top of page

අමුතු දීගේ 💞#2 අමුතු දීගේ💞#2

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Aug 2, 2020
  • 5 min read

(19 කොටස )

හැමදාම රෑට විකුම් වැඩ ඇරි ගෙදර ආ පසු ඇගපත හෝදාගෙන….. ටෙලිවිෂනය ඉදිරිපිට ඉදගෙන බොහෝ වේලාවක් එය නැරබීම පුරුද්දක් ලෙස කරයි ... ඒ වෙලාව දුවත් පුතත් ඉස්කෝලෙ ගෙදර වැඩ කරන වෙලාවය…. ඒ වෙලාවට මම රෑට හා පසුදිනට උයාපිහා ගෙවල් අස්කර ,පසුදිනට දුවටත් පුතාටත් ඉස්කෝලේ අදින ඇදුම්ද ලෑස්ති කරන්නෙමි…..


පසුව හැමදාම වාගේ රෑට ….පුරුද්දක් ලෙස අප හතර දෙනා එකට කෑම මේසේ වාඩිවී ….එදා දවසේ හැමෝටම සිදු වුන සිදුවීම්... කතාබහ කරමින් රෑ කෑම කන්නෙමු..... ඊට පසු දිනට කරන්න තියෙන දේ ගැන කතාබහ කරන්නේද රාත්‍රි ආහාරය ගන්න ගමන්‍ ය.


ඉන් පසු දුවත් පුතාත් නින්දට යවා අපි දෙදෙනා ටික වේලාවක් ටෙලිවිෂනය බලා නින්දට යන්නේ සැහැල්ලුවෙනි.....


මේ වන විට අප දෙදෙනාගේ විවාහ දිවියෙ ආරංභයෙන් පසු හා කැනඩාවට පදිංචියට ආ පසු.. ... අප ප්‍රර්තනා කල ගොඩක් දේ ඉශ්ට කර ගැනිමට හැකි වී තිබුනි......මේ වන විට, ජීවිතය ඒකාකාරි ලෙස උනත් තිබුන කරදර ප්‍රශ්න බොහෝ දුරට නිමවී දරු දෙදෙනා සමග අප දෙදෙනා..... සැහැල්ලුවෙන් සතුටින් ඉන්නා කාලයක් වී ඇත.


ට්‍ර්ං...ට්‍රිං….


ගෙදර ටෙලිෆෝනය අද හවස නාද උනේ....විකුම් වැඩ ඇරි ගෙදර එන්නට ප්‍රතමය. ඒ මම දුවටත් පුතාටත් ඉස්කොලේ වැඩ කරදෙමින් සිටි මොහොතේය.. මම විගහට ටෙලිෆෝනය වෙත ගොස් එය කනේ තියා ගත්තෙමි….


" හෙල්ලෝ …"


" හලෝ….."අනිත් පැත්තෙන් පිරිමි කටහඩක් ඇසුනි


"විකුම් ගෙදර ඉන්නවද….? "


"විකුම් තවම ගෙදර ආවේ නෑනේ…..කවුද ඔයා .....පනිවිඩයක් තියෙනවානම් කියන්න ...මම එයාගෙ වයිෆ්….

"හෙල්ලෝ…..සාරදා ...කොහොමද ?....මම මේ ඉංගලන්ඩ් වල….සුදේශ් ...විකුම්ගේ යාලුවා.. .. කොහොමද ඔයාට ...?පොඩි දෙන්නා එහෙම සනීපෙන්ද ?......


"ආ...ඔව් සුදේශ් අපි හැමෝම හොදින් ...ඉතිං ඔයාට කොහොමද ?....


"මාත් සනීපෙන් සාරදා ......පොඩි හදිස්සියකට විකුම්ට කතා කලේ...….විකුම් ගෙදර ආවහම මට කෝල් එකක් දෙන්න කියනවද …."


"හා මම කියන්නම්…සුදේශ්...දැන් එයා ගෙදර එන වෙලාව "


"තැන්ක්‍යු, සාරදා …එහෙනම් මම ෆෝන් එක තියන්නම්."


"හොදයි සුදේශ් …"


විකුම් ඉංග්ලන්ඩ් ඉන්න කාලේ එයාගෙ හොදම යාලුවා උනේ සුදේශ් …..කාලෙකට පස්සෙ විකුම්ට හදිසියේ කතා කරේ ඇයිද කියා මට ප්‍රශ්නයක්ද ඇති විය...මම විකුම් ගෙදර එනකම් බලාගෙන හිටියේ ….ඔහුට ඒ පනිවිඩය කියන්නයි….විකුම් ඉංග්ලන්ඩ් ඉදන් ඇවිත් දැන් අවුරුදු අටකට ලගයි....විකුම් ,සුදේශ් සමග ඉදහිට කතා කරනවා උනත්....මේ නම් මාස දෙක තුනකට පසු ඔහු කාතා කරපු බවක් තමයි මට මතක.


"පුතා, දුව….හෝම් වර්ක් ඉවර නම් එන්න කන්න ….අද තාත්තා ගෙදර එන්න පරක්කුයි වගේ…ඔය දෙන්නා කාලා නිදාගන්න ...හෙට වේලාසන ඉස්කෝලේ යන්න තියෙනවානේ ...."


"අපි කෑම කන්න තාත්තා එනකම් ඉන්නවා ."

විකුම් හැමදාම රෑට වැඩ ඇරි ගෙදර එනවිට මොනවා හෝ රස කැවිල්ලක් ගෙනෙන නිසා ඔහු එනතෙක් දරුවො දෙදෙනා බලා හිදින්නේ ආසාවෙනි…... කවදාවත් නැතුව එදා විකුම් ගෙදර එනවිට හොදටම රෑ විය..


"ඇයි විකුම් අද පරක්කු උනේ….."


" අපි දැන්, නිවාඩුවට ලංකාවට යන නිසා…. වැඩිපුර පැය ගානක් මම වැඩ කරලා ,ඒක කවර් කර ගන්න හදන්නේ….සල්ලි ටිකක් වැඩිපුර ඉතුරු කරගන්න පුලුවන් නේ එතකොට …."


"ඔයා වොශ් එකක් දාගෙන ඇවිත් කන්න…….ඉංග්ලන්ඩ් වල ඔයාගෙ යාලුවා සුදේශ් අද හවස කතා කරා …..ඔයා වැඩ ඇරියා ආපුවහම කෝල් එකක් දෙන්න කිව්වා…."


" සූදේශ්…...කාලෙකින්නේ….ඇයි දන්නෙ නෑ...මිනිහා කතා කලේ...කෝකටත් මම වොශ් එකක් දාගෙන ඇවිත්ම කතා කරන්නම්….හරි මහන්සියි. සාරදා …."


"මම කෑම බෙදන්නම්….ඔයා කාලා නිදහසේ කතා කරන්න ...බඩගිනි ඇතිනේ…."


"ඔව්...හරි බඩගිනියි…..ඒ උනාට කෝල් එක දීලම කනවා….දුවයි පුතයි කෑම කාලද නිදාගන්න ගියේ සාරදා …...?


"ඔව්...මම රෑවෙන්න ඉස්සර නිදාගන්න කිව්වා ඉස්කොලේ යන්න තියෙන නිසා…."


"එහෙනම් මම සුදේශ්ට කෝල් එකක් දීලම කන්න එන්නම්.."


"ඔව්..රෑ වෙන්න ඉස්සර දෙන්න…"


විකුම් සුදේශ්ට කෝල් කරන්න සැරසේ...


"හෙල්ලෝ…..


"කොහොමද මචං …..කාලෙකින් ...මම දැන් වැඩ ඇරිලා ගෙදර ආවේ…..ඉතිං හදිස්සියකටද කතා කලේ.....?


මම ෆෝන් එක තිබුන කිට්ටුව වාඩිවී, ඔවුන්ගේ කතාවට ඇහුම්කන් දීගෙන සිටියෙමි. මට ඇහෙන්නේ විකුම් කියන කොටස පමනි…...අනුන්ගේ කතාවට ඇහුන්කම් දීම හොද නැති දෙයක් උනත්….මම ඔවුන්ගේ කතාවට ඇහුම්කන් දෙමින්ම මගේ ෆෝන් එකේ වැඩක් කරමින්, ඒ කිට්ටුවම වාඩිවී උන්නෙමි .


"මොකක්ද කිව්වේ… පිස්සුද ....?."


"වෙන්න බෑනේ…මට ශුවර්...."


"නෑ…… බොරු…..එහෙම කොහොමද වෙන්නේ…..මට හිතා ගන්නත් බෑ…...උබ ඔය ඇත්තද…කියන්නේ…..විශ්වාස කරන්න බෑනේ …උන්ගෙ බොරු වෙන්න ඇති….මාව අල්ලන්නේ...."


"උබට ශුවර්ද මම කියලා …..?


"මට මොකවත් මතක තිබුනේ නෑනේ…."


"ඉතිං.මොනවා වෙලාද නැති වෙලා තියෙන්නේ….


" දැන් අවුරුදු අටකටත් කිට්ටුයිනේ මම ඇවිල්ලා …"


"උබව හොයාගෙන ආවද…"


"කොහොමද උබ ඉන්න තැන හොයාගෙන තියෙන්නේ….?"


"උබ ඉස්සර වැඩ කරපු ඔෆිස් එකේම....තාමත් වැඩ කරන නිසා වෙන්න ඇති තැන හොයා ගන්න ඇත්තේ….


" දැන් අපි මොකද කරන්නේ…...?."


"මම එන සුමානේ ලංකාවට යනවා….ආයෙත් මසෙකින් එන්නේ…..."


"පුලුවන් නම් උබ ගිහින් බලපං….මම ලංකාවට ගිහින් ඇවිත් මොනව හරි කරන්න බලන්නම්….…."


"අනේ මන්දා මට හිතා ගන්නත් බෑ… පිස්සු හැදෙනවා.......පුදුමෙ කියන්නේ මෙච්චර කාලෙකට මම දැනගෙන හිටියෙ නැනේ….."


"මට ලොකු දෙයක් කරන්න බෑ…....සලිලි ටිකක් දෙන්නම් එච්චරයි …උබ ශේප් කරලා දාපන් ලොකු උදව්වක්... …."


"මට හරි කේන්තියි..... මගේ නම දීලා කියලා දැනගත්තහම…...බොරුද දන්නෙත් නෑ…මගේ ඔලුවත් නරක් උනා….මොනව කරන්නද කියලා හිතාගන්න බෑ…..මේ කොහේ ගිය මරාලයකද මේ කඩා වැටුනේ….යන්තම් පිලිවෙලක් වේගෙන ආවා විතරයි …."


"උබ පොඩ්ඩක් ගිහින් බලපං සුදේශ් ....මම ලංකාවට ගිහින් ඇවිත් මොනව හරි කරන්නම්…...."


"එහෙනම් මම තියන්නමි….තැන්ක්‍යු මචං ... පනිවිඩය කිව්වට….. අපි හම්බවෙමු...මාසෙකින් විතර....මොනවා හරි අලුත් ආරංචියක් තිබුනොත් මගේ හෑන්ඩ් ෆෝන් එකට කෝල් කරපං....".


ටෙලිෆෝනයේ කතා බහ ඉවරකර විකුම් හිටි තැනම පුටුවේ වාඩි වී ඔලුව පහත්කර, අත් දෙකින්ම ඔලුව බදාගෙන හිටියේ ලොකු බයකින් හා කළකිරීමකින් යැයි මට සිතේ...….. මම කොහොමද ඔහු එලෙස සිටියදි අහක බලාගෙන සිටින්නේ. ... .


"ඇයි විකුම් ප්‍රශ්නයක්ද… මොකද....ඇයි මේ…...?


මම ඔහු ලගට විත්..... ඔහුගේ ඔලුවට අත තියාගෙන, හෙමිහිට එය අතගාන ගමන් ඇසුවේ ඔහු ගැන ඇතිවුන දුකෙනි…..විකුම් කිසිත් නොකියා හිටි විදිහටම ඉන්නා විට මට ඇති වුනේ තව තවත් බයකි…... විකුම් පහුගිය කාලයේ ඉංග්ලන්ඩ් වල සිටියෙදි... කල වැරැද්දක් මතු වී ඇති ආකාරයක්.... මට ඔහු සුදේශ් සමග කතා බහ කල ආකාරයෙන් වැටහිනි.....


" එන්න … ඉස්සෙල්ලා අපි කමු .....පස්සෙ කතා කරන්න බැරියෑ….ඔයාට බඩගිනි ඇතිනේ…."


"මට බඩගිනි නෑ….සාරදා ඔයා කාලා අස්කරන්න....."


"පිස්සුද...ඉන්න මම ඔයාට බත් ටිකක් කවන්නම්….දවසෙම මහන්සි වෙලා ඇවිත් බඩගින්නේ කොහොමද නිදා ගන්නේ…."


විකුම්, කුස්සියට යන්න හැරුනු මගේ අතින් අල්ලා නවත්වා මාව ඔහුගෙ ලගට ගෙන මගේ ඉනවටා අත දා මගේ පපුව උඩින් ඔලුව තියාගත්තේ බාගෙට අඩමින්‍ය.....


ඔහු අඩනවා දැක මගේ හිත කඩන් වැටුනි….. මම ඔහුගේ හිස අත්දෙකින්ම අල්ලාගෙන අතගාන ගමන් කතා කලෙමි.


"ඉතිං කියන්න ….මොකක්ද වෙලා තියෙන්නෙ කියලා .....ඔයා ලංඩන් වල ඉන්න කොට උන හැම දෙයක්ම මට කිව්වනේ….මට නොකියපු දෙයක්ද දැන් ඔය සුදේශ් කිව්වෙ.. ….


"ඔව්...මමවත් දැනගෙන හිටිය නැති දෙයක් …."


"ඒ කිව්වේ….."


"මම ඩ්‍රරග්ස් ගත්ත දවස් වල වෙච්ච දෙයක්...…."


"ඉතිං මට කියන්න …..මොකක්ද කියලා ….


"මට බයයි...ඔයා මාත් එක්ක තරහ වෙයි කියලා …."


විකුම් මාව තදින් බදාගෙන ඉන්නේ මම ඔහුව දාලා යයි කියා බයෙන් වගේ…..


"පිස්සු නැතුව කියන්න ...."


"මම කොහොමද ඔයාට ඒවා කියන්නේ….සාරදා ....."


"හරි හරි….අපි දෙන්නට උන හැම දෙයක්ම මම දන්නවානේ….මම ඔයාට හැම දේකටම සමාව දුන්නනේ…. මේ ළමයි දෙන්නා ගැන හිතලා….ඉතිං මේකත් කියන්න ...මට හිත හදාගන්න පුලුවන් ….මට දැන් ඕන දුකක් ඉවසගන්න පුලුවන් තැනක ඉන්නේ විකුම් ….ඉතිං අඩන්නේ නැතුව කියන්නකෝ…..ලමයි නිදිය ගන්න ගියා…..අපි ඉස්සෙල්ලා කමුද...පස්සෙ ඔයා මට කියන්නකෝ….


"මට කන්න බෑ….මං ගැන වැරදි විදිහට හිතන්න එපා….සාරදා ....මම ලංඩන් ඉදන් ඇවිත් ඔයාට කිව්ව හැම දෙයක්ම ඇත්ත නෙමේ…..මම හැමදාම හිටියෙ...ඔයාට බොරු කිව්ව එකගැන දුකෙන්…."


"ලංඩන් ඉන්න කාලේ මගේ අතින් උන දේවල් වලට.... ඔයා මට සමාව දුන්නට පස්සෙ ...මම ලංකාවට ආයෙත් ආවට පස්සෙ….. ඔයාට කවදාවත්... පුංචි වත් වැරැද්දක් කලේ නෑ සාරදා ......මගේ පරන දේවල් තාමත් මාව රිද්දනවා….ඔයා වගේ හොද වයිෆ් කෙනෙක් හම්බවෙලත්,...... මම නරක වැඩ කරා…එහේ ඉන්න කාලේ…..මට සමාවෙන්න සාරදා … විකුමගේ දෑසින් එන කදුලු වලින් ,මගේ ඇදන් ඉන්න ගවුමේ ඉන තෙත්වේ….මට ඔහු ගැන දුකක් වගේම ඇති වුනේ ලොකු බයකි….. මගේ පපුව ගැහෙන්න පටන් ගෙන ඇත. ජීවිතේ මුල්ම වරට මම ,විකුම් අඩනවා දැක්කේ අදයි..….


"හරි...ඔයා ලංකාවට ඇවිත් කියපු හැම දෙයක්ම මම ඇත්ත කියලා විශ්වාස කරේ නෑ…..ඔයා ඕනතරම් මට තව දේවල් හංගන්න ඇති කියලා මම දැනගෙන හිටියා….හැබැයි ඔයා ලංකාවට ආවට පස්සෙ …..අද වෙනකම් මට හොර බොරුවක් නොකර මට හොද හස්බන්ඩ් කෙනෙක් වගේම…. දුවයි පුතාටයි හොද තාත්තා කෙනෙක් වගේ හිටිය නිසා…...., ඔයාගෙ අතින් උන ඉස්සර වැරදි වලට මට සමාව දෙන්න පුලුවන් විකුම් .....…"


"ඉතිං කියන්න ….මිනිස්සු අතින්නේ වැරදි සිද්ද වෙන්නේ….ඒවා තේරුම් ගෙන හොද කෙනක් වෙන්න උවමනාව තියෙන කෙනාට සමාව දෙන්න පුලුවන් වෙන්න ඕනේ…...ඕන දෙයක් මට කියන්න . මම හිත හදාගෙන ඉන්නේ….. මට හිතුනා…..ඔයා මට කිව්වෙ නැති උනාට…..තව දේවල් සිද්දවෙන්න ඇති කියලා …


-හෙට හමුවෙමු-


*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page