින් ඉන්න…."


"ඔව් ...සෝමා….මම අවුරුදු හතක් විතර කාලයක් පුදුම විදිහේ මානසිකව වැටිලා බයෙන් අපහසුවෙන් කලකිරීමෙන් හිටියේ...දුව ගැන විකුම් දැනගනියි කියලා …. දුව ගෙනාපු ආයුශ ඉවරවෙලා එයා ගියා….මීට පස්සෙ මම කවදාවත්, හීනෙකින්වත් විකුම්ට වරදක් කරන්නෑ….පහුගිය කාලේ උන හැමදෙයක්ම අමතක කරලා මම එයත් එක්ක සතුටින් අවංකව ජීවත් වෙනවා…ආයි කවදාවත් මම මගේ ජිවිතේට විකුම්ට වැරදි වැඩක් කරන්නෑ….."


"නෝනා...දැන් අඩන්න එපා… නෝනා හිතල කල වරදක් නෙමේනේ…..විකුම් මහත්තයා කරපු වැරදි වැඩ නිසානේ නෝනත් වැරදි වැඩකට පැටලුනේ…. නෝනටයි මහත්තයාටයි තව වයස තියෙනවානේ….තව දරුවෙක් ඉක්මනට හදාගන්න නෝනා ….විකුම් මහත්තයාගේම දරුවෙක්…..චුටි මහත්තයාට එතකොට පාලු දැනෙන්නේ නැති වෙයි…


දුවගේ හත්දවසේ බණ ,දානේ ඉවරවෙලා දවස් හතරකට පසු අපට ආපසු රටයන දවස උදාවි ඇත.


සාරදා ...අපිට හෙට ආයෙත් කැනඩාවට යන්න තියෙන්නේ...ඔයාට යන්න පුලුවන්ද ...තව ටික දවසක් මෙහෙ ඉදලා යනවද….? ඔයාට දිගටම සනීප තිබුනේ නෑනේ....ඔයා මේ සුමානෙම හරියට කෑවෙත් නෑ..….තාම ඇගට පන නෑ නේද…?


"නෑ….අපි යමු...විකුම් ....හිටියයි කියලා දුව ආයෙත් එන්නෑ…නේ...පුතාගෙ ඉස්කොලේ එන සුමානේ පටන් ගන්නවා...ඔයාටත් වැඩට යන්න ඕනනේ…."


"ඔව් සාරදා ...මම ඔයාට කිව්වෙ නැති උනාට...මට වැඩට යන්න ඕනේ තව නිවාඩු දාන්නේ නැතුව…".


".අනේ දැන් දුව නැතුව පුතාට තමයි වැඩියෙම පාලු….අපි කැනඩාවේ ඉදන් එනකම් ෆ්ලයිට් එකේ නංගිත් එක්ක සෙල්ලම් කර කර ඒ දෙන්නා ආවේ...දැන් අපි ආපහු යනකොට තමයි එයාට වැඩියෙම නංගි නැති පාලුව දැනෙනේ….


"එහෙනම් සාරදා ...අපි හෙට යන නිසා ගෙනියන බඩු ලෑස්ති කරගමුද..….අපේ අම්මා දැනගෙන දුව නැතිවුනා කියලා හරියට දුක්වුනා …. හොද වෙලාවට අපි ගිය අවුරුද්දේ එයාව ඔස්ට්‍රේලියා එක්ක ගිහින් අම්මට පෙන්නලා ආවේ...…"


"මොනව කරන්නද ...දුව ගෙනාපු ආයුශ…..එයා ඉපදිච්ච දවසේ ඉදන් අසනීප තිබිලත් එයා ඉපදුණ රටටම ආවනේ…...නැතිවෙන්න…...අසනිප තියාගෙන ලංකාවට එනකම් හිටියනේ එයාගෙ ලේ නෑයෝ බලන්න….ලේ නෑයන්ටත් එයාව අදුනලා දීලා තමයි එයා අපිව දාලා ගියේ….එයා ගෙනාපු ආයුශ එච්චරයි….අපි පුලුවන් හැම වෙලේම එයාට පිං දෙමු….ඉපදෙන කිසිම ආත්මයක මෙවැනි අකල් මරණයක් සිදු නොවේවා කියලා …!!


##############


අපි නැවත කැනඩාව බලා එන ගමනේදී අපව ගුවන් තොටුපොළට බස්සවන්න අයියා, අම්මා, මෙන්ම සෝමාද පැමිනියාහ.


ලංකාවේ සිට කැනඩාවට එනකම් වුන කිසි දෙයක් මට හරියට මතක නැත…. ගුවන් යානයට නැගපු මොහොතේ පටන් බහිනකම්ම මම සැරින් සැරේ නිදාගෙනම පැමිනියෙමි . මගේ ඇගට තවම හරියට පන නැත….. දුව මතක් වෙන මොහොතක් පාසා මගෙ නෙතින් කදුලු ගලයි…...විකුම් පුතා සමග ඔහුගේ පාලුව නැති වෙන්න නිතර ඔහු සමග කතා කරමින් ආබව මට මතකය….. මම නින්දෙන් පාවෙමින් කැනඩාව බලා ආ ලෙසක් මට දැනේ…


"සාරදා...අපි කැනඩාවට ආවා...අපි කැබ් එකක් ඇරගෙන දැන් ගෙදර යන්න ඕනේ.. ….පුතා මට උදව් කරන්න ….අම්මට සනීප මදිනේ…."


පුතා විකුම් කියන දේ කරයි….මම ඔහේ ඉන්නන් වාලේ ඉන්නෙමි. මම දුකෙන් ඉන්නා බව පුතාටද වැටහි ඇත...…..ඔහුද නිතර මම ගැන විමසිල්ලෙන් ඉන්නා ආකාරයක් පෙනේ…ඔහු දැන් ලොකු දරුවකු උන එක මට පහසුවකී.


ගුවන් තොටුපොළේ සිට ගෙදර බලා ගිය අපි කැබ් රතයකින් ගමන් කලෙමු.… අපි.වාහනයෙන් බැස ගෙදර දොර ඇරගෙන ඇතුලට යන්නට ලෑස්ති උනා පමනයි……


ගෙදර ඉදිරිපස දොර ඇරගෙන එයින් එලියට, කහ මල් පොකුරක් අතේ ඇතුව ආ හීන්දෑරී දැරියක් ….මගේ ලගට විත් ඒ මල් පොකුර මට දික් කලේ බයෙන් මෙන්‍ ය….


"අම්මී…..I love you…"

ඇය කට උල්කර අමාරුවෙන් මට කිව් විට….මගේ පපුව පිච්චි ගොස්...හයියෙන් ඉකියක් පිටවී ඇඩින…. මම දෙකට නැමී ඈ තුරුලු කරගත්තේ මගේ දුව නැවත ඇවිත් වගේ හැගීමක් මට දැනුන නිසයි……


විකුම්ගේ කලු රැලි කොන්ඩයම තියෙන හීන් දෑරී සුදු දැරියගේ…. මුහුන ,කට විකුම්ගේ වාගෙමයි…..ඇය පිටුපසින් සිටියේ ලංඩන් වල විකුම්ගේ යාලුවා සුදේශ්ය…...සුදේශ් විකුම්ගේ දුව කැනඩාවට එක්ක විත් බව මට තේරිනි….ඒ ලගම අපේ ගෙදර යතුර අතේ තියාන ගංගා ඉදියි….ඔවුන් එකතුවී මගේ දුව නැතුව, සොවින් සිටිනා මගේ දුක මැකී යන්නට…. විකුම්ගේ දුව මෙහෙට එක්කගෙන ආ බවක් මට තේරිනි.…..


විකුම්ද ඇවිත් දෙකට නැමි අප දෙදෙනාම අත් දෙකෙන්ම තුරුලු කරගත්තේ මං ගැන ඇති වුන දැඩි ආදරයෙන් යැයි මට සිතේ...පුතා අපි තුන් දෙනා දෙස බලන් ඉන්නේ පුදුමයෙනි….

"පුතේ ….මේ ඔයාට අපි තව නංගියෙක් ගේනවා …"


"මගේ නංගි මැරුනනේ…."


"මෙයත් ඔයාගෙම නංගියෙක් තමයි පුතේ….."


"මට වෙන නංගිලා එපා...මට ඕනෙ මගෙ නංගි…."


"අපි අපේ නංගි කියලා හිතාගෙන මෙයාට සලකමු….එතකොට පුතාගෙ නංගිට ගොඩක් පිං සිද්ද වෙයිනේ….එතකොට ඒ පිං ඇරගෙන, ඔයාගෙ නංගිට දිව්‍ය ලෝකේ යන්න පුලුවන් …."


"ඇත්තද….එහෙම වෙනවද..?


"ඔව් පුතේ...මැරුන අයට අපි පිං දුන්නහම….ඒ වෙනුවෙන් පිං අතේ වැඩ කරාම ... ඒගොල්ලන්ට ඒගොල්ලො ඉන්න තැන ඉදන් හොද සැපසම්පත් තියෙන තැන් වලට යන්න පුලුවන් ….ආයෙත් කවදාවත් එයා ඒ විදිහට අඩු වයසෙන් නැති වෙන එකක් නෑ.....


" එහෙනම් අපි මේ නංගි තියාගෙන අපේ නංගිට පිං දෙමු….


"එහෙනම් පුතේ...මේ නංගිව එක්කගෙන ගිහින්, ඔයාගෙ නංගිගේ කාමරේ පෙන්නන්කෝ…..අපි මෙයාට නංගිගෙ කාමරේ ඉන්න දෙමු නේද… ….


කැනඩාවට ඇවිත් ගෙට ගොඩවුන පසු දුවගේ මතකය මට තව තවත් අලුත් විය..…..දුවගේ රෝස පාට ඇද ඇතිරිලි දා….ජනෙල් රෙදි දා… සරසපු කාමරය, රෝසපාට බෝනික්කන් ඉන්න කාමරයේ දොර ඇර මම ව්කුම්ගේ දුව "සැලී"ට දුවගේ කාමරය පෙන්විය.


මෙතරම් වෙලාවක් කතා නැතුව ,බයෙන් හිටි ඇයගේ මුහුනේ මලක් පිපුනි…


"Wow…..beautiful room …"


ඇය කාමරය තුලට දිව ගියේ පුදුම ආසාවකින් …..ඇය රෝස පාට කාමරේ එහෙ මෙහෙ දුවයි….හරියට මගේ දුව වගේම….


"ලස්සනයිද සැලී රූම් එක...මම ඉංගිරිසියෙන් ඇසු කල…."


" ඔව්...හරිම ලස්සනයි ….කාගෙද මේ රූම් එක…" ඇය ඉංගිරිසියෙන් ඇසීය.


"ම්ම්…..මීට පස්සෙ .ඔයාගේ…."


"ඇත්තටම...මගේද….? මට කවදාවත් මේ වගේ රූම් එකක් තිබිලා නෑ….මමයි, මමියි එක කාමරේ...උයාගෙනත් කෑවේ….හරිම ලස්සනයි අම්මි….තෑන්ක්ස් "


ඇය මට "අම්මි "කියන්නේ...සුදේශ් උගන්නලා වෙන්න ඇතැයි මට සිතේ….පව් හිරගෙයක උපත ලබා, ඒ තුලම හැදී වැඩී….පසුව එක කාමර ගෙයක හැදි වැඩුන ඇයට….ඇගේ මවගේ වියෝවෙන් පසු ළමා මඩමක ජීවත් වෙන්න සිදුවු ඇයට.....අපේ මේ ගේ...දුවගේ රෝස පාට කාමරය.... දිව්‍ය ලෝකයක් සේ පේනවා ඇතැයි මට සිතේ...ඇය අගහිඟකම් සමග වැඩුන දරුවෙක් බව බැලූ බැල්මට පෙනේ….මට ඇය ගැන ඇති උනෙ කළකිරීමකි. ඇය දුවගේ කාමරයේ එහෙ මෙහේ ඇවිදමින් බෝනික්කෝ...සෙල්ලම් බඩු අත ගාන්නේ පුදුම සතුටකිනි….සැරෙන් සැරේ...හොරෙන් ඈ මා දෙසද බලන්නේ... ඒවා අත ගෑවාට මගේ අකමැත්තක් නැතිද දැන ගන්න මෙනි.


විකුම්.... සෑලී දෙස බලා සිටින්නේ මට හොරෙන් මෙන්….උතුරා යන සතුටකින්‍යැයිද පෙනේ..…


"තැන්ක්‍යු සාරදා …..ඔයා සැලීව අපේ දරුවෙක් විදිහට භාරගත්ත එක….." ඔයා එදා මුල්ම දවසේ….. සැලි ගැන මම කියලා , දැනගත්ත වෙලේ...මට කිව්වනේ මෙහෙ එක්ක එන්න කියලා ...ඒ වෙලේ මම ඒකට අකමැති උනත්...අපේ දුව නැතිවෙලා...ඔයා ලංකාවෙදි හොදටම අසනීප උන වෙලේ මම සුදේශ්ට කිව්වා ...එයාව මෙහේ එක්ක එන්න කියලා…සුදේශ්,....ඊයේ එයාව මෙහේ එක්ක ඇවිත් තියෙන්නේ...ගංගට මම කෝල් කරලා කිව්වා...අපේ ගෙදර යතුර සුදේශ්ට දෙන්න කියලා…." විකුම් අත් දෙකෙන්ම මාව තුරුලු කරගෙන මගේ මූණ ඉම්බේ සතුටිනි.


". අපි ඉක්මනට සැලිටත් මෙහෙන් ඉස්කෝලයක් බලමුනේද....."


"ඔව්… ඉක්මනටම බලමු..."


" සැලිගෙ අම්මා මොන රටේ කෙනෙක්ද…?


"මෙක්සිකන්…වල"


"මට එයාගේ අම්මගෙ ෆොටෝ එකකුත් පෙන්නන්න.. ….විකුම්"


විකුම් සැලිගේ බෑග් එක ඇර….. ඒ තුලින් ගෙන පෙන්වු පින්තූරයේ සිටි, සුදු ජාතික කාන්තාවක් වු ඇය ඉතා කෙසග ගැහැනියක් බව මට පෙනින..….ට්‍රිප් එකක් ගිය ෆොටෝ එකක් යැයි කිව හැකි පින්තූරයක, ඇය විකුම් සමග ඉන්නා ෆොටෝ එකක්ද ඒ අතර තිබුනි. . ඒ ෆොටෝස් දැකලත් මට දුකක් කේන්තියක් නොඑන්නේ….මගේ, විකුම් නොදන්නා ,සියලු රහස් නිසා වන්නට ඇත…. විකුම් මගේත් නිරංජන්ගෙත් දුවව නොදැන, ඉපදුන දා පටන් නැතිවෙනකම් බලා ගත් ආකාරය නිසත් වන්නට ඇත….....


" මොනවා උනත් තමන්ගේ ලෙයින් හැදුන දරුවෙක් ළමා මඩමක ඉන්දෙද්දි තාත්තා කෙනෙක් විදිහට ඔයා කොහොමද ඉවසගෙන ඉන්නේ කියලා මට හිතුනා…සැලිව ගෙනාපු එක හොදයි….


මුලින් සැලී…. මටත් විකුම්ටත්, මමි ඩැඩි කිව්වත්... වැඩි කල් නොගොසින්ම පුතා අපට කතා කරනා ලෙසම අම්මි..තාත්ති කියන්න පුරුදු විය…මගෙත් නිරංජන්ගෙත් දුව නැති පාලුව….මට විකුම්ගෙත් සැන්ඩිගෙත් දුව නිසා, හෙමිහිට ඉදිරිකාලයේදී අමතක වී යන්නට ඉඩ ඇත.....මම ඒ දැරියට....මගේ දුවට මෙන්ම ආදරයෙන් සලකන්න සිතාගෙන සිටිමි.... ඒ පිනෙන් මගේ දුවට, කිසිම ආත්මයක මෙවැනි අසනීපයක් සැදී අඩු වයසෙන්, ජීවිතයෙන් සමුගන්නට නොලැබේවා කියා මම පතමි.


සැලීගේ කාමරේ, රෝස පාට බිත්තියේ මම දුව නැතිවුන දවසේ ගත්, දුවගෙත්...නිරංජන්ගේ, දුවගෙත් පොටෝ එකක් ලොකුකර ගැසුවෙමි….


අදින් අවසන් වූ මෙම කතාවේ හොද නරක ගැන ඔබේ පුංච් අදහසක් දැන ගැනීමට මා ඉතා කැමැත්තෙමි…. මෙපමණ දිනක් මා සමග රැදෙමින්, ස්තූති කරමින් අදහස් දක්වමින්... 💞අමුතු දීගේ 💞 නවකතාව කියවු ඔබ සැමට ස්තූතියි ….නැවත අපි මගේ අලුත් නවකතාවක් සමග හමුවෙමු !""💞💞💞💞💞💞


සුමානයක විරාමයකින් පසු, මා ලියා නිම කරන ලද හා published කරන ලද පහතින් ඇති මේ පොත් තුනෙන් කවර නවකතාව ඔබ කීයවීමට කැමති දැයි දැනගන්නට කැමැත්තෙමි. එය ඊලග සුමානේ සිට ඔබට කියවීමට සලස්වන්නට කැමැත්තෙමි.


1)ජැෆ්නාදරය

2)ගිමන් හරිමි

3)කෑලෑ මල


💞ස්තූතියි ඔබ සැමටම 💞


*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page