top of page

අමුතු දීගේ 💞#2 අමුතු දීගේ💞#2

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Aug 2, 2020
  • 5 min read

(25 වන කොටස)

"දුවට තාම අඩුවක් නෑනේද නංගි…"


"ඒකනෙ අක්කේ….මම ඉකිබිදිමින් අඩන්නේ දුව බදාගෙනය…"


"ඔයා අඩන්න එපා සාරදා."...නිරංජන්ද මට කියන්නේ ඇඩුම්බර කටහඩකිනි….


"දුවට වෙනදටත් මෙහෙම වෙනවද සාරදා ….?


" ඔව්..හැබැයි මෙච්චරම අමාරු වෙලා නෑ…..මම විකුම්ට කෝල් කරලා කියන්නම්….අපි කොයි හොස්පිටල් එකටද යන්නේ නිරංජන් ?…මම අඩමින්ම ඇසිමි...


"ලගම තියෙන හොස්පිටල් එකකට යමු...පස්සෙ ටිකක් සනිප උනාම ප්‍රරයීවට් හොස්පිටල් එකකට යන්න පුලුවන් නේ...අපි හෝමාගම හොස්පිටල් එකට යනවා කියන්න .... එයාට එතනට එන්න කියන්න …"


" හෙල්ලෝ ….අනේ විකුම් ...දුවට හොදටම අමාරු උනා… අපි මේ හෝමාගම හොස්පිටල් එකට එක්ක යන ගමන්….අනේ ඔයා ඉක්මනට එතනට එන්න ...මට බයයි විකුම් …..".

මම ඉකිගසමින් අඩන්නේ හිතේ තියෙන බය දුක සැකය යන සියලු දේ වෙනුවෙන් ...….


දුවගේ ඇග තවමත් ගැහේ….මම දුව බදාගෙන නොනවත්වා අඩන්නේ….කවදාවත් ඇයට මෙතරම් අමාරුවී සිටිනවා මා දැක නොතිබුනු නිසයි….


"අද දවල් ගොඩක් අව්වේ හිටියා දුව...බීච් එකෙත් නාලා...පූල් එකෙත් පැය ගානක් බැහැගෙන හිටියා...අද හවසත් එයාට මේ විදිහට බාගෙට වීස් එක ඇවිත් ඉන්හේලර් එක ඇල්ලුවහම හොද උනා…..අනේ මට බයයි අක්කේ….මම තව තවත් අඩමින් ඉස්සරහ සීටි එකේ ඉන්න අක්කට කීයන්නේ නිරංජන්ටත් ඇහෙන ලෙසයි.....


"අනේ...බය වෙන්න එපා නංගි...දැන් ලගයි.... හරි... හරි....අපි හොස්පිටල් එකට ආවා…හරි ඉක්මනට දරුවා ඇතුලට ගෙනියමු මල්ලී….


නිරංජන් ,වාහනය ඉක්මනින් නවත්වා මගේ උකුලේ සිටි දුවව හරහට වඩාගෙන, ඉස්පිරිතාලෙ ඇතුලට ගෙනගියේ භාගෙට දුවමින් වගේය...දුවව තවමත් ගැහේ...මම අඩමින් ඔහු පසු පස දුවගියේ ඇදන් හිටි සාරියද උස්සාගෙනය. මා පසුපස අර අක්කාද මගේ හෑන්ඩ් බෑගය උස්සාගෙන එයි...


නිරංජන් ,ඉස්පිරිතාලෙ ඇතුලට දුවව ගෙනගිය සැනින්.... ඇයව ඇතුලට ගත්තේ මටත් අක්කාටත් එලියෙන් ඉන්න කියායි….. දුවව වඩාගෙන ආවා නිරංජන්ව විතරයි ඔවුන් ඇතුලට ගත්තේ..….


"මම අඩමින් වහ වහා විකුම්ට නැවත කතා කලෙමි.


"අනේ විකුම් ...ඉක්මනට එන්න….දුවට හොදටම අමාරු උනා… අපි මේ හෝමාගම හොස්පිටල් එකට එක්ක ආවා….අනේ ඔයා ඉක්මනට එන්න ...මට බයයි විකුම් …..".මම ඉකිගසමින් අඩන්නේ.. හිතේ තිබුන බයට හා දුව හිටි ආකාරය සිහිවය.


"අඩන්න එපා නංගි….දැන් අපි ඉස්පිරිතාලෙ නේ ඉන්නේ….දැන් නිරංජන් මල්ලිත් දුවත් එක්ක ඇතුලේ ඉන්නනේ…ඔයා.බයවෙන්න එපා…


" නිරංජන් අය්යා දුවගෙ අසනිප ගැන දන්නේ නෑ අක්කෙ....මමයි දුව ලග ඉන්න ඕනේ…"


"ඔයාව ඕන උනොත් එයා එලියට එයි .. ...ඔයා අඩන නිසයි.... නිරංජන් මල්ලි දුවත් එක්ක ඇතුලට ගියේ..."


විනාඩි විස්සක් ඇතුලත විකුම් කඩාගෙන ඉස්පිරිතාලෙ ඇතුලට ආවේ දාඩිය පෙරාගෙන, දුවගෙන මෙන්‍ය.


"ඇයි සාරදා ...මොකද උනේ දුවට….?


"අනේ...විකුම් එයාව ගැහෙන්න ගත්තා...ෆිට් එකක්….කවදාවත් මීට ඉස්සර එයාට එහෙම වෙලා නෑ….මට බයයි විකුම්….අනේ….මොනව හරි කරන්න ….විකුම් ...මම විකුම් බදාගෙන අඩන්න ගත්තෙමි.


"ඔහොම අඩන්න එපා සාරදා ….පොඩ්ඩක් කෙලින් ඉන්නකෝ…..විකුම්ටද ඇඩෙන්න එන ගානය.


"කෝ ...දුව ඇතුලෙද...දැන් ….? කවුද එයත් එක්ක...ඉන්නේ....මම නර්ස්ට කතා කරලා දුව ලගට මම යන්නමි...මමනේ එයාගෙ අසනීපෙ ගැන දන්නේ…."


"නිරංජන් මල්ලි එයත් එක්ක ඇතුලට ගියා....නංගි සිහියක් නැතුව අඩන නිසා...."


"අනේ ඔව් විකුම් ...ඔයා නර්ස්ට කතා කරලා ඇතුලට යන්න… නිරංජන් දුව ගැන මුකුත් දන්නෙ නෑනේ….කෝ පුතා…විකුම්…...?


"දුවට සනීප නෑ කිව්වහම පාලිතගෙ වයිෆ් එයාව එක්කගෙන යන්න එපා කිව්වා...පුතා බාගෙට නිදි...මම ඒ හින්දා තියලා ආවා….


"ඒක හොදයි …


ටික වේලාවකට පසු ,නර්ස් කෙනෙක් හා නිරංජන් එතන තිබුනු දොර ඇරගෙන එලියට ආවේ...මාව අඩගහගෙන යන්න වගේ…


"ආ..විකුම් ආපු එක හොදයි ..ඩොක්ටර් ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ට එන්න කිව්වා …"


"හරි මම යන්නම්...


"අනේ..විකුම් මාත් ඇතුලට එන්නද දුව බලන්න….මම ඉකිගසමින් අඩමින් විකුම්ගේ ඇගේ එල්ලුනෙමි


"ඔයා...එලියෙන් ඉන්න සාරදා ...ඔයා ඔහොම අඩනකොට දුවත් බය වෙයි….. මම ගිහින් එන්නම් …"

ඒ අස්සේ අපිත් එක්ක ආව අක්කගෙ හස්බන්ඩ් බණ අහන්නේ නැතුව කලබලේ ඉස්පිරිතාලෙට ඇවිත් තිබුනේ දුවට මොනවද උනේ බලන්නයි.


"දුවව ඇතුලට ගත්තා …අය්යේ…...විකුම් ආවා...දැන් එයා දුව ලග...අක්කලා යන්න...මට තනියක් නෑ...හස්බන්ඩ් ආව නිසා…"


"දුවව දැන් දොස්තරලා බලනවා ඇතිනේ….අපි ඉන්න එකත් තේරුමක් නැති නිසා, අපි එහෙනම් යන්නම්ද නංගි…."


"ඔව් අක්කේ..අක්කලා යන්න...අක්කගෙ ළමයි දෙන්නා බණ ගෙදරනේ...අනේ බොහොම ස්තූතියි මගේ තනියට ආවට…


ඔවුන් ගිය පසු ඉස්පිරිතාලෙ බංකුව උඩ හිටියේ මායි නිරංජනුයි විතරයි ...රෑ නිසා ලෙඩ්ඩු කවුරුත් නෑ ඈතින් තව දෙතුන් දෙනෙක් කතා කරමින් ඉදී.. නිරංජන් මම වාඩිවි සිටි පුටුවෙම පැත්තකින් වාඩි උනේ අත්දෙකින්න ඔලුව බදාගෙනයි.


"ඩොක්ටස්ලා මොනවාද කිව්වෙ නිරංජන් …?


"මගෙන් ඇහුව්වා එයාට මීට ඉස්සරත් මෙහෙම වෙලා තියෙනවද කියලා….මම කිව්වා මම දන්නෑ.. . මම ඔයාව එවන්නම් කියලා එලියට ආවේ…..හොද වෙලාවට විකුම් ආවේ….

මොකක් හරි දුවට ඉස්සර ඉදන් අසනීපයක් තිබුනද සාරදා ….


" ඔව්…


"මොකක්ද….කවදා ඉදන්ද…?


"ඉපදුන දවස්වල ඉදලා….


"දිගටම බෙහෙත් ගත්තද….එහෙම වෙලා තියෙන්නෙ ඇයි කියලා ඩොක්ටර්ස්ලා කිව්වද…?


"ඔව්….මම කෙටි උත්තර දෙන්නේ බාගෙට අඩමින්‍ය.


"මොකක්ද කිව්වේ….?


මම තව දුරටත් දුවගේ රහස නිරංජන් ගෙන් වසන් කරනවද කියලා කල්පනා කලෙමි…. නමුත් දුවට එහෙම අසනීපයකට මූලික හේතුව අපි දෙන්නා නෑනමස්සිනාලා උන හේතුව කියලා මම දැන දැනත් ඇයි එයාට නොකියා ඉන්නේ කියා සිතේ….මෙච්චර අවුරුදු ගානකට අප දෙදෙනාගෙ රහස එලි නොකල මම අද නිරංජන්ට කියනවා...දුව අපි දෙන්නගෙ දුව බව….එයා ඒ රහස රැක ගනියි ඉස්සරහට ...මොකද එයාටත් මට වගේම හොද පවුල් ජීවිතයක් තියෙන නිසා….


"විකුම් දන්නෑ ….එයාට තාම හිතාගන්න බෑ...කොහොමද උනේ කියලා ...ඩොක්ටර්ස්ලා කියන්නේ ජානවලඇති දුර්වලතා නිසා එහෙම උනා කියලා …


" ඒ කියන්නේ…..


"අම්මයි තාත්තයි ලගම ලේ නෑයන් උනාම එහෙම වෙනවා කියලා ඩොක්ටර්ස්ලා කියන්නේ …


"අනේ...දෙවියනේ ඒ...කියන්නේ ...මේ මගේ දුව….අනේ මම වගේ පව් කාරයෙක්..දුවව දැකපු මුල්ම දිනේ….දරුවගෙ අසනීපයක් ගැන අහන්න වුන හැටි...අනේ මගේ දුව..නිරංජන් මුහුන අත් දෙකින්ම වහගෙන බංකුවේ වාඩිවී ගෙන අඩන බව මට වැටහිනි…..ඔහු ඉන්න විදිහටම හිටියේ දුක ඉවසාගන්න බැරුව වෙන්න ඇති …..


ඇතුලේ සිටි විකුම් කලබලේ එළියට දුවගෙන ආවේ ඒ වෙලේය.


"සාරදා….දුවට අමාරුයි ...එයාව කොළඹ හොස්පිටල් එකකට ඇම්බුයුලන්ස් එකෙන් ගෙනියන්න ලෑස්ති කරනවා ...මම දුවත් එක්ක ඒකේ යනවා...ඔයා නිරංජන් එක්ක කාර් එකේ හොස්පිටල් එකට එන්න….. විකුම් හොදටම බය වී ඉන්නා බව පෙනේ...මම දුවගෙන ගොස් විකුම්ගේ ඇගේ එල්ලුනේ අඩ අඩාමය…


"අනේ විකුම් මාත් එන්නම්...මාවත් දුවත් එක්කම එක්කගෙන යන්නකෝ… අනේ මටත් දුවත් එක්කම යන්න ඕනේ විකුම් ….."


" සාරදා ...පොඩ්ඩක් අඩන එක නවත්තලා ඉන්නකෝ..….ඇඩුවා කියලා දරුවට හොද වෙන්නෑනේ….නිරංජන්, සාරදා එක්ක ඔයා කාර් එකේ කොළඹ මහ ඉස්පිරිතාලෙට එන්න….මම ඇම්බුයුලන්ස් එකේ දුවත් එක්ක යනවා…."


"හරි විකුම් ...මම සාරදා එක්ක එන්නම්…"


" අනේ….විකුම් මට එකපාරක්….. දුවව බලන්න ඕනේ..අනේ විකුම් මාව ඇතුලට එක්ක යන්න….එකපාරක් දුවව බලන්න …"


"විකුම්...නර්ස්ගෙන් අහලා සාරදා ට ටිකක් දුවව බලන්න ඇතුලට එක්ක ගියොත් හොදයි නේද ?…."


"ඔයා ඔය අඩන එක නවත්තලා එන්න….නැත්නම් ඩොක්ටර්ස්ලා මටත් බනියි…...


ඇතිලේ සිටි නර්ස් කෙනෙක්ගෙන් අසා දුවව...ඇම්බුයුලන්ස් එකට දාන්න ලෑස්ති කරන තැනට මාව විකුම් එක්ක ගියේ කලබලේය. ….අනේ මගේ දුවගේ මුහුනට ඔක්සිජන් බට ගසා ඇත...තව ඇයට එහෙන් මෙහෙන් බට ගසා ඇති බවත් දුවට සිහි නැතිවි ඇති බවත් මට පෙනේ….ඇය ඉන්න හැටි දැක මට මොනවා වුනාද කියා මටම මතක නැත…...


මට සිහිය එනකොට නර්ස්ලා දෙදෙනෙක් සහ නිරංජන් මගේ ලග සිටියේය .


"ආ..මිස් මේක බොන්න…මිස්ට දැන් හොදයිනේද…."


"මට මොනවාද උනේ...මම කොහේද ඉන්නේ….නර්ස්…? එය සිතා ගැනිමට මට ටික වේලාවක් ගත විය .....

ටික වේලාවකට පසු මට හැම දෙයක්ම සිහිවිය....දුව ලෙඩ වී අපි ඉස්පිරිතාලෙට ආ බව…ඇයව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කල බව….මම නිරංජන් එක්ක දුවව එක්ක ඉස්පිරිතාලෙට ආ බව….විකුම් හොස්පිටල් එකට දුවගෙන ආ හැටි….සිහිනයක් සේ මට එකින් එක සිහි විය…..


"අනේ...මිස්..මගේ දුව කෝ...අනේ නිරංජන් මගේ දුව දැන් කෝ…" මගේ ලග සිටි

නිරංජන්ගේගේ අත මම තදින් ඇද පහුරු ගසමින් ඇසුවේ දුක දරා ගන්න බැරුවයි…


"දුවව කොළඹට ගෙනිච්චා…. විකුම් ගියා එයා එක්ක...ඇම්බුයුලන්ස් එකේ….විකුම් කිව්වා මට ඔයත් එක්ක මහ ඉස්පිරිතාලෙට එන්න කියලා …...අපිත් යමුද සාරදා ….ඉක්මනට….ඔයාට පුලුවන්ද …?


"අනේ පුලුවන් ..අපි යමු...මම හිටි තැනින් නැගිට්ටේ ඉද්ද ගැසුවා සේය….මම නැගිට්ට වේගෙට මාව වැටෙන්න ගියේ..කකුල් දෙක පන නැතිව ගොස්‍ ය.....නිරංජන් මාව වත්තන්කර නැවත පුටුවෙන් ඉන්දවිය.….


"ඔහොම යන්න බෑනේ...සාරදා ..අපි තව ටිකක් ඉදලා යමු…."


"අනේ...බෑ.. බෑ….අපි ඉක්මනට යමු..මට බයයි අය්යේ...දුවට අමාරුද දන්නෑ...මම නිරංජන් ගේ අතේ එල්ලී ඔහුගෙ වාරුවෙන් වාහනය දක්වා ගියේ අඩමින් ය


නිරංජන් කතා බහක් නැතිව වාහනය වේගයෙන් පදවයි…ඔහුද අඩා ඇතිබව මට වැටහේ….


"දුවව හොස්පිටල් එක ඇතුලට ඔයා උස්සගෙන ගිය වෙලේ….. ඇතුලෙදි එයා ඔයත් එක්ක කතා කරාද නිරංජන් …?


" අනේ…..ඔව්.....මට තාත්ති තාත්ති….කියලා කතා කරා….මම විකුම් කියලා හිතලද දන්නෑ……. .තාත්ති තාත්ති කියලා මාව බදාගෙන හිටියා….මගෙන් ඇහුව්වා අම්මි කෝ තාත්ති කියලා….මට වාවන්නෑ සාරදා … මගේ දූ මට තාත්තා කියලා තුන් හතරපාරක්ම කතා කලා…..නිරංජන්ද අඩයි….සට සට ගා ඔහුගේ දෙනෙතින් කදුලු ගලයි...…


වාහනේ පාර අයිනට කර නැවැත්තු නිරංජන් ඔලුව පහත් කරගෙන ඉදී…..ඔහු අඩනවා….පව්...මම ඔහුගේ උරහිසට අත තියා කතා කලේ මාත් අඩමින් ය…...


" අපි යමු නිරංජන් …..පරක්කු නොවී….…..පරිස්සමට වාහනේ එලවන්න…නිරංජන්....ඔයාට පුලුවන්ද …"


"පුලුවන් සාරදා ….මගේ හිතට එන දුක කියාගන්න බෑ….අනේ දෙවියනේ එයා මගේම දුවක් කියලා මම දැනගත්තම දවසේ...ඒ දරුවා….අනේ මගේ දුව ලෙඩ උනානේ….මගේ අතේදි එයා මාව බදාගෙන මට තාත්තා තාත්තා කියලා දෙතුන් පාරක් කතා කලා….මට උහුලගන්න බෑ සාරදා …නිරංජන් වාහනය එළවන ගමන් අඩයි…..ඔහුගෙ ඇස් දෙකෙන් කදුලු සට සට ගා ශාර්ට් එකට වැටේ…...


"නිරංජන්…... ඔය කතාව ඔයා කා එක්කවත් කියන්න එහෙම එපා...විකුම් මේ මොනවත් දන්නෑ….එයාගෙ පනත් හරි දුවත් හරී….දුව ඔයාගෙ දුව බව දන්නේ සෝමා විතරයි ...මෙච්චර කාලයක් මම රැකගෙන හිටිය කතාව අපි දෙන්නට අමතරව වෙන කිසි කෙනෙක් දැනගන්න ඕන නෑ…...හොදද…..තේරුනාද…..?.....දැන් ඔයාටත් හොද පවුලක් ඉන්නවා...මටත් හොද පවුලක් ඉන්නවා….විකුම් වගේ හොද කෙනෙක්ට …. දරුවන්ට ආදරේ තාත්තා කෙනෙක්ට…. ඔය කතාව නම් දැනගන්න තියන්න එපා...එයා මාව දාලා යයි…..ඔයා එන්නෑනේ එතකොට මාව බේර ගන්න ...…"


" සාරදා …..අපි හොස්පිටල් එකට ආවා...ඉක්මනට යමු හදිසි අනතුරු වාට්ටුව පැත්තට…..විකුම් ඒ පැත්තේ ඇති."


අපි හදිසි අනතුරු වාට්ටුව ඇතුලට දුවගෙන වගේ ගියෙමු….. රත්‍රියේ සෙනගින් හිස් උන කොරිඩො එකේ ඇති බංකුවක ඔලුව පහතට හෙලාගෙන අත් දෙකින් ඔලුව අල්ලගෙන ඉන්න විකුම් දැක මම ඔහු ලගට දිවගියේ….නිරංජන් ගැනවත් නොතකාය.

විකුම්ගෙ උරහිස් සෙලවෙයි….ඔහු ඉකි ගසා අඩන බව පෙනේ….එය දැක මට හිතා ගැනිමට නොහැකි විය...ඇයි විකුම් මෙලස අඩන්නේ කියා..


"විකුම් ...මම ඔහු ලගින් වාඩිවී ඔහුගේ උරහිසට් අත තිබ්බ සැනින් ඔහුගේ ඇඩුම වැඩි විය…..නිරංජන් ද විකුම් ලගට විත් ඔහුගේ අත අල්ලා ගත්තේ ඇඩුම් බරවය….…


"ඇයි විකුම්…..ඇයි.මොකද ...දුවට කොහොමද ..?


"දුව අපිව අත හැරලා ගියා සාරදා "….…..විකුම් හයියෙන් අඩන්න ගත්තේ මාව බදාගෙනය….


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

1 Comment


Prisila Godahewa
Prisila Godahewa
Aug 09, 2020

Like
bottom of page