
Finger lime (ඇඟිලි දෙහි )
- Prisila Godahewa

- Apr 6, 2021
- 2 min read
ඕස්ට්‍රේලියාවේ ඇති දෙහි වර්ග වලින්, Finger lime නැතහොත් ඇඟිලි දෙහි Citrus australasica යනුවෙන් හැදින්වේ. මේවා ආහාරයට ගතහැකි පැඟිරි පලතුරක්ද වේ.
ඔස්ට්‍රේලියාවේ ගිණිකොණදිග ක්වීන්ස්ලන්තයේ හා නිව් සවුත් වේල්ස්හි වෙරළබඩ දේශසීමා කලාප වලත්, පහත් බිම් සහිත උපනිවර්තන වැසි වනාන්තර වලත් මේ කටු පඳුරු ලෙස වැවෙනා ඇඟිලි දෙහි ගස් ,කුඩා ගස් වර්ගයකි. ඇඟිලි දෙහි ගස් මීටර් 10 ක් දක්වා උසටද වැවේ. කොළ, කහ, රතු, දම් හා කළු පාට වර්ග වලින් සමන්විත ඇඟිලි දෙහි වල ඝනකම් පොත්තක් ඇත.
ඇඟිලි දෙහි ස්වභාවිකව වැඩෙන ගස් වර්ගයක් වන අතර මෙවා බොහෝ කාලයක සිට මෙම කලාපවල ජීවත්වන ආදිවාසී ප්රජාවන්ගේ සාම්ප්‍රදායික ආහාර වලින් එකක් ලෙස හැදින්විය හැක.
පසුගිය කාලවල ගොවිතැන සඳහා හා ජනාවාස ඉදිකිරීම් සදහා ඉඩම් එළිපෙහෙළි කිරීම හේතුවෙන් මෙම දුර්ලභ පලතුරු ගස් වැඩි ප්‍රමාණයක් විනාශ වි ගොස් ඇත. නමුත් පුද්ගලික භූමි වල සහ ජාතික වනෝද්‍යානවල උප නිවර්තන වැසි වනාන්තර වල හා හුදකලා වූ ප්‍රදේශ වල තවමත් ඇඟිලි දෙහි ගස් ඉතිරිව පවති.
දෙහි ගෙඩියට සමාන අම්ල යුෂ මෙම "ඇඟිලි දෙහි" වල අඩංගු වන අතර ප්‍රසිද්ධ සූපවේදීන් විසින් අනෙක් දෙහි වලට වඩා මේවා 'උසස්' ලෙස ශ්‍රේණිගත කර ඇත. හේතුව ඇගිලි දෙහිවල ඇතුලත ඇති රේනු පොඩි බෝල ආකාරයට ගෙඩිය තුල නිර්මාණය වී ඇති හෙයින්, ඒවා නිර්මාණාත්මක සැරසිලි, හා සළාද වලට උඩින් ඉසිය හැකි පුංච් ජෙලි බෝල ආකාරයක් පෙන්නුම් කිරිම, ඒවා විවිධ පාට වලින් සමන්විත වීම එයට හේතු වේ. තවද මේවා චට්නි, ජෑම්, මාමලෙඩ්, රසවත් සෝස් සහ නැවුම් බීම වර්ග සදහා භාවිතා වේ. සූපශාස්ත්‍ර භාවිතය සඳහා මෙම ඇඟිලි දෙහි වලට විශාල ඉල්ලුමක් ඇත. එම පලතුරු වල රස විනාශ නොවී ශීත කළ හැකි වීමද විශේෂ වේ.
ආකර්ශනීය වර්ණය පැඟිරි සුවඳ "ඇඟිලි දෙහි" ජනප්‍රිය කරවයි. එහි රසය නිසා මුහුදු ආහාර සහ අතුරුපසවලට අවන්හල්වල භාවිතා වන අතර ආසියානු ආහාර සමග යුගලනය කර හෝ සලාද වලට එකතු කිරීමට පාවිච්චි කල හැක.
හැක.
එබැවින් දැන් ඔස්ට්‍රේලියාවේ "ඇඟිලි දෙහි " වාණිජ භෝගයක් ලෙස සංවර්ධනය කරමින් වගා කරනා බෝගයක් වී ඇත.
මේ ඇඟ්ලි දෙහි වල රේනු එළියට ලබා ගැනිමේදී... එක කොනක් පිහියෙන් කපා, ඇගිලි දෙකෙන් රවුමට මිරිකමින්,කරකවමින් දෙහි රේනු බෝල ආකාරයට එළියට ගත හැක. ඒවා පුංචි ජෙලි බෝල නැතහොත් වීදුරු බෝල පෙනුමක් ගනු ඇති අතර අමුතු හොද පැඟිරි රසයක් ඇත .
*ප්‍රිසිලා ගොඩහේවා *


















Comments